ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඉල් අමාවක පෝදා 2024 නොවැම්බර් 30 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අප ශාන්ති නායක බුදුපියාණන් වහන්සේ මුළු ලොවට දහම් දේශනා කළේ ලෝ වැසියන්ගේ විමුක්තිය සඳහා ය. හිත මුල් කර ගෙන ඇතිවන ඕනෑම ලෙඩකට ප්‍රත්‍යක්ෂ වශයෙන් ම බෙහෙත් කළ වෛද්‍යවරයෙක් ලෙස බුදුපියාණන් වහන්සේට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. එම නිසා ම උන්වහන්සේ වෛද්‍යවරයකු ලෙස ද හැඳින්විය හැකි ය.
මෙම වෛද්‍යවරයා දුප්පත්, පොහොසත් කිසිම භේදයක් නො සලකා සියලු දෙනාට ම සැලකුවේ එකසේ ය. මේ කිසිම දෙයකින් මහජන ප්‍රසාදයක් හෝ ගරුනම්බු නාමයක් බලාපොරොත්තු වූයේ නැත.
පෙර දඹදිව නානා සමයාන්තරවලින් පිරී තිබුණු සමයක බුදුරජාණන් වහන්සේගේ පහළවීම, උග්‍ර දහම් පිපාසයෙන් පිපාසිත ව සිටි ජනතාවට බුදුදහම දිව ඔසුවක් විය. ඒවගේ ම සිතීමේ නිදහස ආදී ගුණයට මුල්තැන දුන් දහමක් උන්වහන්සේ ලෝකයා හමුවේ දේශනා කළහ. ඇත්ත වශයෙන් ම ශ්‍රී සද්ධර්මය මිනිසුන්ගේ දූෂිත සිත්සතන් සුමඟට යොමු කරවා ගැනීමට සමත් දිව ඔසුවක් ද වේ. අසහනකාරීත්වයෙන් මිදී සැපදායක ජීවිතයක් උදාකර ගැනීමට බුදුදහම තරම් දිව ඔසුවක් මේ මිහිපිට තවත් නැති තරම් ය.
- එල්.එච්. රංජිත් වික්‍රමරත්න
නොවැම්බර් 30 සෙනසුරාදා පූ.භා. 10.29 අමාවක ලබා දෙසැම්බර් 01 ඉරිදා පූ.භා 11.50 ගෙවේ. 30 සෙනසුරාදා සිල්
අමාවක
නොවැම්බර් 30
පුර අටවක
දෙසැම්බර් 08
පසළොස්වක
දෙසැම්බර් 14
අව අටවක
දෙසැම්බර් 22
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]