[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශෛලමය ළිඳ හා උමඟ පිහිටි විහාර ගෙය

සුන්දර හංගමුව ඔයට මායිම් වූ භූගත රහස් රැසක් සඟවා ගත් වසර 2100ක් පැරැණි රත්නපුර පොත්ගුල් රාජ මහා විහාරය

මෙරට ඉතිහාසය ගොඩනැගීමේ දී ආදි මානවයින් (ප්‍රාග් ඓතිහාසික යුගය) පිළිබඳ තොරතුරු සපයන ලෙන් සමූහයක් රත්නපුරය කේන්ද්‍ර කරගෙන පිහිටා ඇත. ලෝක ප්‍රසිද්ධ බළන්ගොඩ මානවයා හෙවත් නූතන මානවයාගේ පැරැණිම සාධක සොයා ගනු ලැබුවේ ද මේ භූමියෙන් ම ය. ඉතිහාසය ගොඩනැඟීමට අවැසි සාධක සපයන්නා සේ ම රටේ ආර්ථික සංවර්ධනයට අවැසි මැණික් ලබා දෙන්නා වූ මෙම භූමියේ තවත් අපූර්වතම හා ගුප්ත දේ සැඟව පවතී. රත්නපුර පොත්ගුල් රාජමහා විහාරය යනු එවන් ගුප්ත සාධක සපයන ස්ථානයකි. මෙම විහාරයේ කුතුහලය දනවන, ගුප්තාර්ථ දනවන අංග ත්‍රිත්වයක් විද්‍යමාන ය. ඒවාහි විශේෂත්වය වන්නේ එම අංග ත්‍රිත්වය ම භූගතව පිහිටා තිබීමයි. ඒවා වන්නේ විහාරයේ සිට කි.මී.2ක් පමණ ඈතට භූගතව විහිදී යතැයි සැලකෙන ළිඳක්, කිසිදා වතුර නොසිදෙන ඖෂධීය පොකුණක් හා විහාරයේ සිට කි.මී.10ක් පමණ ඈතට භූගතව විහිදී යතැයි සැලකෙන උමඟකි. පොත්ගුල් රජමහා විහාරය පිහිටා ඇත්තේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පුරාණ කුරුවිට කෝරළයට අයත් කරන්ගොඩ ග්‍රාමයේ ය. රත්නපුර නගරයේ සිට කි.මී.3.7ක් පමණ ඇලපාත මාර්ගයේ පැමිණ කොටාමුල්ල මංසන්ධියෙන් දකුණට හැරී දිමියාව-රද්දැල්ල මාර්ගයේ මඳ දුරක් ගියවිට දකුණු දෙසින් ඇති කුඩා පාලම ඔස්සේ ගොස් මෙම විහාරයට ළඟාවිය හැකි වේ.


   බක් අව අටවක 

 මැයි 03 සදුදා අපර භාග 13.39 අව අටවක ලබා 04 අඟහරුවාදා
අපර භාග 13.10 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]