[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 06.00-06.30 සීලසමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 08.00-09.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහ පණ්ඩිත, උපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00-10.00 ධර්ම දේශනාව දර්ශනපති කොබ්බෑවල මේධංකර හිමි, 10.00-11.00 ධම්ම පදයෙන් බිඳක් වත්තල වැලිකඩමුල්ල අභය විහාරාධිපති. කැළණියේ ශාසනවංශ හිමි, 11.00 -11.30 දිවා බුද්ධ පූජාව - ශ්‍රී ශාස්ත්‍රවේදී මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 02.00 - 03.00 වෛද්‍ය දේශනය,04.00 -05.00 පස්වරු ධර්ම දේශනාව දොඩම්පහළ රාහුල හිමි, 05.00 -06.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00 -07.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි .

****

යෝගියාන ශ්‍රී ධර්ම නිකේතනාරාමය

ලයනල් චාල්ස් ද පොන්සේකා පියාණන්ගේ 108 ජන්ම දිනය මේ මස 12 වැනි දිනට යෙදී ඇති බැවින් නිකිණි පෝදා මීගමුව, තිඹිරිගස්කටුව දොන් ඩේවිඩ් ජනපදයේ ශී‍්‍ර මහින්දාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති දැවමොට්ටාවේ මහින්ද හිමියන් විසින් දංකොටුව , යෝගියාන ශ්‍රී ධර්ම නිකේතනාරාම විහාරයේ දී පෙරවරු 08.00 සිට 09.30 දක්වා ධර්ම දේශනාවක් පැවත්වනු ලැබේ. ඊට සමගාමීව කැලුම් මහතා විසින් ධර්ම දානය පිණිස බුදුසරණ පුවත්පත් බෙදා දීම සිදු කෙරේ.

****

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

සීදූව - රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ විහාරාධිපති, සීදූවේ සුමනවංස නාහිමියන්ගේ මෙහෙයවීමෙන් හා අනුශාසනා පරිදි පෝදා පින්කම් පැවැත්වීමට කටයුතු සලසා ඇත.

අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රනීත කිරි ආහාර පාත්‍ර 32 ක් පූජා කිරීම, අලුයම 5.30 ට අෂ්ඨාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව සීදූවේ සුමනවංස නාහිමි, උදෑසන 6.00 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව පෙරවරු 7.45 සිට 8.45 දක්වා ධර්‍ම දේශනාව දේශකයාණන් වහන්සේ:- ගෞරව ශාස්ත්‍රවේදී මීවැල්ලාවේ පඤ්ඤාරංසි තිස්ස හිමි 9.45 සිට 11.15 දක්වා ධර්‍ම සාකච්ඡාව මහාචාර්ය අශෝක් ප්‍රියදර්ශන මහතා, ශාස්ත්‍රපති නීල් ධර්‍මප්‍රිය බණ්ඩාර මහතා, ධර්‍මාචාර්ය කේ. ඒ. එස්. ආර්. දයානන්ද මහතා, ධර්මාචාර්ය කේ.එම්.ආර්. කුමාරසිංහ මහතා, 11.00 ට ව්‍යාංජන, පලතුරු, කැවිලි වර්ග 32 ක් ඇතුළු ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා මුල්තැන් බුද්ධ පූජා පූජා කිරීම, පස්වරු 12.00 සිට 12.30 දක්වා සක්මන් භාවනාව 01.15 සිට 2.15 දක්වා කාව්‍යමය ධර්‍ම දේශනාව - ශාස්ත්‍රවේදී රන්වල සරණසිරි හිමි. 2.45 සිට 3.45 දක්වා ධර්‍ම දේශනාව - ශාස්ත්‍රපති ඇල්ලේ ඉන්ද්‍රජෝති හිමි, 4.00 සිට 5.00 දක්වා ධර්‍ම දේශනාව - ශාස්ත්‍රවේදී මාදූවේ කෝලිත හිමි ප: ව: 5.30 ට ආශිර්වාද අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා, බෝධි පූජා පින්කම සහ සැමට ආශිර්වාද කිරීම සඳහා පිරිත් සජ්ඣායනය

****

සංඝමිත්තාරාමය – තලවතුගොඩ

අලුයම 5.30 අටවිසි බුදුරජාණන් වහන්සේලා අසූ මහා ශ්‍රාවිකාවන් වහන්සේ උදෙසා පවත්වනු ලබන ප්‍රනීත ක්ෂීරපායාස පූජාව සහ බෝධි පූජාව,

පෙරවරු 06.00-07.00 සීල සමාදානය සහ සම්බුද්ධ පූජාව, 8.00 -9.00 ධර්ම දේශනය පුහුල්වැල්ලේ සාරද හිමි, 9.30 -10.30 ධර්ම දේශනය රදාවඩුන්නේ ඥානවිමල හිමි, 2.00 -3.00 ධර්ම දේශනය - බොරැල්ලේ අතුල හිමි, 3.00 -5.00 ධර්ම දේශනය - සෝමපුර සිරිසුධම්ම හිමි 6.00 අටවිසි බුදුරජාණන් වහන්සේ අසූ මහා ශ්‍රාවිකාවන් වහන්සේ උදෙසා පවත්වනු ලබන ප්‍රනීත ගිලන්පස පූජාව සහ බෝධි පූජාව, එදින සිල් පිරිස සඳහා බුදුසරණ පුවත්පත බෙදා දෙන්නේ විමල් පීරිස් මහතා විසිනි.

