[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

මෙත් කරුණා ගුණ

සියලු කෙලෙසුන්
කෙරෙන් දුරු වූ සම්බුදුරදුන්
කෙලෙස් බැමි බිඳ සසර කතරින්
යන්න මඟ පෙන්නුවා කුලුණින්

පුදු පුතුන් සිය දහස් ගණනින්
නිවන් දොරටුව විවර කරමින්
සසර කතරින් එතෙරවෙත්

****

අසරණයන්ට පිහිට වෙමු

තනිව ජීවත් විය නොහැකි, අන් අයගේ ආධාර උපකාර අවශ්‍ය, රෝගී අය හා කාත් කවුරුත් නැති අය ද අසරණයෝ වෙති. මොවුනට කිසිවකුගේ හව්හරණක් ද නැත. ජීවත්වීමට ද මඟක් නැත. අපේ රටේ අපේ ම පුරවැසියන් පිරිසක් මෙසේ අසරණවීමට ඉඩදීම අපේ යුතුකමක් නොවේ. මොවුන් දෙස සානුකම්පිත ව බැලිය යුතු ය. මොවුන්ගේ සුභසාධනය අපෙන් සිදුවිය යුතු ය. අත පය වාරු නැති, වැඩක් පලක් කරගෙන ජීවත් විය නොහැකි මොවුහු කාගෙන් හෝ යැපෙන්නෝ ය. අප සැමගේ උදව් උපකාර නොලැබුණහොත් මොවුන් තවත් අසරණ වේ.

මෙලොවට බිහි කර ඇති දැඩි කළ මව්පියන් ගැනවත් සිතීමට අද දරුවන්ට විවේකයක් නැත. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයකි. කොතරම් අවිවේකී වුව ද අප අපගේ වගකීම් පැහැර නොහරිමු. ඒ වගේම යුතුකම් ඉටු කළ යුතුය. පින් කෙතක් වන් මේ බෞද්ධ රටේ ජීවත් වන අපි අසරණයන්ට පිහිට වෙමු. පරාර්ථකාමී වෙමු. අපට හැකි පමණින් ඔවුන්ට උදව් උපකාර කරමු.

****

සිල් සුවඳින් සැරසෙන්නේ

පින්වත් පුත් රුවනකි කුස තුළ ඉන්නේ
කෙලෙස් නසා සම්මා සම්බුදු වන්නේ
නම් තැබුමට පුතු සරසා ගෙන එන්නේ
සිදුහත් යැයි මේ නාමය ලැබ ගන්නේ

රම්‍ය සුරම් සුභ මාළිග තනා දී
උයන් සිරි දැකුම සඳහා ගිය විට දී
සතර පෙර නිමිති දුටුවා පෙර මග දී
සසර කෙරෙහි කළකිරුණා සිත පැහැ දී

නේරංජනා ගං තීරෙන් එතෙර වුණා
මුඩු කොට කෙස් කළඹ අසලට යොමු කෙරුණා
එක දා උපන් කන්ථක අසු දුක හිතුණා
පැලී ළය මිය ගිහින් දෙව්ලොව සැප ලැබුණා

****

බුදුසරණ

පනස්හත් වසර පසු කළ බුදුසරණ
ළමා මනස සිතුවම් කළ බුදුසරණ
අපගේ කවි කතා පළ කළ බුදුසරණ
දින දින දියුණුව ම වේවා බුදුසරණ

