UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 ‘බුදුසරණ’ පුවත්පත මෙහෙයවීමෙන් ඉකුත් වප් පුර පසළොස්වක පෝදා අත්තනගල්ල රජ මහා විහාරයේ දී දහම් දෙසුමක්

‘බුදුසරණ’ පුවත්පත මෙහෙයවීමෙන් වප් පුර පෝදා

අත්තනගල්ල රජ මහා විහාරයේ දී දහම් දෙසුමක්



මහාචාර්ය තුඹුල්ලේ සීලඛන්ධ නාහිමියන් වෙත ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න මහතා විසින් අටපිරිකර පූජා කළ අවස්ථාව.
 

 

 “දිනමිණ” ගම් නගර චාරිකා යටතේ ‘බුදුසරණ’ පුවත්පත මෙහෙයවීමෙන් ඉකුත් වප් පුර පසළොස්වක පෝදා අත්තනගල්ල රජ මහා විහාරයේ දී දහම් දෙසුමක් පැවැත්විණි. අත්තනගල්ල රජ මහා විහාරාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සිදු කැරිණි. වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය තුඹුල්ලේ සීලඛන්ධ නාහිමියන් විසින් එහිදී ධර්ම දේශනාව පවත්වන ලදී.

අත්තනගල්ල රජමහා විහාරවාසී කුරවලානේ සිරිසීවලී හිමියන් විසින් තුඹුල්ලේ සීලඛන්ධ නාහිමියන් පිළිගැනීමේ අනුශාසනාව සිදු කළ අතර ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න මහතා විසින් දැහැත්වට්ටිය පිළිගන්වා දම් දෙසුමට ආරාධනා කරන ලදී.

එම අවස්ථාවට දිනමිණ කර්තෘ පුෂ්පා රොවෙල් මහත්මිය, ‘දිනමිණ’ සමකර්තෘ සම්පත් දිප්පිටිගොඩ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලාල් පෙරේරා මහත්වරු හා බුදුසරණ කතුවරයා ඇතුළු ලේක්හවුස් ආයතනයේ බෙදාහැරීම් කළමනාකාර ඩී.එස්. ඉලේසිංහ, පින්කමේ සැදැහැති දායකත්වය දැරූ සප්තමී හඳුන්කූරු ආයතනයේ වෙළෙඳ කළමනාකාර අනිල් ප්‍රනාන්දු මහතා හා නිලධාරීහු සහ විශාල පිරිසක්ද සහභාගිවූහ.

සේයාරූප - චේනක වික්‍රමාරච්චි

 

   වප් අමාවක පෝය

 වප් අමාවක පෝය ඔක්තෝබර් 29 වනදා සෙනසුරාදා අපරභාග 08.40 ට ලබයි.
30 වන දා ඉරිදා අපරභාග 11.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය නොවැම්බර් 07

වන දා සඳුදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]