UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

 

මෙත් කරුණා දහරා

අඟුල් මල් තෙම මව මැරීමෙන් අපාගත වන බව පෙනී
ඔහුගෙ අසලට වැඩම කෙරුණේ ඔහුට අනුකම්පා වෙනී
අපේ බුදු සමිඳුගේ බලයෙන් අඟුල් මල් දමනය වුණී
සසුන් ගතවී නොබෝ දිනකින් රහත් බව හිමි කර ගනී


ජාතිපි දුක්ඛා

ජාතිය ජරාවය ලෙඩවීම මරණ ය
මරණින් පසු ව අත්වන දුක ය සෝක ය
දුක් දොම්නස් නිසා පරිදේව ය දුක් ය
ඒ හැම දුකට හේතුව මුලය ජාති ය

ජාතිය දුකක් ලෙස පෙන්වා දුන් සේක
ජාතියෙ නො ඇලෙන්න යනු වදහළ සේක
හේතුඵල දහම බුදු හිමි දෙසූ සේක
හේතු නැතිදාට ඵලයක් නැති සේක


දහම

සඟ රුවනට කිසි වරදක් කියනු එපා
යන්නට වේ ය මරණින් පසු සතර අපා
තම මව්පියන් රැකගෙන නැමදුමෙන් දෙපා
නිවනින් නිවී යයි මතු සුර ලොවක් එපා


සෙල් පිළිමයෙන් ...

ලෝකෙන් ලොකු ම බුදු පිළිම නෙළන් නට
සෙල්ගිරි වෙහෙර නැවකඩ ගම පහන් කොට
තෙරුවන් බෙලෙන් දෙව් රැකවරණයෙන් සෙට
ආසිරි පතන්නෙමු අපි ඔබ වහන් සෙට

ආලංකුලමෙ පණ්ඩිත හාමුදුරු වනේ
සෙල්ගිරි විහාරය හිමිගෙනි එළිය වුණේ
නැවකඩ ගමට පුර සඳ මෙන් සිරිය ගෙනේ
සෙල් පිළිමයෙන් එය තව ඔප් නැඟෙනු පෙනේ


උදාන ය

මහියංගනේ සෑ මළුවට වඩින විට
තෙමි තෙමි නෙළුම් මල් විකුණා පිරිස මැද
ලොකු හාමුදුරුවෝ වැඩියා අප වෙත ට
පැවිදි වෙන්න කැමැති ද ළමයෝ ඇසුවා

දොහොත් මුදුන් දී අම්මා වැඳ වැටුණා
මගේ පුතුට ඒ පින ඇද්දැ’යි අසුවා
දෙනෙතේ කඳුළු කැට රෙදි පොටඟින් විසඳා
ලොකු හාමුදුරුවන් වෙත මා පූජ කළා


උඳුවප් පොහෝ වරුණ

සඟමිත් රහත් තෙරණිය දඹදිවෙහි සිට
එකොළොස් නමක් සහ පිරිවර ගෙන නැව ට
නැඟිලා බෝ සමිඳු තබවා සිය හිසට
වැඩමෙව් සේක අප පින්බර ලක් දිවට

සඟමිත් තෙරණියගෙ බැති සිතිවිලි පරිදී
අනුලා මෙහෙණියන් පසු පස්සෙ ම වොරැඳී
හෙළ දෙරණෙහි කතුන් බොදු දහමින් පිබිදී
මෙහෙණින් සසුන් බැබළුණි වීමෙන් පැවිදී

 

උඳුවප් අව අටවක පෝය 


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 10 වනදා ඉරිදා පූර්ව භාග 01.41 ට ලබයි. 11 වනදා සඳුදා පූර්වභාග 01.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය දෙසැම්බර් 17 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]