UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු සසුනේ චිර පැවැත්මට උපකාර කරන දෙවිවරු

සම්බුදු සසුනේ චිර පැවැත්මට උපකාර කරන දෙවිවරු

මනු ලොව සිට තව්තිසා දෙව්ලොවට දුර යොදුන් අසූ හාර දහසකි. මෙහි ශක්‍ර දෙවියන් වැඩ සිටියි. චාතුර් මහා රාජිකයේ සහ තව්තිසා දෙව්ලොව දෙකෙහි ම අධිපතියා ශක්‍ර දෙවියන් ය. ඒ නිසා ශක්‍ර දෙවියන් හඳුන්වන්නේ දෙදෙව් ලොවට අධිපති යනුවෙනි. මේ දෙවියන් බොහෝ අවස්ථාවල බුද්ධ ශාසනය වෙනුවෙන් මැදිහත් වෙයි. බුද්ධ දේශනාවට අනුව දීඝ නිකායේ සක්ඛ පඤ්ඤ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් ශක්‍ර දෙවියන් සෝවාන් ඵලය ලැබුවේ ය.

තව්තිසා දෙව් ලොවට තවත් යොදුන් හතළිස් දෙදාහක් ඉහළින් යාම දෙව්ලොව පිහිටා ඇත. එතැන් සිට තවත් යොදුන් හතළිස් දෙදාහක් ඉහළින් ඇත්තේ තුසිත දෙව් ලොව යි. බෝසතාණන් වහන්සේලා පහළ වෙන්නේ තුසිත දෙව් ලොව සිට යි. ගෞතම බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව වැඩ වෙසෙද්දී දෙවියන් විසින් මෙලෙස ආරාධනා කරනු ලැබී ය. “කාලො යන්තෙ මහා වීර – මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේට දැන් කාලය යි. උප්පජ්ජ මාතු කුච්චියං - මිනිස් මව් කුසක පිළිසිඳ ගන්න. ‘සදෙවකං ථාරයන්ථො බුද්ධස්ස අමතං පදං’ - අමෘත නිවන අවබෝධ කරගෙන දෙව්, මිනිස් ලෝකයා සසර දුකෙන් එතෙර කරවන්න මනු ලොවට වඩින්නැ’යි ආරාධනා කරනු ලැබී ය. ඉන්පසුව බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බලා මනුලොව පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගත්තහ.

තුසිත දෙව්ලොව සිට තවත් යොදුන් හතළිස් දෙදාහක් ඉහළින් නිම්මාණරතී දෙව්ලොව පිහිටා තිබෙයි. එතැන් සිට තවත් යොදුන් හතළිස් දෙදාහක් ඉහළින් පරනිම්මිත වසවර්ති දෙව්ලොව පිහිටා ඇත. මේ සෑම දිව්‍ය ලෝකයක් අතරම පරතරය යොදුන් හතළිස් දෙදාහක් බව අටුවා දේශනාවල සඳහන් වෙයි. එතැනින් ද ඉහළට පිහිටා ඇත්තේ බ්‍රහ්ම තළයි. මහා බ්‍රහ්ම, බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත , ආදී ඉහළට රූපාවචර බ්‍රහ්ම තළ දාසයක් සහ තවත් ඉහළින් අරූපී බ්‍රහ්ම තළ සතරක් පිහිටා තිබෙයි. ඒ ආකාසඤ්චායතන, විඤ්ඤාණංචායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤා නාසඤ්ඤායතන ආදිය අරූපී බ්‍රහ්ම තළයි.

