[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මහනුවර ඇසළ මංගල්‍යය ශ්‍රී ලාංකේය අභිමානය ලෝකයට ගෙන යන ප්‍රබලතම සංස්කෘතිකාංගයක

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල

හෙළයේ විචිත්‍රවත් ම කලා මංගල්‍යයයෙහි ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත්ව පවත්වා අවසන් කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන්ට ය.වසර 2005 දී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයට පත්ව නිල කාලය අවසන් වූ පසු 2015 වසරේ දී යළිත් එම තනතුරට පත්වූ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙවර මහනුවර ඇසළ පෙරහර සංවිධානය කරන්නේ 18 වැනි වරට ය.පාස්කු ප්‍රහාරය හා කොවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය වසර තුනේ දී ම ජන සහභාගිත්වයකින් තොරව පැවැත් වුණු මහනුවර ඇසළ මංගල්‍යය මෙවර නැරඹීමේ අවස්ථාව මහජනතාවට ලැබී තිබේ. පැරැණි රජ දවස පටන් රාජ්‍ය අනුග්‍රහය මත සංවිධානය කෙරුණු පෙරහර මංගල්‍යය අද පවත්වන්නේ රාජ්‍ය උත්සවයක් ලෙසිනි. මෙවර පෙරහරේ සංවිධාන කටයුතු සම්බන්ධව දියවඩන නිලමේ තුමන් සමඟ කළ සාකච්ඡාවකි මේ... පසුගිය වසර දෙකේ දී ම මේ රටේ ජනතාවට කොප්පරා පන්දම්වල උණුසුම බලමින් වීදීවලට රැස්ව පෙරහර නැරඹීමට අවස්ථාව ලැබුණේ නැහැ නේද? කෝවිඩ් ව්‍යාප්තිය එක්ක පෙරහර නැරඹීට සඳහා මහජනතාවට අවස්ථාව ලබා දීමට සෞඛ්‍ය අංශ එකඟ වුණේ නැහැ.මහනුවර ඇසළ පෙරහර නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මහනුවර නගරයට එකතු වෙනවා.කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ ඒ අනුව ම ක්‍රියාත්මක කරමින් මේ ජනතාව හැසිරවීම කළ නොහැකියි. මේ නිසා තමයි සෞඛ්‍ය අංශ මඟින් දැනුම් දුන්නේ ජන සහභාගිත්වයකින් තොරව පෙරහර පවත්වන්න කියලා. මේවන විට කොවිඩ් අවධානමෙන් අපි සෑහෙන දුරට මිදිලා ඉන්නේ. පාස්කු ප්‍රහාරය නිසා ආරක්ෂක හේතුන් මත අපි 2019 වසරේ දී පෙරහර මංගල්‍යය පැවැත්වූයේ ජන සහභාගිත්වයක් නැතිවයි. ඒ නිසා පෙරහර නරඹන්න අවුරුදු තුනකට පස්සේ ජනතාවට අවස්ථාව ලබා දෙන්න මෙවර හැකි වුණා. තාමත් අපේ රටින් කොවිඩ් තුරන් වෙලා නැහැ. මේවන විටත් රෝගීන් දෛනිකව වාර්තා වෙනවා. ඒ ගැනත් සැලකිලිමත් ව පෙරහර මංගල්‍යය නරඹන්න එන්න කියලා මම සැදැහැවතුන්ට කියනවා.


නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]