[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

තෙරුවනට නින්දා ප්‍රශංසා කරන අය හමුවේ අප හැසිරිය යුතු හැටි

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත් වූ මේ ලෝකයෙහි ස්ථාවර වූ කිසිවක් නොමැති බව බුද්ධ දේශනාවෙහි නිරතුරු ව සඳහන් වේ. ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්‍රශංසා, සැප හා දුක යන මේ අටලෝ දහම සැමදෙනාට ම උරුම ය. එය බුද්ධාදී රහත් උතුමන් වහන්සේලාට ද, දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදී උසස් සත්ත්වයන්ට ද, තිරිසන් සතුන් ආදීන්ට ද පොදු වූ ධර්මතාවකි. එහෙත් අප මෙකී අටලෝ දහමින් කිසිවිටෙකත් කම්පා නොවිය යුතු ය. අප විසින් සාමාන්‍යයෙන් සැපයකැයි සලකනු ලබන ලාභාදී ධර්මයන් කෙරෙහි ද, දුකකැයි සලකනු ලබන අලාභාදී ධර්මයන් කෙරෙහි ද සම සිතින් යුක්ත විය යුතු යැයි තථාගතයන් වහන්සේ දේශනා කළහ. යම් සේ විසල් මහා පර්වතයක් සතර දිගින් හමන සුළඟින් කම්පා නොවී පවතියි ද එලෙස ම නුවණැති පුද්ගලයා නින්දා ප්‍රශංසාදියෙහි කම්පා නොවිය යුතු යැයි උන්වහන්සේ සැමවිට ම අවධාරණය කළහ. අටලෝ දහම සියලු දෙනාහට එක සේ උරුම වූ බැවින් බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි ද එය එලෙස ම පවතින බව අප නිරතුරු සිහි තබා ගත යුතු ය. අයෙක් තෙරුවන්ගේ ගුණ වර්ණනා කරන විට ඇතැමෙක් තෙරුවනට දොස් නැඟීම ස්වභාවික ය. එහෙත් බුදුන් වහන්සේගේ ධර්මය අනුගමනය කරනු ලබන නුවණැති ශ්‍රාවකයන් ලෙස ගිහි පැවිදි අප සැම මෙබඳු අවස්ථාවල දී නුවණැති ව කටයුතු කළ යුතු බව තථාගතයන් වහන්සේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයෙහි එන බ්‍රහ්මජාල සූත්‍රයෙහි දී මනාව දේශනා කොට තිබේ. එක් සමයෙක බුදුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේලා ද සමඟ රජගහනුවරටත් , නාලන්දාවටත් අතර වූ දිග් මඟෙහි වැඩම කරන විට ඒ මඟින් ම බුදුරදුන්ට පසුපසින් පැමිණෙන සුප්පිය නම් පරිබ්‍රාජකයා නොයෙක් ආකාරයෙන් තෙරුවන්ට දොස් නඟයි. ඔහුගේ අතවැසි වූ බ්‍රහ්මදත්ත මානවකයා නොයෙක් ආකාරයෙන් තෙරුවන්ගේ ගුණ වර්ණනා කරයි.


ඉල් අමාවක පෝය

දෙසැම්බර් 03 සිකුරාදා අපරභාග 16.55 අමාවක ලබා 04  සෙනසුරාදා අපරභාග13.12 ගෙවේ. සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]