[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සාඩම්බර ඉතිහාසයක නටබුන් ශේෂ වූ රුහුණු රට සඳගිරිය රාජමහා වෙහෙර බිම

සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනයේ දී සමවත් සුවයෙන් වැඩසිටි තිස්සමහාරාම පුදබිමට ආසන්නයේ පිහිටි සඳගිරි සෑ රදුන් වහන්සේ තිස්සමහාරාමය, යඨාල වෙහෙර, මැණික් වෙහෙර සහ සඳගිරිය යන තදාසන්න ප්‍රධාන දාගැබ් හතරින් එකක් වශයෙන් සැලකෙයි. රුහුණු රට අගනගරය වශයෙන් පැවති මාගම තිස්සමහාරාමය ආශ්‍රිත ව පැවතුණු බව විශ්වාස කෙරෙන අතර මහවැලි ගඟට දකුණින් ග්‍රාමවාසී මඟ සඟරුවනේ මූලස්ථානය වශයෙන් තිස්සමහාරාමය පැවතුණු බවට සාක්ෂි හමුවෙයි. සඳගිරි විහාරය ද තිස්සමහාරාම රාජමහා විහාර සංකීර්ණයේ ම නැඟෙනහිර කොටස වශයෙන් හඳුන්වා දිය හැකි ය. දේවානම්පියතිස්ස රජතුමාගේ සහෝදරයකු වූ රෝහණ රාජ්‍යය පිහිට වූ මහානාග යුව රජතුමා විසින් සඳගිරි විහාරය ද කරවන ලදැයි ධාතු වංසයේ සඳහන් වන අතර, පූජාවලියට අනුව එය කරවන ලද්දේ කාවන්තිස්ස රජතුමා විසිනි. ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් දේවානම්පියතිස්ස රජතුමා වෙත එවූ පංච රාජ කකුධ භාණ්ඩවලට අයත් වූ දක්ෂිණාව්‍රත සංඛය සඳගිරි සෑයෙහි නිධන් කරවූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

ඉල් පුර පසළොස්වක පෝය

 නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා අ.භා 12.00 පසළොස්වක ලබා 19 සිකුරා අ.භා 14.27 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]