[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

තලගුලු වෙහෙර ආරණ්‍ය සේනාසනය
ඡායාරූපය -  නිශ්ශංක විජේරත්න

පොසොන් පුර අටවක

මැයි 27 සෙනසුරාදා පූ.භා.
07.44 න් පුර අටවක ලබා 28 ඉරිදා පූ.භා. 09.57 න් ගෙවේ.
27 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ පළමු සඟ සමුළුව

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ පළමු සඟ සමුළුව ඔස්ට්‍රියාවේ වියානා නගරයේ දී පසුගියදා ඉතාම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. භික්ෂු සංගමය නියෝජනය කරනු ලබන ඉතාලිය, ජර්මනිය, ස්වීඩනය, ඩෙන්මාර්කය, ප්‍රංශය, ඔස්ට්‍රියාව, නෝර්වේ, සයිප්‍රසය, ස්විට්සර්ලන්තය, ග්‍රීසිය, එංගලන්තය යන රටවලින් මෙන්ම ජපානය, මැලේසියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය ආසියාතික රටවල වැඩසිටින ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ හැට නමකට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වී ඇත. භික්ෂූ සංගමයේ අභිනව සභාපති ධුරයට පත්ව ඇති වියානා ඤාණපෝණික බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඔස්ට්‍රියාවේ ප්‍රධාන සංඝනායක විජයරාජපුර සීලවංශ හිමිපාණන් වහන්සේගේ සත්කාරකත්වය යටතේ යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂූ සංගමයේ පළමු සඟ සමුළුව සංවිධානය කොට තිබිණි. ඔස්ට්‍රියානු රජයේ හා ඔස්ට්‍රියානු බෞද්ධ සංගමයේ විශේෂ අනුග්‍රහය ඇතිව සංවිධානය වූ මෙම සමුළුවේ මූලික අරමුණ වී ඇත්තේ යුරෝපීයයන් වෙත බුදුදහමේ පණිවිඩය රැගෙන යාම හා විදේශ ධර්මදූත සේවාව සඳහා ශ්‍රී ලාංකික තරුණ භික්ෂූන් වහන්සේ යොමු කරවීමටයි. ‍මෙම උත්සව අවස්ථාවේ දී මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ක්වාලාලම්පූර් සෙන්තූර් බෞද්ධ මධ්‍යස්ථානාධිපති බූටාවත්තේ සරණංකර නාහිමිපාණන් වහන්සේ " විදේශ රටවල ධර්ම ප්‍රචාරය කිරීමේදී ශ්‍රී ලාංකික භික්ෂූන්ගේ වගකීම" පිළිබඳ ප්‍රධාන දේශනය සිදුකර ඇත. එහිදී උන්වහන්සේ සිදුකළ දේශනය තුළ ප්‍රකාශ කොට ඇත්තේ ධර්ම දූත සේවයෙහි යෙදෙන භික්ෂූන් වහන්සේ ධර්ම ඤාණය මෙන් ම භාග්‍යවතුන් වහන්සේගේ දහම තුළ කතා කෙරෙන කරුණාව, දයාව වැනි මානව ගුණධර්මයන්ගෙන් සන්නද්ධ විය යුතු බවයි. එමෙන්ම උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් සිත්ගන්නා අයුරින් පැවැත්වීම තුළ අන් අයගේ ආකර්ෂණය නිතැතින් ම ලැබෙනු ඇති බවට ප්‍රකාශ කර ඇති නාහිමිපාණන් වහන්සේ තව දුරටත් සඳහන් කර ඇත්තේ බුදු දහමේ පදනම ප්‍රඥාව හා කරුණාව බවත්, ප්‍රඥාව මිනිස් මොළය ආමන්ත්‍රණය කරන අතර කරුණාව හදවතට ආමන්ත්‍රණය කරන බවයි.

ජීවිතයට නියත රැකවරණයක් ...

