[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආයාචිතභක්ත ජාතක කතාවෙනි

පොසොන්
අව අටවක

 ජුනි 20 සඳුදා අ.භා. 09.09 අව අටවක ලබා 21 අඟහරුවාදා අ.භා. 08.38 ගෙවේ.
 21 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

කෙලෙසද සෙට මරු නේති සිතන්නේ

පමා බව නම් සිහියෙන් ජීවත් නොවීමයි. එය අප්පමාද යන පදය තුළ අන්තර්ගත කොට ඇත. අප්පමාද නොවිය යුත්තේ ලබා ඇති කෙටි කාලීන ජීවිතයත් සමඟ ය. වර්තමානයේ මිනිසකුගේ පරම ආයුෂ කෙටි වී තිබේ. එහෙමත් කෙනෙක් හැත්තෑවක්, හැත්තෑපහක් ආයු වළඳනු ඇත. පමා වුවන් හා මළවුන් එක සමාන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. “පමාදෝ මච්චුනෝ පදං” මියගිය මිනිසෙක් තුළ ප්‍රාණ වායුව නොමැත. ජීවිතේන්ද්‍රිය නොමැත. උෂ්ණය නොමැත. හරියට වියළී ගිය දර කඩක් හා බඳු ය. එලෙස ම ප්‍රමාද වූ පුද්ගලයා සිහි මුළාවෙන් චක්ඛු, සෝත, ඝාණ,ජිව්හා කාය යන පංචේන්ද්‍රියන් පිනවීමට ම උත්සාහවත් වෙති. කම් සැපතෙහි ම ඇලෙති. ගැටෙති. ඒ මතම ඇලී ගැලී විනාශ වෙති. කුසල් දහම් කිරීමට තබා ඒ පිළිබඳ සිතීමක්වත් ඔවුන් තුළ නොමැත. මරණය වැළැක්වීමේ පිළිවෙතට යොමු නොවුණවුන් ජාති, ජරා, ව්‍යාදී මරණාදී දුක් විඳිමින් ම මැරි මැරී නැවත නැවත සසර උපදිති. අප ජීවත් වන්නේ පුංචි කාලයකි. එම පුංචි කාලයත් එදිනෙදා කටයුතු සඳහා වෙන් වීමේ දී අපට කම් සප විඳිමින් මේ බයංකර සසරෙහි සැපතක් ලැබිය හැකි ද? ඒ බව ප්‍රත්‍ය ශතකය තුළින් මැනවින් ඉදිරිපත් කොට ඇත. මනුෂ්‍යයාට පරමායුෂ සියයෙක් වන්නේ ය. එයින් භාගයක් රාත්‍රීයේ දී ගෙවී යන්නේ ය. එයින් දෙභාගයක් බාල, මහලු, වයස් වන්නේ ය. අවශේෂ භාගය ද රෝග, පීඩා, වියෝ, දුක්, මරණ ආදියෙන් ගෙවී යන්නේ ය. එසේ හෙයින් චංචල වූ රළපතරක් මෙන් වසන සත්ත්වයාට සැපයක් නම් කොයින් ද? ඉහත ශ්ලෝකයට අනුව තහවුරු වන්නේ සත්ත්වයාට පුංචි කාලයක් ගෙවීමට ඇති බැවින් එය සැපයක් සේ සිතීම අනුවණ ක්‍රියාවන් බවයි. අපට ඇති පුංචි කාලය තුළ සිහි නුවණින් ජීවත් වීමත්, පින් දහම් සිදු කර ගැනීමත් අත්‍යවශ්‍ය වේ.

