UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

සදහම් අරණ නිර්මාණ තරගය

සදහම් අරණ ළමා සමාජයේ දූ දරුවනි, ළමා සමාජයේ මෙතෙක් සාමාජිකත්වය දැරූ ඔබ වෙනුවෙන් ග

ද්‍ය, පද්‍ය තරගාවලියක් පැවැත්වීමට තීරණය කළෙමු. පළමු ශ්‍රේණියේ සිට හතර ශ්‍රේණිය දක්වා “රාහුල පොඩි හාමුදුරුවෝ”, පහ ශ්‍රේණියේ සිට අට ශ්‍රේණිය දක්වා “පන්සිල් රැකීමේ අනුසස්”, නවවන ශ්‍රේණියේ සිට දහතුන් වැනි ශ්‍රේණිය දක්වා බුදු දහමයි – පරිසරයයි යන මාතෘකා යටතේ තරගය පැවැත්වෙයි. රචනා එවීමේ දී වචන 150 කට සීමා කරමින් නිර්මාණාත්මක නිර්මාණ අප වෙත එවන්න. හොඳම නිර්මාණ තුන උදෙසා තෑගි පිරිනැමේ. ඔබගේ සාමාජික අංකය වන්නේ නමට ඉදිරියෙන් පළකළ අංකය යි. නිර්මාණ අමාවක, අව අටවක, පසළොස්වක, පුර අටවක බුදුසරණ කලාපයන්හි පළ කරන්නෙමු. සංස්කාරිකා, “සදහම් අරණ”, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට නිර්මාණ එවිය හැක.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

139. බම්බලපිටිය – ශ්‍රී වජිරාරාම දහම් පාසලේ
4 ශ්‍රේණිය, ඒ.ඒ.ඩී. කිසාන් රන්සික අමරසිංහ

140. පොරමඩුල්ල ජාතික පාසලේ
8 ශ්‍රේණිය
ඩබ්. එම්. ලිහිණි හර්සරා

141. කොළඹ – නාලන්දා විදුහලේ,
1 ශ්‍රේණිය,
එන්.ඉනුර සනුමිත

142. කුලියාපිටිය මලියදේව විදුහලේ
2 ශ්‍රේණිය,
උමේග බස්නායක ජයසිංහ

143. දැවමොට්ටාව ශ්‍රී සුජාතා දහම් පාසලේ
9 ශ්‍රේණිය
කේ.සෙව්මිනි නිවාගිනි

144. කොළඹ 07 – රාජකීය විදුහලේ
9 ශ්‍රේණිය ,
නිදුල දින්සද මනිමේන්ද්‍රා

145. මාතලේ – සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විදුහලේ
05 ශ්‍රේණිය,
එම්.ඒ. දිනද ලෝනිත මහවෙලආරච්චි

146. කෑගල්ල /දෙහි/බෝ රාජසිංහ විදුහලේ
2 ශ්‍රේණිය,
ජී.එල්. නෙලුනි ආකාශ ගුණතිලක

147. කොළඹ 09, මහා විසුද්ධාරාම ත්‍රිපිටක පිරිවෙන
මූලික ශ්‍රේණිය ,
පල්ලේගම ධම්මරක්ඛිත හිමි

148. ගනේමුල්ල ශ්‍රී සුගත සුභද්‍රාරාම දහම් පාසලේ
4 ශ්‍රේණිය,
අයි. එම්. එහංසා විනුකි

149. ගනේමුල්ල – ශ්‍රී සුගත සුභද්‍රාරාම දහම් පාසලේ
4 ශ්‍රේණිය,
අයි.එම්. ඉනාරා අනුකි


මට්ටකුණ්ඩලී කතා වස්තුව

බුදුන් දවස සැවැත්නුවර
විසීය එක් බමුණු කෙනෙක්
මසුරුකමින් අග තැන්පත්
අදින්න පුබ්බක නම් ලත්

අසූ කෙළක් ධන සම්පත්
තිබුණ ද මොහු සතුව එදා
විය පැහැදම් නෑ කරන්නේ
වස්තුව අඩුවෙතියි සිතා

මොහුගෙ එකම පුංචි පුතා
මැසිවිලි නගනවා පියාට
මිතුරන්හට මෙන් තමාට
අබරණ කිසි නැතැයි කියා

රන්කරුවන් වෙත ගියහොත්
මුදලක් වැය වෙතියි සිතා
රන් කැබැල්ලක් ගෙන තෝරා
කුණ්ඩලාභරණය කරවා

පුතුගේ කනට පැළැන්දුවා
මෙහෙම කලක් ගතවුණු පසු
දැඩි ලෝභය වැඩි හින්දා
හරි හැටි අහරක් නො ලබා

