[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ද්වේෂය දුරු කරන මඟ හඳුනා ගන්න

පුද්ගල සිත පුදුමාකාර ය. පාපයට නැඹුරු වීම ලෙහෙසියෙන් සිදුවේ. ද්වේෂය සිතේ පහළ වන දැඩි අකුසලයකි. පුද්ගලයා තුළ ද්වේෂය ඇතිවිය හැකි අවස්ථා කීපයක් සම්බුදුපියාණෝ පෙන්වා දී ඇත. . “ආඝාත පටි විනය සූත්‍රයේ දී” මෙම අකුසල සිතුවිලි දුරු කර ගන්නා අන්දම බුදුපියාණෝ විස්තර කරති. කිසියම් පුද්ගලයකු හෝ සිද්ධියක් පිළිබඳ ද්වේෂයක් ඇති වූ විට පිළිපැදිය යුතු කරුණු කිහිපයකි. ඒ තැනැත්තාට මෛත්‍රී කිරීම, අනුකම්පා කිරීම, උපේක්ෂා කිරීම, ඒ පිළිබඳ නැවත නොසිතීම හා එක් එක් පුද්ගලයන්ගේ චරිත ස්වභාවයන් තේරුම් ගැනීම ය.  සමාජය තුළ පස් ආකාර චරිතයෝ වෙති. ඒ මෙසේ ය. වැරදි දේ කරන එහෙත් පි‍්‍රය වචන කතා කරන පුද්ගලයෝ ය. අපි‍්‍රය වචන කතා කරන එහෙත් යහපත් දේ කරන පුද්ගලයෝ ය. අපි‍්‍රය වචන කතා කරන, වැරදි වැඩ කරන, එහෙත් වරින් වර යහ ආකල්ප වලට පරිවර්තනය වන පුද්ගලයෝ ය. වචනය, ආකල්ප, ක්‍රියාව යන සියල්ලම අයහපත් පුද්ගලයෝ හා ක්‍රියාවෙන් ද, වචනයෙන් ද, ආකල්පයෙන් ද පිවිතුරු අය යනුවෙනි. අපට ලෝකය නිවැරැදි කළ නොහැකි ය. එහෙත් තමන්ට තමන් නිවැරැදි විය හැකි ය. වැරැදි කරන එහෙත් පි‍්‍රය වචන කතා කරන පුද්ගලයෙක් හමු වූවා යැයි සිතන්න. ඔහුගේ යහපත් වචන ගැන සිතමින් තරහ නො ගත යුතු ය. හරියට අපිරිසුදු, දිරාගිය රෙදි කැබැල්ලක අපිරිසුදු කොටස් ඉවත් කොට පිරිසුදු නො ඉරුණු කොටස පමණක් ගන්නා සේ තරහව දුරු කොට ඔහුගේ හොඳ පමණක් සිහිපත් කළ යුතු ය. මෛත්‍රී කළ යුතු ය. අපි‍්‍රය වචන කතා කරන එහෙත් යහපත් දේ කරන කෙනෙක් ඉදිරියේ ද්වේෂ සහගත සිතිවිලි උපදින්නේ නම් වහා කළයුතු දිය සෙවෙල් පිරි දිය කඩකින් වතුර බීමේ දී දිය සෙවෙල් ඉවත් කොට පිරිසුදු වතුර පමණක් පානය කරන්නා සේ ඔහුගේ යහපත් ක්‍රියාව සිහිපත්කොට තරහ සිතිවිලි පාලනය කර ගැනීම ය.


   බක් අව අටවක 

 මැයි 03 සදුදා අපර භාග 13.39 අව අටවක ලබා 04 අඟහරුවාදා
අපර භාග 13.10 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]