UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර 20 වෙනිදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී

මධ්‍යම පළාතේ හාරිස්පත්තුව , තුම්පනේ,උඩුනුවර, යටි නුවර, දුම්බර, හේවාහැට යන ප්‍රදේශවල යළ මහා දෙකන්නේ වී අස්වැන්නෙන් සහ සුළු අපනයන බෝග සම්පත්වලින් සශ්‍රීක වූ සාරවත් ප්‍රදේශ වෙති. රටේ සෞභාග්‍යයත්, ආශිරිවාදයත් ප්‍රාර්ථනා කරමින් එම ප්‍රදේශවලින් බුද්ධ පාත්‍රයකට එකතුකරන ලද මාස්පතා බෙහෙත් ඖෂධ වර්ග අනුරාධපුර ජය සිරි මහා බෝ සමිඳුන්ට පූජා කිරීමේ පූජෝත්සවයක් 63 වෙනි වතාවටත් ජනවාරි මස 20 වෙනි දින පැවැත්වීමට මහනුවර සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරිමහ බෝ පදනම සංවිධානය කර ඇත. ජය සිරිමහ බෝ සමිඳුන් සිරිලකට වැඩමකොට, වසර 2326 ක් සපිරීම, ප්‍රථම රන්වැට ඉදිකොට වසර 51 ක් පිරීම, රට වැසි සැමට සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් නව වසරට සෙත් පැතීම මූලික අරමුණු කොට වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අසිරිමත් මහ බෝ වන්දනා සහ මහ බෝ පෙරහරට ප්‍රදේශ රැසක ගරුතර මහා සංඝරත්නය, සැදැහැවතුන් සහභාගි වෙති. බෝග වගාවත්, අස්වනු පූජා වට්ටි ලෙස සකස් කරගත් ගොවි පවුල් එම වන්දනා පෙරහරට සහභාගි වීම විශේෂ සිද්ධියකි. අනුරාධපුර ථූපාරාම චෛත්‍ය මලුවෙන් සවස 2.00 ට පමණ ගරුතර මහා සඟරුවන පෙරටු කර ගෙන පිටත්වන මහ බෝ පෙරහරේ ජයසිරිමහ බෝ සමිඳුන්ට පුදන මහා කප්රුකක් රැගෙන යෑමෙන් ප්‍රාර්ථනාවන් සිහි පත්කර ගනිති.

ඉතිරිය»

බෙල්ලන්විල වෛද්‍ය සායනය 21 දා

බෙල්ලන්විල රජමහා විහාරස්ථ ප්‍රජා සංවර්ධන පදනම සෞඛ්‍ය අමාත්‍යාංශය හා දකුණු කොළඹ මහරෝහල තෛ‍්‍රමාසිකව සංවිධානය කරන විශේෂඥ වෛද්‍ය සායනය මෙම 21 දා උදේ 8.00 ට සිට දවල් 12.00 දක්වා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ. විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම විශේෂඥ වෛද්‍ය සායනය පැවැත්වෙන අතර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් එහිදී හමුවිය හැකි ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

මොහඳුරු වැඩුණු තරමට ගනඳුරු වේ ය මෙ සසර

අද පෝදා ධර්මානුශාසනාව ලෙස මා මාතෘකා කළේ බෞද්ධයාගේ හස්ථසාරය වන ධම්මපදයේ නිරය වග්ගයේ අන්තිම ගාථා දෙකයි. එහි සරල අදහස වන්නේ “නිවැරැද්ද වැරැද්ද සේ ද, වැරැද්ද නිවැරැද්ද සේ ද සලකන, මිසදිටු අදහස් දරන්නෝ අපායට යති. වරද වරද ලෙස ද, නිවැරද නිවැරැදි ලෙස ද, දැන සම්මා දෘෂ්ඨිය ගත් අය සුගතියට යති.මෙම වටිනා අදහස් ඇතුළත් ගාථා දේශනාව බුදුරදුන් දේශනා කළේ සැවැත්නුවර නිවටුන් අදහන පිරිසක් මුල්කර ගෙන ය. සැවැත්නුවර ඒ ඒ ප්‍රදේශවල බුදුරදුන් සරණ ගොස් තුනුරුවන්ට ගරු සරු ඇතිව ජීවත්වන මිනිසුන් අතර මිථ්‍යාදෘෂ්ඨික ශාස්තෘන් අදහන අය ද වාසය කළහ. ඔවුන්ගේ දරු දැරියෝ භේදයකින් තොරව කෙළි සෙල්ලම් කළ අතර සමගිව වාසය කළහ. තුණුරුවනට ගරුකරන ළමයි විහාරයට යති එති. භික්ෂූන් දුටු තැන වඳිති පුදති. නමුත් මිථ්‍යාදෘෂ්ටික අදහස් ඇති මවුපියවරු තම දරුවන්ට විහාරයට නොයන ලෙස තහනම් කළහ. දිනක් සෙල්ලම් කරමින් සිටි ළමයින් කණ්ඩායමක් දෙව්රම් විහාර දොරටුව අභියසට පැමිණි අතර පිපාසාව සන්සිඳුවා ගැනීමට විහාරස්ථානයට ඇතුළුවීමට සාකච්ඡා කළහ.

ඉතිරිය»

තමා කළ නොකළ දේ විමසා බැලීම

තමන් සිහි කළ යුත්තේ ද, විමසා බැලිය යුත්තේ ද, තමා කළ නෙකළ දේ පිළිබඳව ය. අනුන් කළ, නොකළ දේ, පිළිබඳව සිත යොමු කිරීම තමන්ට අදාළ කාරණයක් නොවේ . නමුත් සාමාන්‍ය සමාජයේ සිරිත වන්නේ අනුන් කළ, නොකළ දේ හොඳින් විමසා බැලීමත් තමා කළ, නොකළ දේ නිවැරැදි ඒවා ලෙස සලකා නොසිතා හැරීමත් ය. සාමාන්‍ය මිනිස් සිත්සතන්වල ස්වභාවය වන්නේ තමන් නිවැරැදි පුද්ගලයෙකු ලෙස පිළිගැනීම හා අන්‍යයා වැරැදි පුද්ගලයෙකු ලෙස පිළිගැනීමය. තමන් උසස් උත්තම වර්ගයේ පුද්ගලයෙකු ලෙස හඳුන්වා දෙමින් අන්‍යයා පහත් අයෙකු බව හෙළිකිරීමට උත්සාහ කරයි. බුදුසමයෙහි එම ගති ලක්ෂණය “අත්තුක්කංසන පරවම්භන” වශයෙන් හඳුන්වයි. තමන් සිතන, කියන, කරන, කටයුතු උදාරාර්ථයෙන්ම සලකා බැලීම අත්තුක්කංසන නම් වේ. එසේ සිතා සමාජයේ ද ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කර යි.

ඉතිරිය»

ද්‍රෝණ බමුණාට දහම් දෙසීම

 

 දුරුතු අමාවක පෝය 


 දුරුතු අමාවක පෝය ජනවාරි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 5.13 ට ලබයි. 17 බදාදා පූර්ව භාග 07.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජනවාරි 24 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]