[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

රජ්ජුරුබණ්ඩාර දෙවිඳුන්ගේ රැකවරණය ලබන ඓතිහාසික සිත්තම් ගල්ලෙන රාජමහා විහාරය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ වරාපිටිය නම් වූ සුන්දර, හරිත පරිසරයක පිහිටි සිත්තම් ගල්ලෙන ‍ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ 54 වැනි ඇසළ මහා පූජෝත්සවය පසුගිය ඔක්තෝම්බර් මස 16 වැනි දින සිට 21 වැනි දින දක්වා පැවැත්විණි. අක්කර 12000 ක වන ගහණයකින් යුත් මනස්කාන්ත කඳු පේළියක නැඟෙනහිර බෑවුමේ පාමුල පිහිටි මෙම විහාරස්ථානයට සහ අවට ගම්මානවලට රජ්ජුරුබණ්ඩාර දෙවිඳුන්ගේ සහ කතරගම දෙවිඳුන්ගේ රැකවරණය ලැබෙන බැවින්, පුංචි කතරගම ලෙස මෙම විහාරස්ථානය හැඳින්වීමට ද ජනතාව පුරුදු ව සිටිති. මෙම විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම දුටුගැමුණු රජ දවස දක්වා පවතින බව විහාරස්ථ සාධක සහ ජනශ්‍රැති ව්‍යවහාරයන්ගෙන් හෙළි වේ.දුටුගැමුණු රජතුමා සොළී ආක්‍රමණිකයන්ගෙන් රට බේරාගෙන එක්සත් කිරීමට පෙර,තම සහෝදර සද්ධාතිස්ස කුමරුට ,රට ආහාරයෙන් ස්වයං පෝෂිත කිරීමට භාර කර තිබූ බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ අතර වරාපිටිය ගමට පැමිණ ඇති දුටුගැමුණු කුමාරයා ,දර්ශනීය වන පරිසරයත්,පිහිටි ගල්ලෙන් කීපයත් දැක විහාරයක් කරවීමට කටයුතු කර වූ බවට ද ජනප්‍රවාදයක් විහාරස්ථ ව පවතී.

ඉල් අමාවක පෝය

දෙසැම්බර් 03 සිකුරාදා අපරභාග 16.55 අමාවක ලබා 04  සෙනසුරාදා අපරභාග13.12 ගෙවේ. සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]