මෙත් ගුණෙන් සිත් වඩමු...
ගැටහැත්ත බෝපැත්ත
ශ්‍රී සෝමානන්ද ඉංග්‍රීසි මාධ්‍ය මූලික පිරිවෙන්
විහාරාධිපති
ශාස්ත්‍රවේදී
රාස්සගල චන්දකිත්ති හිමි
තවකෙකුට ක්‍රෝධ කිරීම නම් වූ අකුසලයේ ප්‍රතිඵලයක් ලෙස මිනිස් ලොව ඉපදුණොත් විරූපී
වී උපත ලැබීමට සිදු වන බව ධර්මයේ සඳහන් වී ඇත. අන්‍යයන්ට ප්‍රියමනාප නොමැති ව,
අන්‍යයන් පිළිකුල් කරන තත්ත්වයට පත්වීමට වෛරයෙන් සිත දූෂ්‍ය කරගත් පුද්ගලයාට
සිදුවෙයි.
මව් කුසින් මෙලොව එළිය දුටු කුඩා ළදරුවෙකුගේ සිත මොළකැටි ය. ප්‍රසන්න ය. තරහව නැත.
ක්‍රෝධය නැත. වෛරය හෝ ඊර්ෂ්‍යාව නැත. නමුත් වයසින් ටිකෙන් ටික මුහුකුරා යන විට ළදරු
අවධියේ පැවැති මොළකැටි සිත තුළ ම කාලයාගේ ඇවෑමෙන් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම හා
වෛරය නිසා සිත අප්‍රසන්න තත්ත්වයට, පිරිහීමට පත් වේ.
එතුළින් සිත, කය හා වචනය යන තුන් දොරින් ම නිරන්තරයෙන් අකුසල ක්‍රියාවන්ට යොමු වේ.
පාපයට නතු වෙයි. මෛත්‍රිය වෙනුවට බද්ධ වෛරයෙන් කටයුතු කිරිම නිසා මෙලොව හා පරලොව
පිරිහීමට හා දුගතියට ලක් වේ.
වෛරයේ හෙවත් ක්‍රෝධයේ ස්වභාවය, ධර්මය තුළ ක්‍රෝධ කරන සිත් ක්‍රියාත්මක වන ආකාරය
විස්තර කිරීමේ දී දක්වා ඇත්තේ දියේ ඇඳි ඉරක් සේ ඉක්මනින් මැකී යන ක්‍රෝධ සිත් ඇති
පුද්ගලයාට තමාගේ අඩුපාඩුකම් හඳුනාගෙන, ක්‍රෝධය ඉතාමත් ඉක්මනින් නැති කර ගෙන, සිත
දියුණු කරගත හැකි බව යි. දිගින් දිගට පවත්වා ගෙන යන සදාකාලික වෛරයක් ඔහුගේ සිත තුළ
නොවීම මෙයට හේතුව යි. ක්‍රෝධ කරන්නාගේ අනෙක් ස්වභාවය නම් පොළොවේ ඇඳි ඉරක් සේ
ක්‍රෝධය පවත්වා ගැනීම යි. මෙලෙස ක්‍රෝධයෙන් පසුවන්නාට ද තමාගේ සිත දියුණු කළ හැකි
ය. පෙර කී පරිදි එම තැනැත්තාගේ වෛරය ද ස්ථිර නැත. කාලයක් එම වෛරය, ක්‍රෝධය පැවතුණ ද
කලක් ඇවෑමෙන් එම ක්‍රෝධ චිත්තය නැති වී යයි. ධර්මයේ දැක්වෙන්නේ එවැන්නෙකුට ද තම සිත
දියුණු කිරීමේ අවකාශය ඇති බව යි. ඒ සඳහා අවශ්‍ය වන්නේ උත්සාහය හා වීර්යය පමණි.
අවසාන පුද්ගලයාගේ ස්වභාවය වන්නේ ගලක කෙටූ ඉරක් සේ ක්‍රෝධය සදාකාලික ව පවත්වා ගෙන යන
පුද්ගලයා ය. එම නැතැන්තාට සිත දියුණු කළ නො හැකි ය. එම ක්‍රෝධය නො සන්සිඳෙන දෙයකි.
ආත්මයෙන් ආත්මයට පවත්වා ගෙන යන බද්ධ වෛරයකි.
අප ගෞතම තථාගතයන් වහන්සේ කෙරෙහි දේවදත්ත තෙරුන් වහන්සේ ඇති කරගෙන සිටියේ එවැනි
නොසන්සිඳෙන වෛරයකි. ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත්වන ආත්මය දක්වා ම දේවදත්ත
තෙරණුවන් එම වෛරයෙන් පසු වූ නිසා අදටත් නිරයෙහි දුක් විඳියි. එම නිසා මෙම ක්‍රෝධයේ
ආදීනව නිවැරැදිව වටහා ගෙන වෛරය, ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය වෙනුවට මෛත්‍රී පූර්වක
සිතිවිලි වලින් යුක්ත වීමට සැම විට ම උත්සාහවන්ත විය යුතුම ය.