****

පැතුම

මම වසර පහක් ඉගෙනුම ලැබුවේ රාගම ඉහළගම ධර්ම රක්ෂිත කණිටු විදුහලේ. මම ශිෂ්‍යත්ව විභාගයෙන් කිසිදු අමතර පන්තියකට සහභාගි නොවී ලකුණු 166ක් ලබා ගත්තා. මම පාසලටත්, ගුරු මෑණිවරුන්ටත්, පියවරුන්ටත් බොහෝ ගරු කරනවා. මම අලුත් පාසලට ගියා. ඒ තමා කොළඹ කොල්ලුපිටියේ මහානාම විද්‍යාලය. බොහෝ වෙනසක් මට දැනුණා. පුංචි ගමක, පුංචි පාසලක ඉගෙන ගත් මම කොළඹ නගරයේ මෙම පාසලට ආවේ ගුරුවරුන්ගේ වගේ ම මගේ ද උත්සාහය තිබූ නිසයි. මම හොඳින් අධ්‍යාපනය ලබා මගේ පාසල් දෙකට ම අභිමානයක් ගෙන දෙනවා. මගේ බලාපොරොත්තුව බෞද්ධ රටේ බෞද්ධ ස්වාමින් වහන්සේ නමක් වීමයි.

****

මගේ රටට ආදරෙයි

අම්මට මම ආදරෙයි
තාත්තට මම ආදරෙයි
මගෙ මල්ලිට ආදරෙයි
ගෙදර සැමට ආදරෙයි

ගුරුතුමියට ආදරෙයි
පාසලටත් ආදරෙයි
යහළුවන්ට ආදරෙයි
මගේ රටට ආදරෙයි

****

මගේ තාත්තා

මගේ සතුට වෙනුවෙන්
ඔහුගේ ජීවිතය කැප කොට
මහමෙරක් දුක් ගිනි ඉසිලූ...
කෙතරම් වෙහෙස මහන්සිය දැනුණත්
මගෙන් සඟවා සිනාසී සිටි...
කොහේ කොතැනක ගියත්
මා නිවසින් පිටතට...
නැවත යළි එන තුරු
දොරකඩට වී මාවත බැලූ
මගේ ලොවේ රජු
ඔබයි මගෙ තාත්තා....

****

දම් අමා ගුණ

නිකිණි පුන් සඳ රැසින්
ලක් දෙරණ බැබළුණා
දම් අමා ගුණ දමින්
ලෝ සතන් සිත් සැනසුණා

තුසිතයෙ දෙව් සැප හැරදා
මනුලොව වාසෙට වැඩලා
තුන්ලෝ සිත් සනසන්නට
ලෝසත හට දම් දෙසුවා

****

රාහුල පොඩි හාමුදුරුවෝ

සිදුහත් කුමරුගේ හා යශෝධරා දේවියගේ පුතු වූයේ රාහුල කුමරු ය. පුත් කුමරු උපන් දින ම පියාණන් වූ සිද්ධාර්ථ බෝසතුන් ගිහිගෙය හැර යාම හෙවත් මහභිනික්කමන සිදු විය. සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු එළඹි වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ කිඹුල්වතට වැඩි සේක. භික්ෂුන් වහන්සේ පිරිවරා බුදුරජාණන් වහන්සේ වඩිනු දුටු යශෝධරා දේවිය රාහුල පුතුට බුදුපියාණන් වහන්සේ හඳුන්වා දුන්නේ “ පුතනුවණි, රන් නෙළුම් මලක හැඩය ඇති, රන්වන් පාද තලයක් ඇතිව මහ පොළොවට නොදැනෙන සේ මහ පොළොව මුළු පාදතලයෙන් ම සිප ගන්නා ආකාරයට වඩින්නේ ඔබගේ පියාණන් වහන්සේ ආදී වශයෙන් ගාථා නවයකින් බුදු සිරුර වර්ණනා කළා ය. නරසීහ ගාථා යනු ඒවා ය. අනතුරුව රාහුල මාතාව තම පුතු අමතා, “ පුත රාහුල, ඒ ඔබේ පියාණන්ගෙන් ඔබට ලැබිය යුතු දායාදය ඉල්ලා ගන්න.” යි පිටත් කර හැරියා ය. ඉතා කීකරු කුඩා රාහුල කුමරු අවුරුදු හතේ දී පැවිදි විය. පැවිදි වූ පසු ද වැඩිහිටියන්ගේ අවවාද ඇසීමට පි‍්‍රය වූ උන්වහන්සේ නිවනින් නිවී සැනසී වදාළහ.

නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]