ගමයි පන්සලයි නිවනයි

ඈත ඉතිහාසයේ සිටම ගමේ කේන්ද්‍රස්ථානය වූයේ ගමේ පන්සලයි. එය ගසට පොත්තත්, පොත්තට ගසත් මෙන් එකට බැඳී පැවතුණි. මහජනතාව අතිශය ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් සිවුපසය ( චීවර/ පිණ්ඩපාත/ සේනාසන / ගිලානප්‍රත්‍ය) භික්ෂූන් වහන්සේට පූජා කරති. භික්ෂූන් වහන්සේගෙන් ප්‍රත්‍යුපකාර වශයෙන් ධාර්මික ව ජීවත් වීමේ ක්‍රමවේද හා මව්පිය දූ දරු සබඳතාවේ වැදගත්කම ආදී සාරධර්ම පිළිබඳ දම් දෙසති. මෙම සම්බන්ධතාව කෙතරම් වටී ද, අගනේ ද කියා සිතා බැලිය යුතු ය. ගමේ යම් කෙනකුට විපතක්, කරදරයක් සිදු වූ විට භික්ෂූන් වහන්සේ සෑමවිටම ආශිර්වාද හා අනුශාසනා කළහ. භික්ෂූන් වහන්සේ අසනීප වූ අවස්ථාවල ගිලන්පස, බෙහෙත් සත්කාර ගමෙන් නොඅඩුව සිදු විය. සනීපයට යෝග්‍ය පරිදි දානය සකස් විය. හැමවිටම සොයා බැලීම් කටයුතු ද සිදු කළහ. විහාරස්ථානයට, භික්ෂූන් වහන්සේට හදිසි විපතක් කරදරයක් සිදු වූ අවස්ථාවක ඝණ්ඨා නාදය ගැසූ කල ගමේ සියලු ම පිරිස එතැනට එක් රැස් වූහ. මව්පිය සහෝදර සහෝදරියන්, නෑදෑ හිතවත් සියලු දෙනාම අතහැර දමා සිදු කරන ආගමික ශාසනික මෙහෙවර ( සේවය) උත්තරීතර පරාර්ථ සේවාවකි. හිතවත්, දායක පිරිසක් සිටිය ද ගමේ ම පිරිස දායක නාමයෙන් සැලකූහ. පුරාතන යුගයේ පන්සලට වර්තමානයේ මෙන් නවීන පහසුකම් කිසිත් නොතිබුණි. එහෙත් ගම සහ පන්සල නොබෙදී ක්‍රමවත් ව රැකුණි. ජාති භේද, ආගම් භේද, කුල භේද, පක්ෂ භේද පන්සල තුළ අරක් ගෙන නොතිබුණි. සෑම දෙනාම උපරිම සහයෝගයෙන් , ශ්‍රද්ධාවෙන් කටයුතු කළහ. පන්සලේ වාර්ෂික ව සිදු කෙරෙන පින්කම් අතර ප්‍රධාන ම පින්කම කඨින පූජා මහ පින්කමයි. එය සෑම දෙනාගේ උපරිම සහයෝගය මැද සිදු කරති. මීට අමතරව විවිධ උත්සව, සමිති සමාගම්, ශ්‍රමදාන වැනි කටයුත්තක දී ලොකු කුඩා වැඩිහිටි සෑම දෙනාම සත්භාවයෙන් යුතුව එකතු වෙති. කටයුතු කරති. ගමේ සිදු වෙන ආගමික සමාජික හා සංස්කෘතික සියලුම කටයුතු විහාරස්ථානයේ මූලිකත්වයෙන් සිදු කෙරෙයි. දානමය පින්කම්, පිරිත් දේශනාමය පින්කම්, ධර්ම දේශනාමය පින්කම් බෞද්ධ නිවෙස්වල බහුලව දක්නට ලැබේ.

 

ජීවිතයට වටිනාකමක් දෙන්නේ මෙලෙසයි

අප්පසුතායං පුරිසො – බලිවද්දොව ජීරති මංසානි තස්ස වඩ්ඪන්ති – පඤ්ඤා තස්ස න වඩ්ඪත බොහෝ අය විවිධ දේ කථා කිරීමට දක්ෂ වෙති. එහෙත් තැනට සුදුසු ලෙස හරයක් ඇතුව කතා කරන්නේ කීයෙන් කී දෙනෙක් දැයි සිතා බැලීම වැදගත් ය. වැඩකට නැති කතා පවත්වන වාචාලයා ප්‍රකට කරන්නේ තමන්ගේ ම නූගත්කමයි. එයින් ඔහු පිරිහීමට ද පත් වෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලයේ ජීවත් වූවා ලාලුදායි නම් හිමිනමක්. මඟුල් ගෙදරට වැඩිය හොත් අවමඟුලක් වූ තැනකට සුදුසු ධර්මයක් දේශනා කරති. අවමඟුල් ගෙදරකට ගිය හොත් එහි දී දේශනා කරනුයේ මඟුල් ගෙදරකට සුදුසු ධර්මයකි. අවස්ථාවෝචිත පරිදි යමක් ප්‍රකාශ කළ යුතු යැ යි උන්වහන්සේට වැටහීමක් නැත. මේ සිදුවීම නිමිති කොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගාථාවක් ඉහත දැක්වේ. තමන්ටත්, අනුන්ටත් හිත වැඩ සලසන්නා වූ, ධර්ම ශාස්ත්‍රාදිය නූගත් මනුෂ්‍යයා ඇට, මස්, නහර ආදියෙන් වර්ධනය වන්නා වූ ගොනකු සේ වැඩේ. එහෙත් ප්‍රඥාව නො වැඩේ. බුදුරජාණන් වහන්සේ එකී ගාථාවෙන් පෙන්වා දුන්නේ ඒ ධර්මතාවයි. උපන් දවසේ සිට මනුෂ්‍යයාගේ පමණක් නොව සෑම සත්වයකුගේ ම ශරීර අනුක්‍රමයෙන් ලොකු මහත් වී වැඩෙයි. ඒ අන්දමට මීටර් ගණනින් හෝ කිලෝ ගණනින් කොපමණ දිග හෝ බර වැඩි වූ තරමින් කිසිවකු ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ නැත. මනුෂ්‍යයා ඇතුළු සෑම සත්වයන් ම උසස් තත්ත්වයට පත්වනුයේ ප්‍රඥාවෙන් වැඩි දියුණුව කටයුතු කිරීම නිසා ය. ප්‍රඥාව යනු කුමක්ද? සමාජයේ බොහෝ දෙනා සිතනුයේ විද්‍යාව ඇතුළු විවිධ විෂයයන් පිළිබඳ උසස් දැනුමෙන් යුක්ත වුවහොත් ප්‍රඥාවන්තයකු වන බවයි. එහෙත් එය සම්පූර්ණ සත්‍යයක් නොවේ. සෑම දෙයක් පිළිබඳ ගැඹුරින් නිවැරැදි අවබෝධයක් ලබා ගනී නම්, එය ප්‍රඥාවේ ලක්ෂණයයි.

පොසොන් අව අටවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]