UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සූරියපුර සමනලපාලම රජමහා විහාරයේදී 8 වනදා සිට පින්කම් මාලාවක්

සූරියපුර සමනලපාලම රජමහා විහාරයේදී 8 වනදා සිට පින්කම් මාලාවක්

කන්තලේ සූරියපුර සමනල පාලම රජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන අටවිසි බුදුකුටි සහිත බුද්ධප්‍රතිමා වහන්සේලා කොළඹ සිට වැඩම කරවීමේ පින්කමක් අපේ‍්‍රල් 8,9,10 තෙදින පුරා පැවැත්වේ.

8 වන දින සවස 2 ට පමණ කන්තලේ නගරයේ සිට රථ පෙරහරින් රජ මහා විහාරස්ථානයට වැඩමවා සවස 6.30 ට ප්‍රථම පූජාව කොටපොළ අමරකිත්ති හිමියන්ගේ මෙහෙයවීම මත විහාරාධිපති ත්‍රිකුණාමල දිසාවේ ප්‍රධාන සංඝ නායක මිහිඳුපුර රතනදේවකිත්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් කැලණිය හෙයියන්තුඩුව එම්. මහින්ද පෙරේරා සහ එම මහත්මිය ගේ දායකත්වයෙන් සසුනට පූජා කෙරෙනු ඇත. පින්කම් මාලාව අපේ‍්‍රල් 8 දින සිට 10 දා බක්පුර පසළොස්වක් පොහෝ දින දක්වා දවස මුළුල්ලේ පැවැත්වේ.

ඒ අනුව උදේ 9.00 ට කිරි ආහාර පුජාවද දවල් 11.30 ට ව්‍යංජන 32 ක් සහිත බුද්ධ පූජාවද සවස 6.30 ට අටවිසි බුද්ධ පූජාවද වශයෙන් සිදුකෙරේ. කන්තලේ වැව් ඉස්මත්තෙන් කන්තලේ නගරය හරහා සේරුවිල මාර්ගයේ සමනල පාලම විහාරය කොටවෙහෙර 2 වන ගජබා නිරිඳුන්ගේ රාජධානිය පිහිටි විහාරය එවකට කොටවෙහෙර නමින්ද වත්මනේ එය සූරියපුර ශ්‍රී සමනලපාලම රාජමහා විහාරස්ථානය නමින්ද හැඳින්වෙන අතර දර්ශනීය පරිසරයක පිහිටි පුද බිමකි.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 03 වනදා සඳුදා අපරභාග 01.05 ට ලබයි.
04 වනදා අඟහරුවාදා, පූර්ව භාග 11.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 03 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 10 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]