සීහළවත්ථු කතා ඇසුරිනි:
සිළුමිණි සෑයට පිදූ උපුල් මල්
එකල රුහුණු ප්‍රදේශයේ කාම්බෝජ නම් ගමක් විය. එහි මලෙය්‍ය නම් රහතන් වහන්සේ නමක්
විසූ සේක. උන්වහන්සේ දිනක් උදයේ කාම්බෝජ ගමේ පිඬුසිඟා වඩින මාවතේ උපුල් මල් මිටි
අටක් ගෙන පැමිණි එක්තරා මිනිසෙකු තෙරුන් වහන්සේ දැක මල් මිටි අටක් පූජා කොට ගියේ ය.
උන්වහන්සේ ඒ උපුල් මල් ගෙන “මේ මල් මහා සෑයට පූජා කරන්නෙම් ද? සෑගිරියට පූජා
කරන්නෙම් ද? ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන්නෙම් ද? යැයි සිතූහ. සැණෙකින්, මම
මේ මල් මිටි තවුතිසාවෙහි ඇති සිළුමිණි සෑයට පුදමි” සිතිවිල්ල ඇති වී අසුරු සැණින්
අහසට පැන නැගීි තව්තිසා දෙව්ලොව පහළ විය. රහතන් වහන්සේ ඒ සිළුමිණි සෑය වෙත එළඹ අට
තැනක ඒ මල් පුදා වැඳ ප්‍රදක්ෂිණා කළහ. සක්දෙවිඳු රහතන් වහන්සේ දැක පැමිණ වන්දනා කළේ
ය.
”සක්දෙවිද, මෛතී‍්‍ර බෝසතාණන් වහන්සේ මෙහි එන්නෙහි ද?”
එසේය ස්වාමිනි, අද අව අටවක පෝ දින උන්වහන්සේ පැමිණෙති. සෑම මසක ම පස්වැනිදා,
අටවැනිදා සහ තුදුස්වක සෑම පසළොස්වක දිනක ම සිළුමිණි සෑය වන්දනා කිරීම පිණිස
තව්තිසාවට පැමිණේ.
එවේලෙහි එක් දේව පුත්‍රයෙක් මහත් වූ පිරිවරත් සමඟ නැගෙනහිර දෙසින් එන දුටු රහතන්
වහන්සේ, සක්දෙවිඳ, මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ද? නැත ස්වාමිනි, මේ පෙර ජීවිතයේ
අනුරාධපුරයෙහි ඇඳුම් මැසීමෙන් ජීවත් වූ බොහෝ සේ පින්දහම් කළ තිස්ස නම් සන්නාලියා
යි. ඒ දේව පුත්‍රයා ආනුභාවයෙන් බැබළෙමින් දකුණ පැත්තෙන් සිට ගත්තේ ය.
ඒ සමඟම තවත් දේව පුත්‍රයෙක් බෝහෝ තේජසින් පැමිණියේ ය. “ශක්‍රය, මේ එන්නේ බෝසතාණන්
වහන්සේ ද?” “නැත ස්වාමිනි, මේ පෙර ජීවිතයේ මිනිස් ලොව විසූ මහා දානපතිව සිටි හරිතාල
තිස්ස ය. ඔහු බටහිර දෙසින් සිට ගත්තේ ය. ඉන්පසු මහා බල, මහා තේජස් මහත් වූ ආලෝකය
විහිදුවමින් බොහෝ දෙව් පිරිසක් සමඟ දෙවියෙකු එන දුටු රහතන් වහන්සේ,
ශක්‍රය, මේ බෝසතාණන් වහන්සේ නෙව ද?,” “නැත ස්වාමිනි, මේ දුටුගැමුණු මහ රජුගේ බාල
සොහොයුරා වූ සද්ධාතිස්ස මහරජු යි. ඒ දේවපුත්‍රයා පැමිණ උතුරු දිශාවෙන් සිට ගත්තේ ය.
ඉන්පසු මහත් වූ පිරිවර සහිතව, මහත් වූ ආලෝකය පතුරුවමින් තවත් දෙවියෙකු එනු දුටු
උන්වහන්සේ, “ශක්‍රය, මේ නම් බෝසතාණන් වහන්සේ ය.” “නැත ස්වාමිනි, මේ එන්නේ
ස්වර්ණමාලි මහා සෑය කර වූ දුටුගැමුණු නරේන්ද්‍රයා යි. ඒ දෙවියා පැමිණ පිරිසත් සමඟ
නැගෙනහිර දිශාව පැත්තෙන් සිට ගත්තේ ය.
