[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉල් පොහොය වර්ණනාව

ඉල් පොහොය වර්ණනාව

දන් සිල් බවුන් වඩමින් තම දිවිය සදයි
යන්නට අරි අටඟි මඟ තම දිරිය යොදයි
පින්වත පින්වතිය ඉල් පොහො දිනය අදයි
මින් පෙර නොදත් එහි තතු දැන ගැනුම හොඳයි

සව් ලෝ සතුන් හට දෙන්නට සැනසීම
මෙත් බෝ සතුන් මතු සිදුවෙයි බුදුවීම
ගෞතම බුදුසමිඳු ඒ ගැන ඇගයීම
අද වැනි දිනක සිදුවිය විවරණ දීම

වටහා දී ලොවෙහි පවතින අසාරය
සඟ සැට නමට පෙන්වා දී විචාරය
සතහට බෙද බෙදා සදහම් තුෂාරය
සිදුවිය පළමු සිරි සදහම් ප්‍රචාරය

මිසදිටුවන් සොයා නිතර ම ගමනෙ යෙදී
බුදුහිමි කළ මෙහෙය කියුමට වචන මදී
උරුවෙල් දනව්වෙ දි අද වැනි දිනයක දී
තුන් බෑ ජටිලයන් දමනය කරන ලදී

සැරියුත් හිමිගෙ මව විය බැමිණිය සාරී
මිස දිටු බවින් තිබුණලු හදවත සීරී
අස අස තම පුතා දෙසූ සදහම් මීරී
හිමි පිරිනිවන් වැඩියා තිබූ පින මේරී

හැම වෙහෙරක ම වෙන පින්කම් සමුදායයි
පැරකුම් රජුන් කළ කඨිනය සිහිවීයයි
මේවා දකින්නට මෙන් පුන්සඳ පායයි
අද පසුවස් පවාරණ ඉල් පුන් පෝයයි

සමිඳුගෙ දකුණු අකු ධාතුන් නිධන්කර
සැදූ ථූපාරාමෙ දිදුලයි හැඟුම්බර
පළවැනි වෙහෙර එය විය සැකයකින් තොර
බැලුවම ඉල් පොහොය දිනයකි සුපින් බර

ඉල් පුර පසළොස්වක පෝය

 නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා අ.භා 12.00 පසළොස්වක ලබා 19 සිකුරා අ.භා 14.27 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]