****

කොබවක ශී‍්‍ර සුමනාරාම විහාරය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මැල්ලේ සුමනරතන හිමි (කොබවක පොඩි හාමුදුරුවන්) පැවිදි වී වසර 41 ක් පිරීම නිමිත්තෙන් නිකිණි මස පුර පසළොස්වක පොහොය දා දවස පුරා කොබවක ශී‍්‍ර සුමනාරාම මහා විහාරයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ. පෙරවරු 08.30 ට ධර්ම දේශනාව - බෝතලේ ශ්‍රී ඤාණිස්සර නාහිමි, 10.00ට සදහම් වන්දනාව - ආඳලුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ, සවස 01.00ට ධර්ම දේශනාව - මොරපිටියේ ශ්‍රී ධම්මතිලක නාහිමි, පස්වරු 02.00ට භාවනාව - ශාස්ත්‍රපති වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ, සවස 03.30 ට ධර්ම දේශනාව - නවඳගල චන්ද්‍රසිරි නාහිමි, සවස 04.30ට කාව්‍යමය ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත නුගගොල්ලේ සෝමරතන හිමි. සවස 06.30ට, විශේෂ සුවඳ දුම් පූජාව සහිත ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා හා අටවිසි ගිලන්පස බුද්ධ පූජාව කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද ගෝවින්නේ සුබෝධි හිමි .

 

 

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 11.30 රූපවාහිනී පෝදා වැඩසටහන. පස්වරු 1.00 - 3.30 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව සියඹලාගොඩ ධම්මින්ද හිමි, පස්වරු 5.00 සිල් පවාරණය රාත්‍රී 7.00 ට බෝධි පූජා පින්කම.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන වස්සාන සදහම් දේශනා

සෑම ඉරිදාවකම රාත්‍රී 7.00 - 8.00 දක්වා අගෝ. 14 දියතලාවේ පියදස්සි හිමි, අගෝ. 21 සෝමපුර සිරි සුධම්ම හිමි, අගෝ 28 බොරලන්දේ වජිරඤාන හිමි, සැප් 4 තලල්ලේ චන්දකිත්ති හිමි, සැප්. 11 හසළක සීලවිමල හිමි, සැප්. 18 අගලකඩ සිරිසුමන හිමි, සැප්. 25 ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ඔක්. 02 ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි.

දුක් දොම්නස්වලින් පිරි කාලයක දහමින් සිත් සුවපත් කරගන්නට සියලු දෙනාට ආරාධනා.

****

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම

වැඩිහිටි සීල සමාදාන පෙ.ව. 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, පණ්ඩිත ලග්ගල අසම හිමි පෙ.ව. 08.00-09.00 භාවනාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය හක්මණ සුමනසිරි හිමිපාණේ පෙ.ව. 09.00-10.00 ධර්ම දේශනාව - මාලේවන ධම්මවිජය හිමි (පෙර අනගාරික ධර්මසේකර) පෙ.ව. 10.00-11.00 සූත්‍ර දේශනාව- රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි පෙ.ව. 11.00-11.15 බුද්ධ පූජාව - දඹුලුවන සෝභිත හිමි, පූජ්‍ය බුත්තල ධම්මකුසල හිමි.

පෙ.ව. 11.15-12.15 දහවල් දානයට විවේකය ප.ව. 12.15-12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව ප.ව. 12.20-01.00 පිරිත් හා තෙරුවන් ගුණ- නාගිත හිමි, තලංගල්ලේ ධම්මරතන හිමි. ප.ව. 01.00-02.00 ධර්ම සාකච්ඡාව - ත්‍රිපිටකාචාර්ය වේරදූවේ මහින්ද හිමි. ප.ව. 02.00-03.00 ධර්ම දේශනය - උඩහමුල්ල පඤ්ඤෝධාරාම වාසී ශාස්ත්‍රපති වල්ගම සුමන හිමි. ප.ව. 03.00-03.45

ධර්ම දේශනාව- බොරලැස්ගමුව නාගරුක්ඛාරාමාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත පගුරේ නන්දාරාම නාහිමි. ප.ව. 03.45-04.00 ගිලන්පස විවේකය ප.ව. 04.00-05.00

ධර්ම දේශනාව - රත්මලාන මල්ලිකාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර හිමි. ප.ව. 05.00-06.00 ධම්ම පදය- ශාස්ත්‍රපති පණ්ඩිත වතුරගම ධම්මජීව හිමිපාණෝ. ප.ව. 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි

****

වාද්දුව ශ්‍රී දළදාවත්ත පුරාණ මහා විහාරය

වාද්දුව තල්පිටියේ ශ්‍රී දළදාවත්ත පුරාණ මහා විහාරයේ 89 වන ශ්‍රී දළදා පූජෝත්සවය මේ මස 16 වැනි දින රාත්‍රී 9.00 පවත්වනු ලබන අතර, මහා පිරිත් දේශනයෙන් එය ආරම්භ වේ. 17 වැනි දින රාත්‍රී තිස් පැය තුනේ පිරිත් දේශනය 18 අලුයමින් අවසන් වේ. 18 වැනි දින තෙසැත්තෑ ඤාණ පූජා පින්කම පවත්වන අතර 19 දින රාත්‍රී 7.00ට විශේෂ ධර්ම දේශනයකි. 20 වැනි දින රාත්‍රි 7.00 ට අලි, ඇතුන්, බෙර හේවිසි, පන්තේරු, වෙස්නැටුම්, ධජ පතාක සමන්විතව පවත්වනු ලබන මහා පෙරහර වීථී සංචාරය කෙරේ.

නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]