අප කිසිවෙක් කිසිවෙකුට වෛර නො කර නැතැයි පැවසීම ඉතාම අපහසු ය. සුළු හෝ සිදුවීමක්
හේතුවෙන් අප කිසිවෙකුට හෝ සසරේ කවදා හෝ ක්‍රෝධ කර ඇත්තෙමු. එය එසේ නොවේ යැයි පැවසීම
පවා මුසාවකි. මෙම ආත්ම භවයේ දී ද කවදා හෝ කිසිවෙකුට හෝ වෛර සිතිවිලි පෙරටු කරගත්
කාය කර්ම, වාග් කර්ම හෝ මනෝ කර්ම වලින් තවකෙකුට පීඩා කරන්නට ඇත. හිංසා කරන්නට ඇත.
මෙම වෛරයේ, ක්‍රෝධයේ ආදීනව පිළිබඳ දක්වන බොහෝ අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ දේශනා
කරන්නේ “මෙම ක්‍රෝධයෙන් , වෛරයෙන් මඩනා ලද සිත් ඇති නිසා සතර අපායේ ඉපදුණු වාර ගණන
අනන්ත අප්‍රමාණ බව ය.” එතරම් බරපතළ ප්‍රති විපාක ගෙන දෙන අකුසල සිතිවිල්ලක් ලෙස
ක්‍රෝධය දැක්විය හැකි ය.
තවකෙකුට ක්‍රෝධ කිරීම නම් වූ අකුසලයේ ප්‍රතිඵලයක් ලෙස මිනිස් ලොව ඉපදුණොත් විරූපී
වී උපත ලැබීමට සිදු වන බව ධර්මයේ සඳහන් වී ඇත. අන්‍යයන්ට ප්‍රියමනාප නොමැති ව,
අන්‍යයන් පිළිකුල් කරන තත්ත්වයට පත්වීමට වෛරයෙන් සිත දූෂ්‍ය කරගත් පුද්ගලයාට
සිදුවෙයි. මේ හේතුවෙන් ජීවිතය පිරිහීමට ලක් වෙයි. කිසිවෙකු අගය නො කරන, ඇතැම් විට
සමාජ වටිනාකමක් පවා නො ලැබෙන තරමට ම මිනිස් ජීවිතය පරිහානියට ලක් වෙයි. එම නිසා සෑම
මොහොතක ම සියල්ලන්ට ම අවෛරී සිතින් ක්‍රියා කිරීමට යොමු විය යුතු ය.
අනුරුද්ධ මහ රහතන් වහන්සේට නැගණියක් විය. ඇය කුෂ්ඨ රෝගයකින් අධික පීඩාවට ලක් වී
සිටි කාන්තාව කි. කෙතරම් ප්‍රතිකාර කළත්, ඇය සුවය නො ලැබුවා ය. අනුරුද්ධ මහ තෙරුන්
වහන්සේ සුව නො වන රෝගයට හේතුව කුමක්දැයි සොයා බලන අතරතුර ඇයගේ අතීතය තම නුවණින්
සිහි කළේ ය. එවිට උන්වහන්සේට දැක ගැනීමට හැකි වූවේ එක් ආත්ම භවයක දී රාජ මාළිගාවක
රජ බිසවක වී උපත ලබා සිටි ආකාරය යි. එකල ඇය එම රජ මාළිගයෙහි සිටි තවත් ලස්සන බිසවකට
ඇයගේ ලස්සන බව නිසා ම ඊර්ෂ්‍යා කරන්නට විය. වෛරයෙන් හා අධික ක්‍රෝධයෙන් යුතු ව ඇයට
විවිධ පීඩාවන් පමුණු වන්නට වූවා ය. දිනක් මෙම රජ බිසව අර ලස්සන කාන්තාව නිදාගන්නා
ඇඳේ කහඹිලියා දමා එනවා. අර බිසව ඇඳට ඇවිත් ටික වේලාවක් නිඳාගෙන ඉන්න කොට මුළු
ශරීරය ම කසන්න පටන් ගනියි. රජ බිසව මේක බලන් ඉඳලා හොඳට ම සතුටු වෙනවා. තවත් අයෙකුට
ක්‍රෝධ කරන්න ගත්තා ම එම ක්‍රෝධ කිරීමේ ස්වභාවය කෙසේ ද යන්න මෙතුළින් අපට අවබෝධ
කරගන්න පුළුවනි. එම නිසා සියලු දෙනා කෙරෙහි මෙත් සිත පෙරටු කර කටයුතු කිරීමට සෑම
විට ම වග බලා ගත යුතු ය. අනෙකාට වෛර කිරීමේ දී අවසානයේ පීඩාවට පත්වන්නේ ද කෙදිනක හෝ
තමා ම බව නුවණින් තේරුම් ගෙන කටයුතු කිරීමට උත්සාහවන්ත විය යුතු ය. |