UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා පුරාණය:- 7 : සිරි දළදා අසිරිය

සිරි දළදා අසිරිය

සියම් දේශයෙන් මෙරටට වැඩම කළ උපාලි මහ තෙරුන් වහන්සේ සතර දේවාල පෙරහර නරඹන ලද අවස්ථාවේ දළදා හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් මෙවැනි පෙරහරක් නොපවත්වන්නේ කුමන හේතුවක් නිසාද? යනුවෙන් ප්‍රශ්න කර ඇත. ලංකාවට උපසම්පදාව වැඩමවීමට මහත් වෙහෙසක් ගත් වැලිවිට සරණංකර සංඝරාජෝත්තමයන් වහන්සේ උපාලි හාමුදුරුවන් නියම කළ පරිදි සතර දේවාල පෙරහරත් සමඟ දළදා පෙරහර සතර දේවාල ඉදිරියෙන් වඩමවා ඇත.

වර්තමානයේ ඇසළ පෙරහරේ දක්නට ලැබෙන ආකාරයට දළදා පෙරහරත් සතර දේවාල පෙරහරේ ආරම්භක තොරතුරු මහා වංශයේ සඳහන් වේ. 1815 දී ලංකාවේ රාජ්‍ය කළ අවසාන රජතුමා ඉංග්‍රීසීන් විසින් යටත් කරගත් පසු 1818දී දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා පවත්වන ලද පෙරහර නවත්වා තිබේ. ඉන් අනතුරුව මහදිසා ලේකම්වරුන් සහ අනෙකුත් ප්‍රභූන්ගේ ද මහා සංඝරත්නයේද ඉල්ලීම මත 1929දී දළදා පෙරහර ආරම්භ කිරීමට ඉංග්‍රීසීන් විසින් අවස්ථාව ලබාදී ඇත.වසර 11ක් පමණ ගත වූ එම කාලවකවානුවෙහි දී පෙරහර වීදි සංචාරය නොකළද,මාලිගාව අවට පමණක් පෙරහර පවත්වමින් , පුදසත්කාර ආදිය ඒ ආකාරයෙන්ම සිදුකළ බවට තොරතුරු ලැබේ.වර්තමානයෙහි පවත්වනු ලබන පෙරහර බොහෝ සේ පැරැණි චාරිත්‍රවලට මුල්තැන දෙමින් , ආගමික ලක්ෂණවලට පමණක් සීමා නොකර ජාතික ලක්ෂණද ඉස්මතු වන ආකාරයෙන් සංස්කෘතික අංග මේ තුළට ඇතුළත් කරමින් ඇසළ පෙරහර ආරම්භ කර තිබේ. රාජධානි අවසන් වන තුරුම දළදා වහන්සේ උදෙසා ඒ ඒ කාලවලදී සිටි රජවරුන් පුද පූජාවන් පෙරහර කටයුතු සිද්ධ කළ ආකාරයටම යටත්විජිත යුගවලදීත් දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා පැවැත්විය යුතු පෙරහර පුජාවන් සියල්ලම ඒ ආකාරයට සිදුකර ඇත. එවකට වැඩ සිටි මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රමුඛ දායකත්වයත් , දියවඩන නිලමේවරුන්ගේ පූර්ණ අනුග්‍රහය සහ සියලු අවවාද අනුශාසනා ලැබුණ බවට තොරතුරු ලැබේ.

