Do you see What Prince Siddhartha Has Seen?
Dr. Most Venerable
Mirisse Dhammika Nayaka Thera
As usual, Prince Siddhartha was on his way to the park in his chauffeur driven
royal carriage. Suddenly, he saw an old, decrepit, person with an uncomfortable
walk. The wagon came to a halt by order of the Prince. He asked his chauffeur
“who is this”? “Your Royal Highness, he is an old man”. It precipitated some
deep thoughts in the mind of the Prince and he explored it further. He was told
that everyone gets old and suffering is inevitable unless death intervenes
untimely. The prince had never seen real human misery thus far. Siddhartha’s
curiosity was unending and he asked the chauffeur “tell me whether I am getting
old too”! The chauffeur answered “Sir, not only you but also your father, wife,
me and any one who is born in this world will become old. Then, suffering is
inevitable”.
Siddhartha began to think about the question of aging. This thinking enabled Him
to achieve the Buddhahood. Let us reflect on this further?
Now, let me explain how I think about it. I would go to a mirror and take a hard
look at myself. At the same moment, I draw a mental picture of my grandfather or
grandmother of the faces of my parents. In the course of a few decades, I look
similar to them, I also experience the pain and suffering that they experience.
Due to weakening sight, I am unable to see my foot steps and fall down. I am
unable to hold steadfast and fall down due to weakness in my limbs. When my
hearing is diminished, I have to ask things repeatedly. It makes others
impatient and angry. Then, I hear their angry remarks. Before long I will be
powerless and consumed by death. Again, I look at my face in the mirror, I am
young, I am young! However, I would never forget aging.
Let us think along these lines and respect the elderly. Let us share love,
tenderness and kindness with them. An elder may feel more joyous with just a
kind word than with a thousand dollars. When young sons and daughters leave home
after marriage, the parents experience loneliness, boredom and emptiness as they
get older. These feelings can be alleviated if the offspring take good care of
them. An extension of these thoughts of kindness to all those who are in their
golden years would make a tremendous difference in their worlds. The vesak ideal
is rich in such kind thoughts.
දැනුමෙන් එහා ගිය අවබෝධයට...
සම්මුති ‘මම’ සමඟ සිටිමින් පරමාර්ථ වශයෙන් ඒ මම අත්හැරීමට ඔබට දැනුමක් සහ විදර්ශනා
නුවණක් අවශ්‍ය ය.
එසේ විදර්ශනා නුවණින් ඇති කර ගන්නා වූ භාවිත සිතක් සකස් කර ගැනීමට නොහැක්කේ නම්
සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක වස්තූන් කෙරේ ඇලීමෙන් යුතුව ප්‍රිය බවට පත්වීමත් එමඟින්
බොහෝ සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දීමටත් සිදුවේ.
ප්‍රිය වස්තූන් කෙරේ ඇලීම හෙවත් රාගයෙන් අල්ලා ගැනීම යනු ආශ්‍රවයන්ගේ වැඩීමට
හේතුවකි. මෙහි ආශ්‍රව ලෙස සඳහන් කරනු ලැබූවේ තණ්හා, මද, මාන, දිට්ඨි නම් වූ
ප්‍රපඤ්චයන් ය. මේවා සතර අපාය ප්‍රධාන කොට ගත් භවය සෑදීමට මුල් වන්නෝය. මේ නිසා
සම්මුති “මම” නම් ස්කන්ධ පඤ්චකය ආශ්‍රව මුලුමනින් ම බැහැර කරගන්නා තෙක් පවත්වා
ගත්තත් “මම ය, මාගේ ය” නම් උපාදානයන්ගෙන් තොරව ම පවත්වා ගනී. එනමුත් අනිච්ච, දුක්ඛ,
අනත්ත නම් වූ තිලක්ඛණයට යටත් කොට දකින්නට සිත භාවිත කර ගැනීම නිසා ස්කන්ධ පඤ්චකය
මුල්කොටගෙන ආශ්‍රව වැඩීමට අවස්ථාවක් සලසා නො ගනී. සම්මුති පැවැත්ම පිණිස ඇස ආදී
ඉන්ද්‍රියයන් මුල් කොටගෙන රූපාදී අරමුණු පැවැත්වූවත් එම ඉන්ද්‍රයන් ද ආරම්මණයන් ද,
විඤ්ඤාණයන් ද, ස්පර්ශය ද, විඳීම් ද හේතු ප්‍රත්‍යයන්ගේ ක්‍රියාවලියක් මිස ස්ථිරව
පවත්නා වූ යමෙක් හෝ යමක් නො වන බවට අවබෝධයෙන් සිත වඩා ඇත. අශ්වාද, ආදීනව හා
නිස්සරණය (කෙලෙස් සහිතව ඇසුරු නො කිරීම) පිළිබඳ ව සතර සතිපට්ඨානයෙන් සිහිය
පැවැත්වීමට භාවිත සිත සමර්ථ ය.
