[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

තල්ගම්පල ශ්‍රී සුචරිතාරාම විහාරස්ථ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය

තල්ගම්පල ශ්‍රී සුචරිතාරාම විහාරස්ථ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය

තල්ගම්පල ශ්‍රී සුචරිතාරාම පුරාණ විහාරාධිපති ගාලු තල්පේපත්තුව ප්‍රධාන සංඝනායක දර්ශනපති දර්ශනශූරී මානවිල රතනසිරි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාවේ සංවිධානයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීම මෙම 30 වැනි දින පෙරවරුවේ සිදු කිරීමට නියමිත ය. කොත නිරාවරණය කිරීම නිමිති කොට 29 වැනි දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වා දහවල ශතාධික මහා සංඝරත්නය විෂයයෙහි සංඝගත දක්ෂිණාවක් සිදු කිරීමට නියමිත ය.

අපවත් වී වදාළ ආචාර්ය පෝරතොට රාහුල මාහිමියන්ගේ සහ ගාලු තල්පේ පත්තුව ප්‍රධාන සංඝනායක කැකුණේවෙල මේධානන්ද නාහිමියන්ගේ ද ශිෂ්‍ය රත්නයක් ලෙස දර්ශනශූරී මානවිල රතනසිරි නාහිමියන් වර්ෂ 1972 පැවිදිව වර්ෂ 1980 දී රාජ පූජිත මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලැබීය.

රතනසිරි නාහිමියන් වහන්සේ ගාල්ල කුඹල්වැල්ල ශ්‍රී රේවත විද්‍යායතන පිරිවෙණෙන් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඉන්දීය රජයේ ශිෂ්‍යත්වයක් ලබා දිල්ලි විශ්වවිද්‍යාලයට ඇතුළත්ව දර්ශනපති, දර්ශනශූරී උපාධිය හිමි කර ගත් රතනසිරි නා හිමියන් වහන්සේ නවදිල්ලියේ නාගර්ජුන බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කර විශාල සේවයක් එරට ජනතාවට සිදු කළහ.

ස්වකීය ගුරු දේව පෝරතොට රාහුල මාහිමියන් අපවත් වීමෙන් පසු විහාරාධිපති පදවියට පත්ව දර්ශනීය රමණීය විහාරස්ථානයක් බවට පත් කළ අතර තල්ගම්පල ධර්මෝදය දහම් පාසල තුළින් දරුවන්ට සුවිසල් මෙහෙවරක් සිදු කරනු ලබයි.

ප්‍රදේශයට සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ලබන තල්ගම්පල ශ්‍රී සුචරිතාරාමාධිපති ව වැඩ විසූ දෙනිවිටියේ ධර්මාලංකාර මා හිමි ආචාර්ය පෝරතොට රාහුල මා හිමි, කැකුණේවෙල මේධානන්ද නාහිමියන් වහන්සේගේ ගුණ සමරු පින්කම ද එදින සිදු කිරීමට නියමිත ය.

මානවිල රතනසිරි හිමියන්ගේ උදාර ලෝක ශාසනික මෙහෙවර අගය කළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් ගාලු තල්පේ පත්තුව ඇතුළු ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ගෞරව හරසර දක්වන ලදි.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 26 අඟහරුවාදා පූ.භා. 05.48 න් පුර පසළොස්වක ලබා 27 බදාදා පූ.භා. 06.05 න් ගෙවේ.
26 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]