[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා මහ සෑය

මිහින්තලා මහ සෑයේ හුණු පිරියම් කිරීම ඇරැඹේ

පින්බර පොසොන් පුර පොහෝ දාක සිදුවූ අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනයත් සමඟ ලංකාද්වීපයේ සමාජයීය, සංස්කෘතික හා ආධ්‍යාත්මික වශයෙන් ප්‍රබුද්ධ ප්‍රගමනයක ආරම්භය ද සිදුවුණි. එහි කේන්ද්‍රස්ථානය වූයේ පින්බර මිහින්තලා පුදබිමයි. දහස් ගණනින් රහතන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ හෙළයන්ගේ අභිමානනීය නවෝදයෙහි කැඩපතක් වූ ඒ පින්වත් පුදබිමෙහි සිට අසිරිමත් මහින්දාගමනය සිහිපත් කරමින් අනුබුදු මිහිඳු මාහිමියන්ට පූජෝපාහර දක්වනු පිණිස වෙසෙසින් පොසොන් පුර පොහෝදාට මහා පින්කම් සංවිධානය කිරීමට අතීත රජ දරුවෝ අමතක නොකළහ. අද ද ඒ අසිරිමත් මඟ යමින් පොසොන් පුර පොහෝදාට මිහින්තලා පුදබිමෙහි අපමණ පින්කම් සංවිධානය වේ. ඒවාට සහභාගි වී සැදැහැවත් බොදුණුවෝ ජීවන ගමනට පින් රැස් කර ගනිති. මෙවරද රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලා පුදබිමේ පිළිසකර කටයුතු ආරම්භ කිරීමට මේ වනවිටත් කටයුතු සූදානම්ව තිබේ. ඒ අනුව මිහින්තලා මහා සෑ රදුන්ගේ හුණු පිරියම් කිරීම සහ සෙසු විහාරාරාංගයන් හි තීන්ත ආලේප කිරීමේ පින්බර සමාරම්භය පසුගියදා 29 වැනිදා සිදු කෙරිණි. ඒ මිහින්තලේ රාජමහා විහාරාධිපති හා භාරකාර ,ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදිය.


   බක් අව අටවක 

 මැයි 03 සදුදා අපර භාග 13.39 අව අටවක ලබා 04 අඟහරුවාදා
අපර භාග 13.10 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]