මෙසේ භාවිත සිතක් නොමැතිව අවභාවිත සිතකින් ගන්නා වූ අරමුණු කෙරේ ඇලීම හෝ ගැටීම හෝ
සිදුවෙයි. යම් තැනෙක ඇලෙන්නේ ද එම ඇලුණු වස්තුවේ විපරිණාමය හෙවත් වෙනස් වීමේදී ශෝක
පරිදේව නම් වූ ගැටීම ඇතිවෙයි. “ප්‍රිය වස්තු සියයක් ඇත්තාට දුක හෙවත් ගැටීම් සියයක්
ඇත්තේය” යනුවෙන් වදාළේ මෙයයි.
ප්‍රිය ස්වභාවයෙන් උපාදානය කරගන්නා වූ අරමුණු වැඩි වූ විට ඇතිවෙන්නා වූ දුක්
ප්‍රමාණය ද වැඩිවෙයි. එසේනම් යම් අයකුට සම්මුතියෙහි ප්‍රිය වස්තු පැවතුණත් පරමාර්ථ
වශයෙන් ඇති කරගන්නා වූ අවබෝධය ඔස්සේ එම ප්‍රිය වස්තු හේතුකොටගෙන අභිජ්ඣා දෝමනස්ස
(දැඩි ඇලීම් ගැටීම්) සංසිඳවීමට හැක්කේ නම් එය පරමාර්ථ වශයෙන් ප්‍රිය වස්තු නැත්තෙක්
ලෙස සැලකේ. එවිට ඔහුට හෝ ඇයට හෝ දුක් දොම්නස් ද නැත්තේ ය.
මෙම පරමාර්ථ ධර්ම අවබෝධය පිණිස සමථ, විපස්සනා දියුණුව ඇතිකර ගැනීමට යෝජනා කරමින්
එසේ සිතෙහි භාවිත බවක් නො මැති පෘථග්ජන ලෝකයාට දෙසු දහම් පෙළක මෙසේ සඳහන් කරන්නේ
අභාවිත සිත් ඇත්තන්ට උරුම වන සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස පිළිබඳ සිහි කැඳවීමක්
සිදුකිරීමට ය.
“මා පියේහි සමාගඤ්ජි
අප්පියේහි කුදාචනං
පියානං අදස්සනං දුක්ඛං
අප්පියානං ච දස්සනං”
“ප්‍රියයන් හා එක් නොවන්න. අප්‍රියයන් හා කිසිසේත් ම එක් නො වන්න. ප්‍රියයන්ගේ
නොදැක්ම දුකකි. එසේ ම අප්‍රියන්ගේ දැකීම ද දුකකි.
තස්මා ප්‍රියං න කයිරාථ
පියාපායෝහි පාපතො
ගන්ථා තේසං නවිජ්ජති
යේසං නත්ථි පියාප්පියං “
“ඒ නිසා කිසිවකු හෝ කිසිවක් හෝ ප්‍රිය කොට නො සිතන්න. ප්‍රිය විප්පයෝගය තද දුකකි.
යම් කෙනකුන් හට ප්‍රිය බවක් හෝ අප්‍රිය බවක් හෝ නැත්තේ නම් ඔවුන්ට කෙලෙස් ගැට ද
නැත්තාහ.”
“සබ්බේහි මෙ පියේහි මනාපේහි නා නා භාවෝ විනාභාවෝති” සියලු ප්‍රිය මනා වස්තූන්ගේ
වෙනස්වීම සහ විනාශභාවයට පත්වීම ලෝක ස්වභාවය යි.
සම්මුතියෙහි යමෙක් හෝ යමක් කෙරේ කායික වාචසික සංවරයෙන් යුතු සීලයෙන් යුතුව
ප්‍රියභාවය පැවැත්වූව ද පරමාර්ථ ලෙස සිත පුරුදු කරමින් කිසිවෙක් හෝ කිසිවක් කෙරේ
උපාදානයන් නොකර ගන්න. එනම් සිතින් දැඩිව නො ගන්න. මෙයින් සිව්සස් දහම් අවබෝධය පිණිස
ද මාර්ගය සැලසෙන්නේ ය. |