[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බරණැස ඉසිපතන මිගදායේ මූලගන්ධිකුටි මහා විහාරයීය
බුද්ධ ප්‍රතිමා වහන්සේ

ඉල් අමාවක

 නොවැම්බර් 30 සෙනසුරාදා පූ.භා. 10.29 අමාවක ලබා දෙසැම්බර් 01 ඉරිදා
පූ.භා 11.50 ගෙවේ.
30 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 30

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

 

බව දුක දුරු කිරීමේ ප්‍රතිපදාවට පිවිසෙමු

සියල්ල දුක් සහගත බව ඇසූ අප හිතවතකු දුක නැති කිරීමට ය කියා පැවිදි විය. ධර්ම දේශනාවක් මඟින් අසා දැනගත් පරිදි පැවිදිවීමෙන් දුක් නැති කළ හැකි යැ’යි දැනගත් ඔහු එම කියමනෙහි තේරුම නොවිමසා ම, එම ප්‍රකාශයෙහි වචනාර්ථය පරිදි, දුක නැති කිරීමේ අරමුණ ඇතිව පැවිදිවිය. ආරණ්‍යයෙහි ගතකළ කාලය තම ජීවිතයේ මුහුණ පෑ කටුක ම කාලය ලෙස හැඳින්වූ ඔහු, පසුව සිවුරු හැර දමා ගිහි බවට පත්වී, සැමට දෝෂාරෝපණය කළේය. පැවිදි වීමෙන් සිදුවන්නේ තිබෙන දුක වැඩිවීම බව ද ප්‍රකාශ කළ ඔහු බුදුදහමේ ඉගැන්වීම්වලට ද වෛර කරමින් සිටියමුත් කල්‍යාණ මිත්‍ර භික්ෂූන් වහන්සේ සහ ගිහි පිරිසකගේ කාරුණික මඟ පෙන්වීමෙන් සුගති මඟට පත්විය. ඉහත සඳහන් කර ඇත්තේ එක පුද්ගලයකු පිළිබඳ පමණි. ඔහු මෙන් ම, බොහෝ දෙනකුට ඇති වැරැදි වැටහීමක් වන්නේ පැවිදිවීම ම දුක් නැති කිරීම බවයි. බොහෝ ගිහි උපාසක පිරිස් පැවිදි දිවියෙහි සරල බවට කැමැති වෙති. භික්ෂූන් වහන්සේ නමකගේ සන්සුන් ඉරියව්, සරල දිවි පැවැත්ම දකින ඔවුනට ද පැවිදිවීමට කැමැත්තක් උපදී. නොයෙක් වගකීම්, කටයුතු බහුල තමන් මෙන් නොව උන්වහන්සේ කිසිදු දුකක් නොමැති ව වෙසෙති’යි සිතති. දුකක් නොමැති ව වාසය කිරීම සාමාන්‍ය අප තේරුම් ගන්නේ ‘සැප සේ විසීම ලෙසයි. ගිහි අප බලාපොරොත්තු වන සැපය වන්නේ අඩු මහන්සියකින්, ධනය වියදම් කිරීමකින් තොරව අපගේ පැවැත්මට අවශ්‍ය සියලු දෑ සහ අප ආශා කරන සියලු දෑ සපයා ගැනීමට හැකිවීමයි. නමුත් ධර්මයේ විස්තර කෙරෙන සැපය අනෙකකි. එනම් නො ඇලීමේ සැපය යි. භික්ෂූන් වහන්සේ නමකට සැපයක් ඇතැයි ඔබ සිතන්නේ නම්, එය නොඇලීමේ සැපය හෙවත් නිරාමිස සැපය මිස, ගිහි අප බලාපොරොත්තු වන “සියල්ල දෙපාමුලට ගෙනදීමේ සැපත” නොවේ. එම නිරාමිස සැපත හැරුණුකොට, උන්වහන්සේගේ ප්‍රතිපත්ති දුක් සහිත ය. එනම්, උන්වහන්සේ නිවන් අවබෝධ කර ගැනීම පිණිස පුරන පිළිවෙත දුෂ්කර ය.

