UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැහැමෙන් ලොව දිනමු

දළදා පෙරහර

ඇසළ සඳින් මුළු නුවරම නැහැ වී යයි
පාර දෙපස බොදු ධජ සුළඟට ලෙළදෙයි
විදුලි බුබුළු සැමටම ආලෝකය දෙයි
පෙරහර කෙරුමට සියල්ල සැරසෙයි

කස හඬ දෙදරවමින් පතුරන්නේ
ගිනි පන්දම් එළි සරසාලන්නේ
හේවිසි නද ළඟ ළඟ ම ඇසෙන්නේ
පෙරහර අසිරිය නිති විඳගන්නේ

රබන් ලී කෙළි නර්තන රඟමින්නේ
පෙරහර කරඬුව ඇතු පිට වඩවම්නේ
නිලමේවරු තේජස පතුරන්නේ
උපහාරය පෙරහරට පුදන්නේ


අලස නොවී වැඩ කරමු

උත්සහවන්තයාගේ මූලිකම බාධකය අලසකමයි. ඔහු වැඩක් කිරීමට පෙර දැන් අව්ව සැර වැඩියි කියා සිතයි. නැත්නම් දැන් වහිනවා කියා සිතයි. දැන් සීතලයි, රස්නෙයි කියා සිතමින් කුසීතව තමන්ගේ වැඩ අතපසු කරයි. වේලාව කලමනාකරණය නොකර සිටීම නිසා බොහෝ කටයුතු ප්‍රමාද වෙයි. වේලාවේ මෙන්ම අවේලාවේත් නිදා ගැනීම අලසයාගේ තවත් එක් ලක්ෂණයකි. අලස බව නිසා සෑම කටයුත්තක්ම පරිහානියට පත්වෙයි. එනිසා අපි කුඩා කාලයේ සිටම අලස බව ජීවිතයෙන් ඈත් කර ජයග්‍රහණය කරා පිය නඟමු.

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය ජූලි 30 වන දා ඉරිදා පූර්වභාග 08.06 ට ලබයි. 31 වන දා සඳුදා පූර්ව භාග 09.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 07 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]