පුංචි පුතා ගිලන් වුණා
පුතුගේ ලෙඩ බලා යන්න
මහ පිරිසක් ආවොත් ගෙට
දැක ගනීවි ධන සම්පත්

සොර සතුරන් වුණත් ඒවි
මෙසේ සිතා කොලු පැටියා
සතපාලයි ගේ පිල මත
බුදුසමිඳුගෙ දයා ගුණේ

යොමුවේ අසරණ දරුවට
පුංචි පුතුගෙ නෙත ගැටුණා
විහිදෙන බුදුරැස් මාලා
දොහොත් මුදුන් දී වැන්දා

සාධුකාර හඬ නැගුවා
බුදු සිසිලේ සුවය ලබා
සමුගත් ඒ පුංචි පුතා
මට්ටකුණ්ඩලී දෙව් පුතු
නමින් උපන්නා දෙව්ලොව


පිය ගුණ ලියමි

අහස තරම් සෙනෙහස දී මා රැක ගන්නේ
පොළොව තරම් දැඩි වුණාට දරුණු නොවන්නේ
සඳු තරම්ම සිසිල් වෙලා ගුණ පුදමින්නේ
මගේ පියා මතු බවයෙත් මගේ ම වන්නේ

කාසි පනම් රජ වෙලාලු මිනිසුන් අතරේ
ලෝකෙ පුරා දුදනකමින් පිරුණා නිතරේ
නරක එපා හොඳ තෝරා ගමු අපි නිතරේ
පැවසු මගෙ පිය තුමාය දෙවියන් මිනිසුන් අතරේ

මලක් තියා බුදුන් පුදා සිත සනසා ගන්න
පිනක් කරන හොඳ දරුවෙකු වී ලා ඉන්න
පැවසු මගෙ පියාණන්ට ගරු කර ලන්න
පිය ගුණ ලියමි මතු නිවනින් සැන සෙන්න


බෝසත් උපත

කාලය ගෙවුණා
දසමස පිරුණා
මා පිය දැකුමට
ආසා හිතුණා...

මායා දේවිය
දෙව්දහ නුවරට
මහ පෙරහරකින්
පිටත් වුණා


බොදු සිරිත් රකින දරුවෝ වෙමු

අප සියලු දෙනාගේ හිත සුව පිණිස මෙලොව පහළ වු කාරුණිකයාණන් වහන්සේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ යි. උන් වහන්සේගේ දේශනාවට අනුව “සක්විති රජකමටත්, දෙව්ලොව යෑමටත්, සියලු ලෝකයන්ට අධිපති වීමටත් වඩා සෝවාන් ඵලය උතුම් ය. එනිසාවෙන් ම අප බෝසතාණන් වහන්සේ සියලු ලෝකවාසීන්ගේ හිත සුව පිණිස රජ සැප අතැර දමා, යශෝධරාව, රාහුල පුතු අතහැර උතුම් වූ සම්මා සම්බුද්ධත්වය සොයා ගිය හ.

කිසියම් හෝ ආකාරයට අපිට මේ ලෝකයේ ජීවත්වන මිනිසුන් ගණනය කරන්නට පුළුවන. එනමුත් මේ ලෝකයේ ජීවත් වන ඇසට පෙනෙන, නො පෙනෙන සතුන් කොපමණ ප්‍රමාණයක් නම් ඉන්නවා ද? කුරාකුහුඹුවාගේ පටන් ඇතා, තල්මහා වැනි සද්ධන්තයින් දක්වාම සතුන් මේ ලෝකයේ ජීවත් වේ. එසේ වුව ද ඒ ප්‍රමාණය මෙ පමණයි කියා මේ ලෝකයේ කිසිම විද්‍යාඥයෙකුට හෝ දෛවඥයෙකුට පැවසිය නො හැකි යි.

සතර අපායේ නොවැටී මනුස්සයෙකු වෙලා ඉපදෙන්නට විශාල පිනක් තිබිය යුතුයි. ඒ පිරිසගෙනුත් මෙවන් පින් බිමක වෙසෙන, සම්බුදු දහම පවතින රටක ඉපදී ජීවත්වන අප ඉතා පින්වන්ත ය.

ඒ නිසා නිතිපතා, සිල් රකින්නට පුරුදු වෙමු. අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ දේශනා කළ පරිදි අපි හැමදාමත් පන්සිල් රකින බොදු පිරිසක් බවට පත් වෙමු. අපගේ යම් වැරැදි ඇතොත් ඒවා නිවැරැදි කරගෙන සසර දුකින් එතෙර වීමට උත්සුක වෙමු.

 

උඳුවප් අව අටවක පෝය 


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 10 වනදා ඉරිදා පූර්ව භාග 01.41 ට ලබයි. 11 වනදා සඳුදා පූර්වභාග 01.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය දෙසැම්බර් 17 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]