[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්මය ප්‍රඥාවෙන් අවබෝධ කර ගෙන ශ්‍රද්ධාවෙන් පිළිපදින්න

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර මහරි ගසක් මුල වැඩ හිඳ ඒරකපත්ත නම් නා රජු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. මෙම ඒරකපත්ත නා රජ පෙර කාශ්‍යප බුදුරදුන් සමයෙහි උසස් මිනිසත් බවක් ලැබ එම සම්බුද්ධ ශාසනයෙහි මහණ දම් පිරුවෙකි. එකල මෙම භික්ෂූන් වහන්සේ ගමනක් වඩින විට ගඟකින් එතෙරවීමට අගුලකට නැඟීමට තැත් කළහ. ඒරු අත්තක් අල්ලාගෙන නඟින විට එක් ඒරු පතක් කැඩිණ. මෙය උපසපන් භික්ෂුවකට ඇවතක් වන වැරැද්දකි. මෙම ඇවැතින් නිදහස්වීමට ඇවැත් දෙසීමාදිය නොකළ නිසා මෙම ඇවත පිළිබඳ ව කනස්සල්ලෙන් මිය පරලොව ගොස් විශාල නා රජෙක් ව උපන්හ. එකල අප බුදුරජාණන් වහන්සේ බරණැස් නුවරට නුදුරු තැනෙක පිහිටි මහරි රුක මුල වැඩ සිටින බව දැනගෙන මෙම ඒරකපත්ත නා රජ එතැනට පැමිණ අඬන්නට පටන් ගත්තේ ය. මෙතෙක් මිනිසත් බව නොලැබ බණ ඇසීමට හෝ බුදු කෙනෙකුන් දැකීමේ වාසනා මහිමය නොලැබීමත් යන මෙම කාරණා නොලද හෙයින් අඬන බව බුදුරදුන්ට සැළකර සිටියේ ය. වරද ඉතා සුළු වුව ද සිදු වූ අලාභය මහා භයානක විය. උතුම් මිනිසත් බවත්, මහණකමත් අභිබවා ගහක අත්තක් කැඩීමේ ඇවැතින් නිදහස්වීමට අවකාශයක් නොලැබීමෙන් එයම විපිලිසර වීමටත් එයින් තිරිසන් අපායගාමී වීමට ද හේතුවිය. මෙම ගාථාවෙන් ඉතා දුර්ලබ කාරණා හතරක් දක්වා ඇත. මිනිසත් බව ලැබීම ඉතා දුෂ්කර ය, මිනිසත් බ​ව රැකීම ඉතා දුෂ්කර ය, ධර්මය ශ්‍රවණය ඉතා දුෂ්කර ය, බුදුන්ගේ උත්පත්තිය ඉතා දුෂ්කර ය.


දුරුතු පුර අටවක පෝය

ජනවාරි 09 ඉරිදා පූ.භා. 11.15 පුර අටවක ලබා 10 සඳුදා අ.භා. 12.30 ගෙවේ
09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]