[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

මෙවර ජයග්‍රාහී නිර්මාණය

බුදුරජාණන් වහන්සේගේ කරුණාව

තිලෝගුරු වූ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන් ලොවෙහි ම කරුණාවේ ප්‍රතිමූර්තිය වන සේක. උතුම් බෞද්ධ දර්ශනය ලොවට දේශනා කිරීම හුදෙක් බුදුරදුන්ගේ කරුණා ගුණ මහිමය ප්‍රකට වන කදිම ආදර්ශවත් පෙළහර වේ.

සුනීත, සෝපාක, රජ්ජුමාලා වැනි කුලහීනයන්ට ද, අංගුලිමාල, ආලවක, සච්චක වැනි හිංසාවාදීන්ට ද , බිම්බිසාර, සුමනා, විශාඛා වැනි ධන කුවේරයන්ටද මොක්පුරය විවර කර දීම වැනි නිදසුන් මඟින් බුදුරදුන්ගේ කරුණා ගුණ මහිමය ප්‍රකට වේ. හිමිදිරි උදෑසන මහා කරුණාවෙන් බුදු නෙත් යොමා, ලෝකයාට පිහිට වීම බුදුරදුන්ගේ කරුණා ගුණ මහිමය ප්‍රකට වන අසිරිමත් සිදුවීම් පෙළකි. බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණ මහිමයෙන් සැම සිත් සුවපත් වේවා.

****

පොඩි පුතු

පාඩම් කරන්නට ගත්විට පොත අතට
මැවිලා පෙනෙනවා මගෙ අම්මා රුවට
යන්නට හිතෙනවා අම්මා බලන්නට‍
එන්නම් විගස අම්මා බලලා යන්ට

පුංචි කාලෙ නැළවූ හැටි මතකයි අම්මේ
ලේ කිරි කර පෙවූ නිසා ණය ගැති වෙමි අම්මේ
දසමස මා කුසේ දරා රැකගත් මගෙ අම්මේ
සිවුර දැරූ මුත් මම ඔබෙ පොඩි පුතු වෙමි අම්මේ

****

මව්පිය ගුණ

අහසේ නිල්කැට ආදර අම්මා
පොළොවේ මුතු කැට ආදර අම්මා
සයුරේ දිය පොද ආදර අම්මා
මගේ ලොවට එළියක් දුන් අම්මා

****

මව්බිමේ අසිරිය

සිහල දීපය නමින් ප්‍රචළිත
පින්බරය මේ සොඳුරු මිහිකත
ස්වයංපෝෂිත භුමියක් මත
උපත ලැබුමට කළ පිනක් ඇත

මුතු ඇටය බඳු ලොවේ තිබෙනා
සිහල මුස්ලිම් දමිළ ලෙසිනා
එකට සිට මව් පොළොව රකිනා
රටක් වෙද එය මෙයයි දිලෙනා

පර සතුරු රුදු පැමිණ මෙ බිමට
සැරසුණා මව් බිම නසන්නට
විරුන් දිවි දී මෙ බිම රැකුමට
අනාගත පරපුරට පිදුමට

දිය ඇලි ද මිණි මුතු ද තිබෙනා
දිවයිනේ වට සයුර දිලෙනා
රළ බිඳී විත් ගලක හැපෙනා
මව් බිමක් වෙද මෙයයි තිබෙ නා

රෝ බියෙන් තම පිරිස් රැකුමට
නිදිවරා තම දිවිය කැප කොට
සිටින සුව විරුවරුන් දුටු මට
දැනෙන්නේ මිහි දෙවියො විලසට

මෙවන් ගුණ පිරි දනන් සිටි නා
දිවයිනක් වෙද මෙයයි දිලෙනා
පතම් මතු භවයටත් සිති නා
උපත ලැබුමට මෙ බිම මතිනා

****

සතුන්ට ආදරය කරමු

විවිධ සතුන් නිසා පරිසරය අලංකාර වේ. අප වගේ ම සතුන් ද තමන්ගේ ජීවිතයට බොහෝ ආදරය කරයි. පරපණ නැසීම පාපයකි. ඒ සතුන්ගේ ජීවත්වීමේ අයිතියට අපි ගරු කළ යුතු වෙමු. කුඩා කුහුඹියාගේ පටන් මහා සද්දන්ත ඇතා දක්වා ජීවත් වීමට කැමැතියි වගේ ම ඒ සඳහා අයිතියක් ද ඇත. ඒ නිසා අපි කුඩා කාලයේ සිට සතුන්ට ආදරය කරමු. ඔවුන් ආරක්ෂා කර ජීවත්වීමට සුදුසු පරිසරයක් හිමිකර දෙමු.

****

අසරණයන්ට පිහිට වෙමු

තනිව ජීවත් විය නොහැකි, අන් අයගේ ආධාර උපකාර අවශ්‍ය, කාගේත් පිළිසරණක් නැති අය අසරණයන් ලෙස හැඳින්වේ. මහලු අය, රෝගී අය, අංගවිකල අය හා කාත් කවුරුත් නැති අය ද මේ ගණයට අයත් වෙති. මොවුන්ට කිසිවකුගේ හව්හරණක් නැත. ජීවත්වීමට මඟක් නැත. අපේ රටේ අපේ ම මිනිසුන් පිරිසක් මෙසේ අසරණ වීමට ඉඩ දීම අපේ යුතුකමක් නොවේ. මොවුන් දෙස සානුකම්පිත ව බැලිය යුතු ය. මොවුන්ගේ සුභසාධනය අපෙන් සිදුවිය යුතු ය.

****

ගුරු හිමිගේ ජන්ම දිනය

ආදර කරුණාව හිත තුළ පිරී ඇති
සැම දෙනගේ ගෞරව සිත් දිනා ඇති
කරදගොල්ලෙ සුමන හිමි නමින් වෙති
තිස්තුන් වන ජන්ම දිනය සමරනවා ඇති

ඉල් පුර පසළොස්වක පෝය

 නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා අ.භා 12.00 පසළොස්වක ලබා 19 සිකුරා අ.භා 14.27 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]