[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

දසත සුපතළ පෙරදිග මහා තක්සලාව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් විහාරය

මෙරට අග‍‍්‍රගණ්‍ය ප‍‍්‍රාචීන භාෂා සහ බෞද්ධ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙසින් සම්භාවිත පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන දෙස, බස, දැය, සමය උද්දීපනය කරවීම උදෙසා සිදු කළ මෙහෙවර අනල්ප වෙයි. විද්‍යාලංකාර පිරුවනෙහි ශාස්ත‍ී‍්‍රය මෙහෙවර ඇගයීම නොව සම්භාව්‍ය පුරාණ විහාරස්ථානයක් වශයෙන් වැදගත්කම මෙහි විස්තර කරනු ලබයි. මහනුවර යුගයේ ස්‍යාමෝපසම්පදාව පිහිටුවීමෙන් පසු කොළඹ දිසාවෙහි ශාසනෝද්දීපනියට කැප වූ ආසිදෙණියේ ධර්මකීර්ති හිමියන් විසින් පුනර්ජීවය ලබා දුන් ප‍‍්‍රථම විහාරස්ථානය ලෙස රත්මලානේ පුරාණ විහාරය හඳුන්වා දිය හැකි ය. වලානේ ශී‍්‍ර සිද්ධාර්ථ මාහිමියන් සෙවණේ ශාස්ත්‍රෝද්ග‍‍්‍රහණය කළ දෙස් විදෙස් සුපතළ කීර්තිමත් හිමි නමක වූ රත්මලානේ පුරාණ විහාරාධිපති රත්මලානේ ශ‍ී‍්‍ර ධර්මාලෝක මාහිමියන් වහන්සේ සහ තත් ශිෂ්‍ය රත්මලානේ ශ‍ී‍්‍ර ධර්මාරාම නාහිමියන් වහන්සේ කැලණි ප‍‍්‍රදේශවාසී හිමිවරුන්ගේ සහ දායකයන්ගේ ඇරයුම පරිදි 1874 වර්ෂයේ දී පෙතියාගොඩ විහාරයේ ද 1875 වර්ෂයේ දී දළුගම ග‍‍්‍රාමයේද වස් විසූහ. මෙම කාලයේදී දොන් ආබ‍‍්‍රහම් සමරතුංග රන්දුනු බස්නායක මුහන්දිරම් රාළහාමි ප‍‍්‍රමුඛ පළාතේ ප‍‍්‍රභූන්ගේ දායකත්වයෙන් විද්‍යාලංකාර දායක සභාව පිහිටුවා ගන්නා ලද අතර, එම සභාව විසින් මිලට ගත් පෑලියගොඩ තොරණ හන්දියට යාබද ගාලගොඩවත්ත නම් වූ බිම් කොටසෙහි වර්ෂ 1875 නොවැම්බර් මස පළමුවන දින විද්‍යාලංකාර පිරුවන ආරම්භ කරන ලදී.

  ඉල් පුර අටවක 

නොවැම්බර් 21
සෙනසුරාදා අපරභාග 09.48 න් පුර අටවක ලබා 22 ඉරිදා අපරභාර 10.51 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]