[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

නිරෝගි වීමේ රහස පෙන්වා දෙන දෝණපාක සූත්‍රය

ථේරවාද බුදු දහමෙහි විනය, සූත්‍ර, අභිධර්ම යන ත්‍රිපිටකයට අයත් බොහෝ දේශනා පුද්ගලයාගේ මෙලොව පරලොව යන දෙලොව සැප සඳහා තථාගත බුදුපියාණන් වහන්සේ විසින් දේශිත ඒවා ය. ඒ අතුරින් සූත්‍ර පිටකයෙහි ප්‍රධාන කොටස් පහ අතුරින් සංයුත්ත නිකායට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අනුව සරල කෙටි දේශනාවන්ගෙන් සමන්විත මෙකී නිකාය සඳහා සූත්‍ර 7762 ක් ඇතුළත් බව සංයුත්ත නිකායට ලියන ලද අටුවා ග්‍රන්ථය වන සාරත්ථප්පකාසනියෙහි මැනවින් කරුණු සඳහන් වේ. සංයුත්ත නිකායෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි සංයුත්ත නමින් කොටස් 11කට බෙදා ඇති අතර, ඒ අනුව සියලු සූත්‍ර දේශනා සංග්‍රහ කොට ඇති බව දැකිය හැකි ය. “කෝසල සංයුත්තය” එයින් එක් සංයුත්තයකි. එහි සඳහන් වන්නේ පසේනදි කොසොල් මහ රජතුමා පිළිබඳව හා එතුමා අරභයා දේශනා කොට ඇති දහම් කරුණු ය. ඒ අනුව කෝසල සංයුත්තයෙහි සඳහන් ඉතා වැදගත් සූත්‍ර දේශනාවක් ලෙස “දෝණ පාක” සූත්‍රය හැඳින්විය හැකි ය. දිනක් කොසොල් මහ රජු බුදුපියාණන් වහන්සේ වෙත එළැඹියේ ය. උන්වහන්සේට වැඳ නමස්කාර කොට එකත් පසෙක හුන්නේ ය. රජු බොහෝ සෙයින් ආහාර අනුභව කොට දැඩි අපහසුතාවෙන් සිටින බව දුටු බුදුරදුන් රජුට ශරීර සුවයට හේතු වන කරුණු දේශනා කොට වදාළහ. එහිදී, හැම කල්හි සිහිය ඇති, ලැබුණු ආහාරයෙහි පමණ දන්නා මිනිසාගේ දුක් වේදනා දුරු වේ. වැළඳූ ආහාර සෙමින් දිරවයි. ආයුෂ වැඩිවෙයි. යනුවෙන් තථාගතයන් වහන්සේ පසේනදි කොසොල් මහ රජුට ආහාර වැළඳිය යුතු අයුරු මෙන්ම එයින් දීර්ඝායු සම්පත් ලැබෙන බව පෙන්වා දුන්හ.


  ඉල් පුර අටවක 

නොවැම්බර් 21
සෙනසුරාදා අපරභාග 09.48 න් පුර අටවක ලබා 22 ඉරිදා අපරභාර 10.51 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]