ඉන්පසු මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැමිණි අතර, එක් එක් දිශාවන්හි පිරිවර සිටියේ ය. ඒ
පිරිවර අභියස බොහෝ ආභරණ වලින් සැරසුණු, බොහෝ පියකරු දෙවඟනන් සිවු දෙනෙකු විය.
දැල්වෙන ගිනි මෙන් ප්‍රභාවත් ඒ දෙවගනන් දුටු රහතන් වහන්සේ ශක්‍රය, මේ ස්ත්‍රින් සතර
දෙනා මිනිස් ලොව දී කිනම් පිනක් කළවුන් ද?
ස්වාමිනි, මේ නා නා වර්ණ, නා නා රශ්මි ඇතුව වස්ත්‍රාභරණින් සැරසී සිටින මේ සිව්
දෙනාම පෙර ජීවිතයේ මිනිස් ලොව දී පින්කළ තැනැත්තියන් ය. ස්වාමිනි, යම් දෙවි කෙනෙක්
හෝ දෙවඟනක් බෝසතාණන් වහන්සේට පි‍්‍රය වේ නම්, ඔවුහු බෝසතුන් පිරිවරා ගෙන යයි. ඒ
බෝසත්තුමා පුන් පෝ දා චන්ද්‍රයා මෙන් ද, ශරත් කාලයෙහි සූර්යයා මෙන් ද, වන සතුන් මැද
සිංහයා මෙන් ද, පර්වතයක් මැද මහමෙර මෙන් ද, මල් අතරෙහි රන් පියුම මෙන් ද, මැණික්
අතර වෛදුර්ය මැණික මෙන් ද, මිනිසුන් අතර සක්විති රජ මෙන් ද, සියලු දෙවියන් ඉක්මවා
වර්ණයෙන් සහ තේජසින් බබළයි යැයි කීය. බෝසතාණන් වහන්සේ මාලෙය්‍ය රහතන් වහන්සේ දැක
පැමිණ එකත් පසක සිට ගත්තේ ය.
”ස්වාමිනි කිනම් රටකින් වැඩිසේක් ද? “හෙළදිව සිට ආවෙමි.” “ඒ වැසියන්ගේ ප්‍රාර්ථනාව
කුමක් ද?” ඔවුහු යම් කුසලයක් සිදුකොට මෙතේ බුදුන් දකින්නට ලැබේවායි ප්‍රාර්ථනා
කරති.”
“ස්වාමිනි ඒ වැසියන් යම් කුසලයක් සිදුකොට මා දකින්නට ලැබේවායි ප්‍රාර්ථනා කරත්නම්,
ඒ සසර බියෙන් බියට පත් වූ ඔවුන් සසර සයුරෙන් එතෙර කරවන්නෙක් වන්නෙමි. අවිද්‍යාවට
වාසස්ථානයක් වූ තෘෂ්ණාව නමැති අඳුරෙන් වැසී ගත් සැඩ පහරවලින් ගසාගෙන යන ලෝකයා මම
එතෙර කරවන්නෙමි. කෙලෙස් නමැති දිය සුළියට අසු වූ තෘෂ්ණාව නමැති සොරුන්ට හසු වූවන්ට
යහපත, මඟ පෙන්වන්නෙමි. මෝහය නමැති බන්ධනයෙන් බැඳුණු තෘෂ්ණාවේ දාසයන් බටව පත්
මිනිසුන්ගේ බැමි සිඳ නිර්වාණයට පාර කියන්නෙමි. රාග, ද්වේෂ නමැති අන්ධකාරයෙන් අන්ධ
වූ, නැසුණු ඇස් ඇති මිනිසුන්ගේ ඇස් ප්‍රඥාව නමැති කූරෙන් පිරිසුදු කරන්නෙමි. බොහෝ
ශෝක සහිත වූ ජරා මරණයෙන් පෙළුණු සත්ත්වයන්ට ඥානය නමැති ඖෂධය දී සුවපත් කරන්නෙමි
යැයි කියා බෝසතාණෝ දෙව්ලොවට වැඩි සේක. රහතන් වහන්සේ හෙළ දිවට වැඩි සේක.
- නයනා නිල්මිණි |