[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

කැලණිය දළුගම ලුම්බිණි විහාරයේ සෑ රදුන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පිදුන වගයි

වෑගල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ පැවිදි බිමට පත් වූ අරමගොඩ පඤ්ඤාතිලක කුඩා සාමණේරයන් වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය ලබනු සඳහා එකල ලංකාවේ ප්‍රධාන භික්ෂු අධ්‍යාපනික ආයතනයක් වූ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූහ. මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියන්ගේ අන්තේවාසික ශිෂ්‍යයකු වශයෙන් වැඩ හිඳිමින් කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හිමි, යක්කඩුවේ ප්‍රඥාරාම හිමි, බඹරැන්දේ සිරි සීවලී හිමි වැනි වියත් තෙරුන් වහන්සේලා යටතේ අධ්‍යාපනය ලබමින් සිටියදී එකල ලංකාවේ බොහෝ ප්‍රදේශවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත වැඩම වීම නිසා නේවාසික භික්ෂූන් වහන්සේලාට ඉඩකඩ පිළිබඳ විශාල ගැටලුවක් ඇති විය. උන්වහන්සේ දළුගම නාගහවත්ත ප්‍රදේශයේ කුඩා බිම් කඩක ලෑලිවලින් කුඩා කුටියක් සාදා ගෙන, පිණ්ඩපාතයේ ගොස්, දානය ලබා ගෙන පිරිවෙනේ අධ්‍යාපනය කටයුතු සඳහා එහි සිට වැඩම කොට ඇත. පසුව නාගහවත්තේ පදිංචි තේගිස් අප්පුහාමි නමැති අයකු විසින් පූජා කරන ලද පර්චස් 15 ක පමණ බිමේ යාපනයේ පදිංචි යෝගරාජා නමැති ද්‍රවිඩ මහතකු විසින් සාදා දෙන ලද ආවාසයෙහි වැඩ හිඳිමින් එම භූමියෙහි ධර්ම ශාලාවක් සහ කුඩා බුදුමැදුරක් පසු කාලීනව ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ ආධාරයෙන් ඉදි කරන්නට උන්වහන්සේට හැකි විය.

දුරුතු පුර අටවක පෝය

ජනවාරි 09 ඉරිදා පූ.භා. 11.15 පුර අටවක ලබා 10 සඳුදා අ.භා. 12.30 ගෙවේ
09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]