[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික පෙරහර

අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික පෙරහර

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික දස පාරමිතා පෙරහර මාර්තු 2 වැනිදා (පෝදා) සවස පැවැත්වේ.

මෙවර එම පෙරහර පවත්වනුයේ 36 වන වරටය. අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානය සහ චන්ද්‍රලේඛා මාවතේ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ පාර්ශ්වයේ අනුනායක බොරැල්ලේ අතුල අනුනාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ඇරැඹුණු දස පාරමිතා පෙරහර කොළඹ සල්පිටි හේවාගම් රයිගම් කෝරළත්‍රයේ ද්විතීය සංඝනායක බෝගහවැව රතන නාහිමියන්ගේ සංවිධායකත්වයෙන් සිදු කෙරේ. 1991 දී මල් පෙරහරකින් ආරම්භ වූ එම පෙරහර උඩරට, පහතරට, සබරගමු නර්තනයන්ගෙන්ද, අලි ඇතුන්ගෙන් ද අලංකාර වේ. විහාරස්ථ බෞද්ධ සමිති සමාගම් සහ සැදැහැවතුන්ගේ අනුග්‍රහයෙන් පෙරහර කටයුතු පැවැත්වේ.

මැදින් පුර පසළොස්වක

මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න්
පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]