යටත් විජිත සමයේදී උඩරට රාජධානිය ඉංග්‍රීසීන් විසින් අල්ලාගැනීමෙන් පසු මල්වතු අස්ගිරි උභයමහා විහාරයේ මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙන් දියවඩන නිලමේතුමාගේ අනුග්‍රහයෙන් දළදා පෙරහර පැවැත්වීම පිළිබඳ තොරතුරු සහ එම කාල වකවානුවෙහි පෙරහරට ඇතුළත්ව තිබූ මූලික චාරිත්‍ර විධි හා එහි ස්වරූපයත් වෙල්ලස්සේ දිශාව විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුග්‍රහයෙන් අවබෝධ කරගත හැකි වේ.පෙරහර සඳහා කප කපා ගැනීම, කප්සිටුවීම,ඇතුළේ පෙරහර, කුඹල් පෙරහර, රන්දෝලි පෙරහර දිය කැපීම යන සියලු අංගයන් පිළිබඳ කෙරෙන විස්තරය වර්තමානයෙහි පැවැත්වෙන පෙරහරට සමාන ආකාරයට මනාව ගැලපී ඇත. ඉංග්‍රීසින්ට යටත් වූ සමය පිළිබඳ විශ්වසනීය තොරතුරු මූලාශ්‍රයක් වශයෙන් සැලකෙන ජෝන් ෙඩිව්ගේ වාර්තා ද වැදගත් ය. වෙල්ලස්සේ දිශාව හා ඩේව් යන දෙදෙනාගේම වාර්තාවන් එක හා සමාන වන අතර 1917 දී මෙරට අවසන් වරට පවත්වන්නට යෙදුන පෙරහර ෙඩිවි විසින් දැක ඇති බවද සඳහන්ය. 1928 අප්‍රේල් 25 වන දින මහනුවර කච්චේරිය විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයට අනුව 1928 මැයි 29 වන පුරපසළොස්වක පොහොය දිනයේදී දළදා ප්‍රදර්ශනයක්ද පසුව දළදා පෙරහරද පැවැත්වූ බවට තොරතුරු හමුවේ. එම වර්ෂයේදී ජූලි මස 18 වන දින අවසන් වූ එම පෙරහර පිළිබඳ විස්තර දළදා පෙරහර වර්ණනාව ග්‍රන්ථයෙහි සඳහන් වේ. එම විස්තරයට අනුව ආණ්ඩුකාරවරයාට හා රජයේ නිලධාරීන්ට දළදා ප්‍රදර්ශනය දැක ගැනීම සඳහාත් පෙරහර නැරඹීම සඳහාත් ,විශාල ශාලා දෙකක් මහ මළුවේ සකස් කර ඇත. මෑතක් වන තුරුම එම ක්‍රමය පැවතුණද, වර්තමානයෙහිදී ශාලා තනවා පෙරහර නැරඹීමට අවස්ථාව සකසනු ලබන්නේ නැත.ආණ්ඩුකාරවරයා මහත් පෙරහරකින් යුක්තව මාලිගාව ඇතුළට කැඳවාගෙන ගොස් එකල දියවඩන නිලමේ ධුරය දැරූ නිලමේතුමා පැමිණ ධාතු කරඬුව ආණ්ඩුකාරවරයාගේ දෑතට ලබාදීමත් , පංචතූර්ය නාදය මධ්‍යයේ මංගල හස්තිරාජයා මත වඩම්මවන දළදා කරඬුව රන්සිවි ගෙය තුළ තැන්පත් කිරීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා වෙනුවෙන් මළුවේ සකස් කරන ලද විශාල මණ්ඩපයට පැමිණීමෙන් පසු පෙරහර ආරම්භ කිරීමේ කටයුතු සිදුවේ.එම පෙරහර සියලු පෞරාණික අංගෝපාංගයන්ගෙන් සමන්විත වන ආකාරයට පැවැත්වීමට ඉංග්‍රීසි ආණ්ඩුව විසින් කටයුතු කර ඇති ආකාරය මනාව පැහැදිලි වේ. තුන්සිංහලයේ සිටි ජනතාවද, ඉංග්‍රීසි යටත් විජිතවාදීන් ද කිසිදු බිය සැකයකින් තොරව පෙරහර නැරඹීම සඳහා පැමිණ ඇති බවට තොරතුරු දළදා පෙරහර වර්ණනාව නම් ග්‍රන්ථයේ සඳහන්ව පවතී.

රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වන්නට යෙදුන අවසන් පෙරහර ලෙස සදහන් වන්නේද 1928 අප්‍රේල් මාසයේ පවත්වන්නට යෙදුන පෙරහරයි.


ශ්‍රී දළදා පුරාණය:- 6 : දළදා පෙරහරේ ආරම්භය

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය ජූලි 30 වන දා ඉරිදා පූර්වභාග 08.06 ට ලබයි. 31 වන දා සඳුදා පූර්ව භාග 09.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 07 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]