දෙවිවරුන්ට ධර්මාවබෝධය ලැබීමේ කුසලතාව බොහොම ඉහළ යි. ඒ නිසා ධර්ම දේශනා ඇසීමෙන් මනුලොව එක් අයෙක් හෝ කීප දෙනෙක් ධර්මාවබෝධය ලැබුව ද , දෙවිවරු අතරින් දහස් ගණනක් මාර්ග ඵල ලැබුහ. මනුලොව සිටිය පිරිස අතුරින් රහතන් වහන්සේලා පමණක් පිරිනිවන් පෑහ. නමුත්, අනාගාමී වන සියලු දෙනා ශුද්ධාවාස බඹ ලොව උපත ලබා එහිදී ම පිරිනිවන් පාති. සෝතාපන්න වූවෝ සියලු දෙනා ම උපත ලබන්නේ දෙව් ලොව යි. ඒ අය රහත් මග ඵල ලබන්න පෙර තවත් ආත්ම හතක් දෙව්ලොව පිළිවෙළින් උපත ලබා ශුද්ධාවාස බඹ ලොව දී පිරිනිවන් පාති. සකදාගාමී ඵලයට පත් වූවෝ කාම ලොව එක් වතාවක් උපත ලබයි. මේ අනුව බුදුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිය කාලයේ සිටි භික්ෂු, භික්ෂුණී , උපාසක උපාසිකා පිරිස ගත් විට සංසාර ගමන අවසන් කර පිරිනිවන් පෑවේ සුළු පිරිසක්. සෝවාන්, සකදාගාමී, අනාගාමී වූවෝ , තුණුරුවන් ගැන සිත පහදා ගත් උතුමෝ සියලු ම දෙනා ම මාර්ග ඵල ලාභීන් ලෙස උපත ලැබුවේ දෙව් ලොව සහ බඹ ලොව යි. බුදුන් වහන්සේ මනු ලොව දහම් දෙසද්දී දෙවියන් ලෙස මාර්ග ඵල ලැබූ ඇතැම් දෙවි දේවතාවුන් තවමත් දෙව්ලොව දෙවියන් ලෙස ම වැඩ සිටිති. මේ අනුව දෙව් ලොව, බඹ ලොව මාර්ග ඵල ලාභී දෙවිවරු බොහෝ වැඩ වෙසෙති.

දීඝ නිකායේ ජන වසභ නමින් දේශනාවක් සඳහන් වෙයි. බිම්බිසාර රජතුමා මරණින් මතු ජන වසභ නමින් දෙව් ලොව උපත ලැබුවේ ය. මේ දෙවියන් එක්තරා දිනක බුදුන් වහන්සේ හමු වී දෙව් ලොව සිදුවන පින්බර පුවතක් පැවසුවේ ය. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සතර පෝයට ම සතර වරම් දෙවිවරු ඇතුළු දෙවිවරු සුධර්මා නම් දිව්‍ය සභාවට එකතු වෙනවා. සදෙව් ලොව වෙසෙන බණ අසන්න කැමැති , ධර්ම මාර්ගයට ලැදි බොහෝ දෙවියන්ගෙන් සුධර්මා දිව්‍ය සභාව පිරී ඉතිරී යනවා. ඒ දෙවිවරුන්ට බණ දේශනා කරන්න සනන් කුමාර නමැති අනාගාමී බ්‍රහ්ම දෙවියන් දෙව් ලොවට වැඩම කරනවා. එසේනම්, දෙවියන්ට බණ දේශණා කරන්නේ අනාගාමී ඵල ලැබූ ශුද්ධාවාස බඹ ලොව වෙසෙන බ්‍රහ්ම දේවතාවො යි.

මේ අනුව මනු ලොව ඇතැම් මිනිසුන් සතර පෝයට සිල් ගන්නවා සේ ම දෙව්ලොව දෙවිවරුත් දේව සභාවට එකතු වී සතර පෝයට ම බණ අහනවා. ධර්මය දියුණු කරනවා, ධර්ම මාර්ගය වඩනවා, භාවනා කරනවා. මේ ජන වසභ දෙවියන් බුදුන් වහන්සේට මෙසේ ද පවසනවා. ‘ස්වාමීනි, භාගවතුන් වහන්ස, මා දෙව් ලොව සිට සකදාගාමී වෙන්න වෑයම් දරනවා. අජාසත්ත රජතුමා තම පිය රජ වූ බිම්බිසාර රජතුමාට අපමණ වධ හිංසා පමුණුවා මරමුවට පත් කළ ද , මනු ලොව සෝවාන් වූ බිම්බිසාර රජතුමා අපායකට නොවැටී දෙව් ලොව උපත ලැබුවා.

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය නොවැම්බර් 17 වන දා සිකුරාදා අපර භාග 03.29 ට ලබයි. 18 වන දා සෙනසුරාදා අපර භාග 05.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 17

 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 26 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]