ක්‍රෝධ සිතිවිලි නිවැරැදි ව හඳුනාගනිමු

සමාජගත ජීවිතයේ එදිනෙදා කටයුතු කරන අතරවාරයේ දී අපට නොයෙක් බාධක කම්කටොළු ඇති වේ. එම බාධක කායික පීඩා හා මානසික පීඩා ලෙස වෙන් කර ගත හැකි ය. කායික පීඩාවන්ට වඩා මානසික පීඩා පීඩාකාරි වේ. මනසින් නිරවුල් ව සිටීමෙන් කායික පීඩාවන් වළක්වාලීමටත්, එම පීඩාවන්ට නිවැරැදි ව මුහුණ දීමටත් හැකි වේ. මානසික ව අප නිරවුල් ව විසීමට අපේක්ෂා කරන්නේ නම් මනසේ ඇතිවන ක්‍රෝධය නැසිය යුතු බව බුදුරජාණන් වහන්සේගේ උපදේශය යි. දිනක් බුදුරජාණන් වහන්සේ ගෙපිළිවෙලින් පිණ්ඩපාතයේ වැඩම කරමින් භාරද්වාජ ග්‍රෝත්‍රයට නෑකම් කියන බමුණකුගේ නිවසට පැමිණ වදාළ සේක. එම අවස්ථාවේ බමුණා ආහර ගනිමින් සිටියේ ය. ඔහුගේ බිරිඳ ධනඤ්ජානී නම් විය. ඇය බුද්ධ, ධම්ම, සංඝ (තෙරුවන) සරණ ගිය බොහෝ ශ්‍රද්ධා ඇත්තියකි. බුදුරජාණන් වහන්සේ දුටු විගස බමුණාට ආහාර බෙදීම නතර කොට ඇය ‘ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! යැයි තෙවරක් කීවා ය. මෙය ඇසුණු බමුණා ක්‍රෝධයෙන් ඇයට බැණ බුදුරජාණන් වහන්සේ සමඟ වාද කරන්නට සූදානම් විය. එහෙත් බැමිණිය පැවසුයේ බුදුරජාණන් වහන්සේ හා විවාද කරන්නට දෙවියකු හෝ, මාරයකු හෝ, බ්‍රාහ්මණයකු හෝ, මහණ බමුණකු හෝ, මිනිසකු හෝ නොමැති බවයි. එහෙත් බමුණා නො පැකිළව බුදුරජාණන් වහන්සේ වෙත එළෙඹ ප්‍රශ්න අසා වාද කරන්නෙමි’ සිතා ප්‍රශ්න ඇසීය. එම ඇසූ ප්‍රශ්න සංයුක්ත නිකායේ සගාථ වග්ගයේ බ්‍රාහ්මණ සංයුක්තයේ ධනඤ්ජානී සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේ ය. භාග්‍යවතුන් වහන්ස, කුමක් නසා සුව සේ වාසය කෙරෙයි ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? මෙසේ බුදුරජාණන් වහන්සේ අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඇසූ පැනයට උන්වහන්සේ ඉතා පහසුවෙන් පිළිතුරු ලබා දී ඇත්තේ මෙසේ ය. භාග්‍යවතුන් වහන්ස, කුමක් නසා සුව සේ වාසය කෙරෙයි ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? මෙසේ බුදුරජාණන් වහන්සේ අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඇසූ පැනයට උන්වහන්සේ ඉතා පහසුවෙන් පිළිතුරු ලබා දී ඇත්තේ මෙසේ ය. ක්‍රෝධය අත්හැර සුව සේ වාසය කරයි. ක්‍රෝධය අත්හැර ශෝක නො කෙරෙයි. විෂ සහිත වූ, දුක් ගෙන දෙන්නා වූ, ක්‍රෝධය නැසීම උතුමන් වහන්සේ විසින් ප්‍රශංසා කෙරෙයි. එබඳු ක්‍රෝධය නැසීමෙන් ශෝක නොවන්නේය.

බෞද්ධ බලය සංඝ බලයයි

බුදුරජාණන් වහන්සේ තනිව සලකන විට “පුද්ගලයකු” බවත් “සංඝ” සමාජය ගන්නා විට ඊට වඩා විස්තෘත පොදු ආයතනයක් බවත් බුදුරජාණන් වහන්සේම දක්ඛිණා විභංග සූත්‍රයේ වදාරා ඇත. මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේට පුද්ගලික ව පිදූ, තමන් අතින් ම වියාගෙන ආ නව වස්ත්‍රය වැඩි ආනිසංස සලකා සංඝයාට පුදන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළහ. එය පෞද්ගලික ව පිළිගන්නා ලෙස නොයෙක් කරුණු ඉදිරිපත් කරමින් අනඳ තෙරුන් ඇවිටිලි කරද්දී බුදුන් වදාළේ “නතේවාවාහං ආනන්ද කෙනවි පරියායෙන සංඝගතාය දක්ඛිණා පාටිපුග්ගලිකං දානං මහප්ඵලතරං වදාමි” අනඳ කිසිම ක්‍රමයකින් පෞද්ගලික ව දීම සාංඝික ව දෙන දීමක් තරම් වැඩි අනිසංසදායක නොවන බව කියමි යි සාංඝිකව සංඝයාට දුන්විට බුදුරදුන්ටත් දුන්නා යනුවෙන් වැඩිදුරටත් උන්වහන්සේ වදාළහ. සංඝරත්නයේ චිරස්ථිතිය හා පහසු විහරණයත්, මනා පාලනයත් සඳහා විශේෂ ධර්ම කොට්ඨාසයක් “විනය” නමින් දෙසූ බුදුරජාණන් වහන්සේ “සමණුද්දෙස සමණ - උද්දෙස- මහණකමේ ආරම්භක) යන නමින් සාමණේර කොටස ඇති කළහ. සාමණේරයෝ ද සංඝරත්නයට ඇතුළත්ය. ඊට පිළිපන් හෙයිනි. (අභෙදොපචාර වශයෙනි) “සඟින් ඉල්ලා” දානයක් දීමේ දී සාමණේර නමක් යවා එය පිළිගත්තත් සංඝික වන බව ධර්මයේ සඳහන් ය. සිල්වත් උපාසකයකු යැවීමෙන් එසේ නොවේ. එහෙයින් සාමණේරයන් වහන්සේලාට ද සංඝ රත්නයෙහි තැනක් දී ඇති බව දහම අනුව සැලකිය යුත්තේ ය. බුද්ධ ශාසනයෙහි සිව්වනක් පිරිස අතර “භික්ෂුව“ ප්‍රධාන ය. පුද්ගලික ව වුව ද, භික්ෂුවට කවර හෝ ගිහියකුට වඩා එක්තරා බලයක් තිබෙන බව ප්‍රත්‍යක්ෂ ය. “සංඝ” වශයෙන් එන විට එහි බලය සීමාතික්‍රාන්ත ය. සංඝාඥාවට සියලුම භික්ෂුහු පෞද්ගලික ව යටත් ය. මහමෙවුනා උයනෙහි සංඝ උපෝසථාගාරය කැප කරද්දී, සංඝගත කරද්දී මහපොළොව කම්පා වූ බව ඉතිහාසගත ය. සංඝභේදය කිරීම භික්ෂුවට පංචානන්තරීය කර්මයෙන් එකකි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]