UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

බක් පුර අටවක 2017.04.03

යුතුකම් ඉටුකළ යුතුයි

බක් මහේ උදාවත් සමඟ එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යුතුකම් සහ වගකීම් මනසට සිහි ගන්වන විශේෂ සමයක් වේ. යුතුකම් සහ වගකීම් මනාව ඉටු කරන බෞද්ධයා ඉඩ ලද සෑම විටම නොපිරිහෙලා එය ඉටු කරනුයේ මහත් ඕනෑකමිනි. නිවසින් බැහැරව රැකී රක්ෂා ආදියෙහි යෙදී සිටින සියලු දෙනා අලුත් අවුරුද්දට සිය නිවසට ගොඩවන්නේ බලාපොරොත්තු රැසක් සිතැතිව ය.

දෙමවුපියන්ගෙන් බැහැරව දුර බැහැර පළාතක වෙසෙන දරුවන් විසින් පවා ස්වකීය දෙමවුපියන් වෙත ගොස් බුලත් හුරුල්ලක් පිළිගන්වා දෙපා වැඳ සුබ අලුත් අවුරුද්දකට මුල් පියවර තබනු ලැබේ. එසේ යාමේදී නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් නොව අලුත් ඇඳුම් පැළඳුම් ගෙන ගොස් මවුපිය දෙපළ වෙත පිදීම අලුත් අවුරුද්දේ දැකිය හැකි සුලභ දසුනකි.

වසරේ අන් කවරදාකවත් නොමැති බැඳීම්, හැඟීම් සමුදායකින් මවුපිය දූ දරු සුහදතාවය වර්ධනය කරන්නේ අලුත් අවුරුදු සමයයි. මවුපියන් මෙන්ම ස්වකීය පවුලේ වැඩිහිටි ඤාති මිත්‍රාදීන් වෙත ද ගොස් ඔවුනොවුන් බැහැදැක ඥාතිත්වය, සුහදත්වය වර්ධනය කර ගන්නා විශේෂ සමයකි. වෙනදාටත් වඩා ගෙදර දොර පවිත්‍ර කරමින් අලුත් අවුරුද්දේ නිවසට අත්‍යවශ්‍ය බොහෝ උපකරණ අලුතෙන් ගෙන ඒමද පුරුද්දක් කරගෙන තිබේ. ගෙවී ගිය වසරට වඩා උදාවන අලුත් අවුරුද්ද සියලු දෙයින් අලුත් කිරීම සාමාන්‍ය සිරිතකි. අතීතයේ විසූවන් කටු මැටි සහිත නිවසක විසූවද ඒ නිවසෙහි බිම ගොම මැටි අලුතෙන් ගා අලුත් බවක් ඇති කිරීම සිරිතක්ව පැවතිණි. අද පවා නිවස සෝදා පිරිසුදු කරනුයේ ඒ පැරැණි සිරිත අනුව යමිනි. මවුපියන් සහ දරු මුනුපුරන් ඒකරාශී වී සුහදත්වය වර්ධනයට විශේෂයෙන් කටයුතු කරන අතරම පැරැණි සිරිතට නව පණක් දෙන කාලවකවානුවක් ලෙසද අගය කළ හැකි සමයකි.

මවුපිය දූ දරු සබඳතා වර්ධනය මෙන්ම, වෙසෙසින් ගෙවී ගිය වසරේ තමන් අතින් සිදුවූ අඩුපාඩු ගැන නැවත හැරී බැලීමටද සුදුසුම කාලයකි. කවර හේතුවකින් හෝ තමා වෙතින් අතපසු වූ යුතුකම් සහ වගකීම් යළි ඉටු කිරීමට අදිටනක් තබා ගත යුතු ය. ගෙවී ගිය වසරේ තමාගෙන් වූ අඩුපාඩු ගැන නැවතත් හැරී බලා ඒවා ඉදිරියට නොවීමට වගබලාගැනීම අලුත් අවුරුද්දේ සමීප කර ගත යුතු පැතුමකි. දුටු පමණින් සුබ අලුත් අවුරුදක් යැයි මුඛයෙන් පිටකළ පමණින් අලුත් අවුරුද්ද සුබ නොවේ. චාරිත්‍රය එසේ ඉටු කළ ද සිය හදවතින්ම සමාජයේ වෙසෙන ලොකු කුඩා සියලු දෙනා සමඟ සුහදව සමගියෙන් විසීමටද අදිටනක් ඇතිකර ගන්නේ නම් අලුත් අවුරුද්ද සුබ ඵලගෙන දෙනු ඇත. ජීවිතයෙන් ඈත් කළ යුතු දුසිරිත් දුරුකොට සුචරිතයෙහිම යෙදීමට කල්පනා කළ යුතු ය.

බාහිර සමාජයට පෙන්වීමකට පමණක් සීමා නොකළ යුතු යහගුණ ජීවිතයට ළංකර ගත යුතුව ඇත. තමා තමාටම අවංක වෙමින් තම ජීවිතයෙන් මෙතෙක් සිදු වූ වැරැදි නිවැරැදි කරගෙන යහපත් ජීවිතයකට සුදුසු අඩිතාලම මෙම උදාවන අලුත් අවුරුද්දේ ඇති කර ගත හැකි නම් ජීවිතයට අලුතෙන් යමක් ඒකරාශී කර ගත්තේ යැයි යන සතුට අවංකව විඳිය හැකිවේ.

කවර මනුෂ්‍යයෙකු වුවත් තමාට තමා පිළිබඳව ආපස්සට හැරී බලා සතුටු විය හැකි ජීවිතයක් ගත කරන්නේ නම් එය ජීවිත කාලය පුරාම සතුටු විය හැකි කරුණක් වනු ඇත. වසරේ සෑම දිනකම තමාටත්, අන්‍යයන්ටත් කරදරයක්, හිරිහැරයක් බාධාවක් නොවන අයුරෙන් කටයුතු කිරීමෙන් උදා වූ අවුරුද්දේ හැම දිනයකම සතුටින් ගත කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

මවුපියන්, නෑදෑ හිතවතුන් වෙසෙසින් බැහැදැක තෑගි බෝග පිරිනැමීම මෙන්ම තම හැදෙන වැඩෙන දූ දරුවන් වෙතද එම අගනා ගුණ දහම් පුරුදු පුහුණු කරවීමටද උනන්දුවිය යුතුය. පරපුරෙන් පරපුරට එසේ පවත්වාගෙන එනු ලබන සද්ගුණ දහම් මතු පරපුරටද ආදර්ශයෙන් හුරුකරවීම මෙකල වෙසෙන අපගේ යුතුකමක්ද විය යුතුය.

අවුරුදු සිරිත් අනුගමනය කරමින් පුණ්‍ය කාලය තුළ විහාරස්ථානයට ගොස් තෙරුවන් පුදා අලුත් අවුරුද්දට තුනුරුවනෙහි ආශිර්වාදයද නොඅඩුව උදාකර ගැනීමට උනන්දුවිය යුතුය.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 03 වනදා සඳුදා අපරභාග 01.05 ට ලබයි.
04 වනදා අඟහරුවාදා, පූර්ව භාග 11.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 03 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 10 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]