[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාපාන මා හිමිට මොක්සුව ලැබේවා..

නාපාන මා හිමිට මොක්සුව ලැබේවා..

සැම සත් වග කෙරෙහි මෙත් කරුණා පාන
සඟ තරු අතර බැබළුණ පුන් සඳ පාන
ගරුතර පේමසිරි සමිඳුට නා පාන
පතනෙමු නිවන් සුව සැදැහෙන් අපමාණ

නො පහන් අයගෙ සිත් පහදා හැඳීන දැන
පැහැදුන සිත් තවත් සුපහන් කරන මෙන
ගත මෙන් සිත ද සංවර ලෙස හැසිර වුණ
මා හිමි ඔබයි වැඩසිටි රට බබළව න

අත්තුක්කංසනය පරවම්බනය කියා
ගුණමකුබවෙක ලකුණක්වත් නොමැති නියා
හැමවිට සෙත් පතන කළගුණ නොයෙක කියා
පිළිවෙත රැඳේ අප මතකයේ බැහැර නොයා

හිමි හදවතෙහි කරුණා ගුණ ගලා යන
සිසිලැති වදන් කියමින් සිත් නිවා ලන
හිමි සෙත් පතන විට හිස අත තියාගෙන
අපි තුටු කඳුළු හෙළුවෙමු දන නමාගෙන

දෝතට රැගත් මල් ගොමුවක් පැහැති නෙක
නො ගිළිහි යන පරිදි මලකුදු එකම එක
රැකසිටි සඟ පිරිස සිරිලක් රමන නක
හිමි ඔබ පමණි මහනායක මෙ සිරි ලක

ගුණ නැණ දෙකින් යුතු පුතුමය ඉතා ගරු
යන පඬි වදන සැබැවක් බව පසක් කෙරූ
හිමි යහ සිරිත වෙන කිසි තැන නො දුටු විරූ
ආදුරුසයක් මය අප දිවි කෙරෙන සරූ

තිස්වැනි දිනට එළැඹෙන මේ නොවැම්බරේ
දිවි මග එකුන්සිය වසරට ගමන් කෙරේ
සිහි කර තුටින් ඒ හා බැඳී කතන්දරේ
මොක්සුව පතමු මා හිමි වෙත නිරන්තරේ

  ඉල් පුර අටවක 

නොවැම්බර් 21
සෙනසුරාදා අපරභාග 09.48 න් පුර අටවක ලබා 22 ඉරිදා අපරභාර 10.51 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]