අද ලෝකයේ බොහෝ රට රාජ්‍යවල පරිපාලනමය හා මූල්‍යමය කටයුතු ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි ආකාර්යක්ෂමතාවන්ට හා බිඳ වැටීම්වලට හේතු වී ඇත්තේ එම ආයතනයන්හි අවංක චේතනාවෙන් කටයුතු කරන පුද්ගලයින් සීමා සහිත වීමයි. මෙසේ අවංකභාවය හෙවත් සෘජු ගුණය සමාජයේ කුඩාම ඒකකය වන පවුල් සංස්ථාව ද නිරවුල්ව හා සාමකාමී ව ගෙන යාමට ප්‍රධාන ආධාරකයක් වන්නේ ය. කරණීය මෙත්ත සූත්‍ර දේශනාව කළේ පෙරවස් සමාදන් වී භාවනායෝගීව වැඩ සිටි ස්වාමීන් වහන්සේට අමනුෂ්‍යයින්ගෙන් (රුක් දෙවිවරුන්) ඇති වූ අනේක හිරිහැර - බිය වැද්දවීම් නැති කර ගැනීම සඳහා ආරක්ෂාව ඇති කර ගැනීම පිණිස ය. මෛත්‍රී භාවනාව වැඩීම පිණිසත්, විදර්ශනාව පදනම් කර ගත් ධ්‍යානයන් උපදවා ගැනීම පිණිසත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරණීය මෙත්ත සූත්‍රයෙහි කායික මානසික සංවර්ධනයට ශ්‍රේෂ්ඨ පුද්ගලයකු තුළ තිබිය යුතු ගුණාංග 14ක් සඳහන් කරමින් එයින් උජූච ගුණය මුලටම දැක්වීමට හේතු විමසා බැලීම මෙම ලිපියේ පරමාර්ථයයි. සක්කෝ උජූ ච සූජූ ච - සුවචෝ චස්ස මුදු අනතිමානී - සන්තුස්සකෝ ච සුභරෝ ච - අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති - සන්තින්ද්‍රියෝ ච නිපකෝච - අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ - සක්කෝ ච අස්ස - දක්ෂයෙක් වන්නේ ය. ගිහි අයකු නම් ඡන්ද, ද්වේෂ, භය, මෝහ යන සතර අගතියට යාමෙන් වැළකී සාධාරණ නිවැරැදි තීන්දු තීරණ ගැනීමට උත්සාහවන්ත වීමට හැකියාවක් තිබිය යුතුයි. දක්ෂයකු විය යුතුයි. එසේම අකුසල කිරීමට අවස්ථාව තිබියදීත් ඉන් වැළකීමට දක්ෂ විය යුතුයි. දෙමාපියන්, වැඩිහිටියන් දොස් කියන විට එකට එක නොකියා නිශ්ශබ්දව සිටීමට ද තමාට හැකියාව තිබියදීත් පළි නො ගැනීම, අහිංසකයින්ට හිරිහැර නො කිරීම, ඕපා දූප කේලාම් කීමෙන් වැළකීමේ හැකියාව ද දක්ෂතාවකි. භික්ෂුවක් නම් තමාගේ පාත්‍රා, සිවුරු ආදිය සකස් කර ගැනීමෙහි ද, එක්ව බඹසර රකින අයගේ ලොකු කුඩා කටයුතු කිරීමෙහි ද, අලස නොවී දක්ෂයකු විය යුතු ය.

 

මහින්දාගමනයේ අසිරිය

ලක් දෙරණේ අභිමානයේ ඇරඹුම සනිටුහන් වන්නේ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ වැඩම වීමෙනි. මිහිඳු මාහිමි ලාංකේය ජනතාවට තථාගත ශ්‍රී සද්ධර්මය හඳුන්වා දීමෙන් පසු භූමිය සිසාරා ඒ උතුම් දහම මැනවින් ස්ථාපිත විය. එකල පැවැති විවිධ පුද සිරිත් චාරිත්‍ර වාරිත්‍රවලට බුදුදහමින් තදබල විවේචනයක් සිදුවූයේ නැත. මිහිඳු හිමි ලංකාවට වඩින සමයේ සිටි හෙළයෝ කෘෂිකාර්මික ජීවිතයක් ගතකළ පිරිසකි. පණ්ඩුකාභය සමය පිළිබඳ මහාවංශයේ දැක්වෙන විස්තරයෙන් ඔවුන් යක්ෂ, දේව විශ්වාස හා ගස් ගල් ඇදහූ බවට පැහැදිලි වේ. මිහිඳු මාහිමි අසල්වැසි විශාල රාජ්‍යයක බලසම්පන්න රජකු වූ අශෝක අධිරාජ්‍යයාගේ පුත්‍ර රත්නයක් විය. එය ලාංකිය ජනතාව විශේෂ පිළිගැනීමකට ද හේතුවිය. මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජු මුණගැසුණේ ක්‍රීඩා පිණිස සතුන් දඩයම් කරමින් සිටිය දී ය. මිහිඳු මාහිමියන් දුටු සැණින් බිම වැටුණු, දුණු,ඊතල, සත්ව හිංසනය සඳහා නැවතත් යොමු නොවුණි. මිනිසුන්ගේ දෛනික ජීවිතය සකසා ගැනීමට ද මිහිඳු මාහිමියන්ගේ වටිනා අර්ථවත් උපදෙස් ජනතාවට මාහැඟි දායාදයක් විය. තවද බුද්ධ ශ්‍රාවකයන්ගේ බ්‍රහ්මචාරි ජීවිතය ජනතාවට ආදර්ශයක් විය. ඈත අතීතයේ විවිධ ඇදහිලි හා යකුන් පිළිබඳ මතිමතාන්තර තිබුණු බවට මහාවංශය පෙන්වා දෙයි. මෙම තත්ත්වයට මහින්දාගමනයෙන් සුවිශේෂි ප්‍රතිසංස්කරණ යොමුවිය. නිදහස් නිවහල් චින්තනයට අවකාශ ලැබුණූ ආගම් අතර, අද්විතීය ස්ථානයක් බුදුදහමට හිමි වේ. චින්තනයෙන් පන්නරය ලැබූ ලාංකිකයා මෙලෙස ක්‍රියාත්මකවීම ඔවුනගේ චින්තනයේ ප්‍රගතියට හේතුවිය.

 

පොසොන්  පුර අටවක
පෝය දින

Budusarana e-paper

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]