[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ටෑං රාජ වංශයට නෑකම් කියන නිරිතදිග චීනයේ බෞද්ධ වෙහෙරබිම හුවායන් පන්සල

චීනයේ චොංචිං හි ජියුලොන්පෝ දිස්ත්‍රික්කයේ කන්ග්යුවාන්හි පිහිටි හුවායන් පන්සල දැකබලා ගැනීමට අවස්ථාවක් ලැබුණි. එය නිරිතදිග චීනයේ විශාලතම සෙන් වනාන්තර දහයෙන් එකක පිහිටා ඇති හොඳම පුරාණ විහාරස්ථාන දහයෙන් එකකි. විශාල හා තේජාන්විත විහාරස්ථානයකි. හුවායන් විහාරය ටෑං රාජ වංශයේ ඉදිකරන ලද්දකි. එය චොංචිං හි විශාලතම බෞද්ධ විහාරය වේ. විහාරයේ ඇතුළත හා පිටත ෆයින් හා උණ ගස්වලින් සශ්‍රීක වී ඇති අතර හුවායන් පන්සල සෙන් බුද්ධාගමට අයත් වේ. ලෙන් සහ උල්පත් ඇති නිසා වර්ෂා ජලය පර්වත ගල් ගුහා මුදුනේ සිට පහළට විසිරී මල් මෙන් හැඩැතිව වැටුණ බැවින් පැරැන්නන් එම ගුහාව “හුවායන්” ලෙස නම් කර ඇත. තවත් මතයක් වන්නේ මුල් ක්විං රාජ වංශයේ ෂෙන් කේ භික්ෂුව රාත්‍රියේ දී පංච වර්ණ නෙළුම් සිහින දුටු බවයි. එබැවින් මෙම ස්ථානය හුවායන් ලෙස හැඳීන්විණි. “හුවායන්”යන්නෙහි සරල තේරුම ‘දීප්තිමත් පර්වතය’, ‘ මල්මාලය ’ යන්නයි. හුවායන් මුලින් ම ගල් ගුහාවක් වූ අතර, පසුව පන්සලක් බවට පත්ව ඇත. මම මහායාන පන්සලක අත්දැකීමක් ලබා තිබුණේ නැත. අපි විහාරස්ථාන ප්‍රවේශයෙහි වූ රන් පිළිමය වඳීන්නට විහාර භූමියට ඇතුළු වුනෙමු. විහාරස්ථානයේ වඩාත්ම ගාම්භීර දෙය නම් එළිමහනේ ඇති එම රන් බුද්ධ ප්‍රතිමාවයි. චීනයේ පළමු එළිමහන් රන් බුද්ධ ප්‍රතිමාව එයයි.


උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 26 අඟහරුවාදා පූ.භා. 05.48 න් පුර පසළොස්වක ලබා 27 බදාදා පූ.භා. 06.05 න් ගෙවේ.
26 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]