UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වල්පොල ශ්‍රී සඳුන් විහාරයේ රන් වැට සහිත බෝධි ප්‍රාකාරය විවෘත කිරීම 18 වන දා

වල්පොල ශ්‍රී සඳුන් විහාරයේ රන් වැට සහිත බෝධි ප්‍රාකාරය විවෘත කිරීම 18 වන දා

යක්කලමුල්ල වල්පොල ශ්‍රී සඳුන් විහාරය 1974 දී වල්පොල ශ්‍රී ගෞතමාරාමාධිපති ශ්‍රී දේවානන්ද මා හිමියන්ගේ පෞද්ගලික ඉඩමක ආරම්භ කරන ලදී. වල්පොල ශ්‍රී ගෞතමාරාම පුරාණ විහාරාධිපති වල්පොල විජිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේද නොමඳ ආශිර්වාදය මැද 1998 තල්පේ පත්තුව ප්‍රධාන අධිකරණ සංඝ නායක නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති අක්මීමණ පඤ්ඤාසාර නා හිමියන් සඳුන් විහාරයට වැඩම කරලීමත් සමඟ සියලු විහාරාංගයන්ගෙන් පරිපූර්ණ දැකුම්කළු විහාරයක් බවට පරිවර්තනය කරන්නට මහත් උත්සාහයක් ගත්හ.

2005 දී එම විහාර භූමිය සාංඝික ඔප්පුවක් මගින් පඤ්ඤාසාර නා හිමියන්ට පූජා කරන ලදී. එම පින්බිමේ වැඩ සිටින බෝධීන් වහන්සේට දර්ශනීය ප්‍රාකාරයක් සහිතව රන් වැට සැදැහැවතුන්ගේ පරිත්‍යාග මත ඉදි කොට නිමවා විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය නොවැම්බර් මස 18 වන දින පස්වරු 2.00 ට පල්ලත්තර සුමනජෝති නා හිමියන්ගේ අනුශාසනා පරිදි මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්තී නියංගොඩ ධර්ම කීර්ති සංඝරක්ඛිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුරතින් විවෘත කිරීමට නියමිතය.

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය නොවැම්බර් 17 වන දා සිකුරාදා අපර භාග 03.29 ට ලබයි. 18 වන දා සෙනසුරාදා අපර භාග 05.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 17

 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 26 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]