UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහා නාහිමියන් වැඩවෙසෙන මහනුවර, මැණික්හින්න,හුරෙයිකඩුව ශ්‍රී විද්‍යාසාගර මහ පිරිවෙන වෙත ඉකුත්දා ගිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසී ය.  මහානාහිමියන්ගේ අනූ හය වන ජන්ම දිනය පසුගියදා ට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් උන්වහන්සේ වෙත ජන්ම දින සුබපැතුම් පළ කළ ජනාධිපතිතුමා දීර්ඝායුෂ ද ප්‍රාර්ථනා කළේය. අනතුරුව උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වූ අතර විහාරස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන් සමග ද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත විය. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.
ඡායාරූප :– කපිල ආරියවංශ
ජනාධිපති මාධ්‍ය අංශය

 

 

ශ්‍රී ලංකා වන්දනා චාරිකා සංවිධාන

2018 වසරට ලියාපදිංචි කිරීමේ කටයුතු ඇරඹේ

ඉන්දියාවේ සහ නේපාලයේ සංචාර සංවිධානය කරන ශ්‍රී ලාංකික වන්දනා චාරිකා සංවිධාන 2018 වසර සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව බුද්ධශාසන අමාත්‍යාංශය කියයි. ඒ අනුව සුදුසුකම් සපුරා ඇති 2018 වසර සඳහා ලියාපදිංචි වීමට උනන්දුවක් දක්වන වන්දනා චාරිකා සංවිධාන සඳහා අදාළ අයදුම්පත් බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් ලබාගත හැකි වේ. නිසිපරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2017.12.15 දින දක්වා භාර ගනු ලබන අතර 2018 වසර සඳහා ලියාපදිංචි කරනු ලබන වන්දනා චාරිකා සංවිධාන වෙත ඒ බව ලිඛිතව දන්වන බව ද එම අමාත්‍යාංශය කියයි. ඊට අමතරව වත්මන් රජය බුදුසසුන වෙනුවෙන් දක්වන අනුග්‍රහය සහ සංවර්ධනය වෙනුවෙන් කරනු ලබන කැපවීම ගැනද තවදුරටත් අදහස් දැක්වී ය.

ඉතිරිය»

 

උඳුවප් අව අටවක පෝය 


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 10 වනදා ඉරිදා පූර්ව භාග 01.41 ට ලබයි. 11 වනදා සඳුදා පූර්වභාග 01.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය දෙසැම්බර් 17 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]