[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

2014 වසරේ නොවැම්බර් 23 වැනිදා චෛත‍්‍යයේ ගර්භයේ ධාතු නිධන් කිරීම සිදු කෙරුණු අවස්ථාව

සඳ හිරු පායන තුරු පවතීවා - පින්බර සඳහිරු සෑය දිලේවා

ඉල් පුර පසළොස්වක පෝදා සිට ජනතා වන්දනාවට විවෘතයි

මහා සංඝ රත්නය මුල් කරගෙන රට පාලනය කිරීම අතීත රජදරුවන් විසින් හෙළ සංස්කෘතියට එක් කළ විශේෂිතම ආදර්ශයක් වන්නේ ය. රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය පමණක් නොව මිරිසවැටිය වැනි මහා දාගැබ් බිහි වූයේ ඒ ආභාසයෙන් යුක්තව ය. මෑත ඉතිහාසයේ එවන් විශාල දාගැබක් ඉදිවූවා නම් ඒ කොත්මලේ මහවැලි මහා සෑය පමණි. එහෙත් වසර 30ක් පමණ පැවැති ත්‍රස්තවාදීන්ගේ බෙදුම්වාදී යුද්ධය නිමවීමෙන් පසුව යුද්ධයට දිවිදුන් රණවිරුවන් මෙන්ම රණක්ෂිතයට පත් රණවිරුවන් ද, අතුරුදන් රණවිරුවන් මෙන්ම දිවි පරදුවට තබා අප වෙනුවෙන් යුද වැදී රට රැක ගත් සියලු රණවිරුවන් වෙනුවෙන් කළගුණ සැලකීමට මහාසෑයක් ඉදි කිරීමට එවකට ජනාධිපතිධුරය දැරූ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කටයුතු යොදන ලදී. එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද ඒ වෙනුවෙන් සිය උපරිම දායකත්වය සපයන ලදී. ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම රට බේරාගත් රණවිරුවන්ට කළගුණ දැක්වීමට ඉදිරිපත් වූ දෙස් විදෙස් සියලු දෙනාම මේ සෑය වෙනුවෙන් දායකත්වය දරන්නට ඉදිරිපත් විය. ඒ අනුව ඓතිහාසික අනුරාධපුර රාජධානියේ ම, රුවන්වැලිසෑයට නුදුරින් කළගුණ සැලකීම පිණිස මහා සෑයක් ඉදි කිරීමට යෝජනා විය. එය ‘කළගුණ සෑය‘ නමින් නම් කරන්නට ද යෝජනා විය. ඒ අනුව 2010 වසරේ නොවැම්බර් 22 වැනි දා මේ මහා සෑය ඉදිකිරීමේ ආරම්භක කටයුතු සිදුවුණු අතර, එය සඳහිරු පවතින තුරා යන්න සිහි කරමින් ‘සඳහිරුසෑය‘ යනුවෙන් එය නම් කරන ලදී. කඩිනමින් වැඩ කටයුතු සිදු කළ එහි 2014 වසරේ නොවැම්බර් 23 වැනිදා ගර්භයේ ධාතු නිධන් කිරීම සිදුවිය. අනුරාධපුරය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල පිහිටි, දුටුගැමුණු රජතුමා හා එළාර රජු මුහුණට මුහුණලා සටන් කර දුටුගැමුණු රජතුමා ජයගත් ජය භූමියේ සඳහිරු සෑය ඉදිවීම ද විශේෂත්වයකි.


ඉල් පුර පසළොස්වක පෝය

 නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා අ.භා 12.00 පසළොස්වක ලබා 19 සිකුරා අ.භා 14.27 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]