UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය

01. බුද්ධ චරිතයේ එක් අවස්ථාවක සුවිශේෂිත පුද්ගලයෙකු හා සමඟ කළ සාකච්ඡාවකින් උපුටා ගත් කොටසකි මේ.

සුනක්ඛත්ත එන්න මා උදෙසා වාසය කරන්න කියා මම ඔබට කීයෙම්ද ? නැත, ස්වාමීනි,

සුනක්ඛත්ත මම ඔබ වහන්සේ උදෙසා වාසය කරන්නෙමි” යි කියා ඔබ මීට කියෙහිද?

නැත , ස්වාමීනී,

සුනක්ඛත්ත මමත් ඔබට නොකීවෙමි. ඔබත් මට නොකීවෙහිය. එසේ නම් දැන් මම භාග්‍යවතුන් වහන්සේ අතහැර යමියි කීම කෙතරම් අඥාන සාවද්‍ය කියමනක්ද?

මෙම පුවත අදාළ අවස්ථාව කුමක්ද?

පිළිතුර

සුනක්ඛත්ත නම් ලිච්ඡවී භික්ෂූනම බුදුරජාණන් වහන්සේ තමන්ට සෘද්ධි ප්‍රාතිහාර්ය නොපෙන්වන නිසාත් ලෝකෝත්පත්තිය නොදක්වන නිසාත් නොසතුටට පත්ව බුදුරදුන් අතහැර දමා යන බව ප්‍රකාශ කළවිට බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශයයි.

ප්‍රශ්නය

02. එක් අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක පිරිස අමතා මෙසේ වදාළහ. “ මහණෙනි, මට චෝදනා නොකළහැකි තුන් කරුණකින් මම ක්ෂේම ප්‍රාප්තව අභය ප්‍රාප්තව විසාරදව වාසය කරමි” උන් වහන්සේට මෙසේ චෝදනා නොකළ හැකි කරුණු තුන මොනවාද?

පිළිතුර

චෝදනා නොකළ හැකි තුන් කරුණු නම්

* තථාගත ධර්මය ස්වාක්ඛාත ධර්මය නොවේ
*තථාගතයන් වහන්සේ නිවන් මග මැනවින් පෙන්වා දී නැත
*තථාගත ශ්‍රාවකයෝ අර්හත්වය ලබා වාසය නොකරති
*තථාගතයන් වහන්සේ මෙම තුන් කරුණ මෙසේ පැහැදිලි කළ සේක.
*තථාගත ධර්මය ස්වාක්ඛාතය
*තථාගත ධර්මයෙන් නිවන් මග මැනවින් පෙන්වාදී ඇත .
*තථාගත ශ්‍රාවකයෝ ආශ්‍රව ප්‍රහීණ කිරීමෙන් අර්හත්වය ලබා වාසය කරති.

මෙම තුන් කරුණින් සකාරමනව මට චෝදනා කළහැකි දෙවියෙකු මාරයෙකු බ්‍රහ්මයෙකු හෝ වෙනත් කිසිවෙකු මම නොදකිමියි, බුදුරජාණන් වහන්සේ ව දාළහ. (අංනි. සත්තක අව්‍යකත වග්ග ආරකෙඛය සූත්‍ර)

ප්‍රශ්නය

03. ශාසනික ඉතිහාසයෙහි සුවිශේෂවූ ශ්‍රාවකයෙකුගේ ප්‍රකාශනයකි මේ. ඒ තැනැත්තා කවුද?

” ආශ්චර්යකි. ස්වාමීනී , විශ්මය ජනකයි. ස්වාමීනී, යටිකුරුව තිබූ බඳුනක් උඩුකුරු කළාසේ සැඟවී තිබුණු දෙයක් මතුකර දක්වන්නා සේ මං මුළාවූ කෙනෙකුට මඟ කියා දෙන්නා සේ ඇස් ඇත්තො රූප දකිත්වා, අඳුරෙහි පහනක් දැල්වූවාසේ ඔබ වහන්සේ ධර්මය දේශනා කළ සේක. මම ස්වාමීනී, ඔබ වහන්සේත් ධර්මයත් සංඝරත්නයත් අද පටන් ජීවිතාන්තය දක්වා සරණ ගනිමියි” පැවැසීය.

පිළිතුර

යස කුල පුත්‍රයාගේ පියා ප්‍රථම වතාවට තිසරණ සරණ ගොස් බුදු සමය වැළඳ ගත් ගෘහස්ථයා ඔහුම විය.

ප්‍රශ්නය

04. සියලු සත්වයෝ කර්මය සිය දේපළ වශයෙන් උරුම කරගත්තෝය (ම:නි – චුල්ලකම්ම විහංග සූත්‍ර) කර්මය නම් චර්යාව (හැසිරීමේ) පිළිබඳව හේතු ප්‍රත්‍යයයි. එහි අනුප්‍රාප්තික නියාමය පුනර්භවයයි. කර්මය මූලික වශයෙන් කුසල හා අකුසල වශයෙන් කොටස් දෙකක් වූවත් කාර්ය අනුව කොටස් හතරකි. ඒ මොනවාද?

පිළිතුර

ජනක කර්ම (නාම,රූප, ධර්ම(උපත සිදුවීම) ඉපදවීම
උපස්ථම්භක කර්ම (ජීවත්වීමට උපකාර කිරීම)
උප පීඩක කර්ම (ජීවත්වීමට බාධා කිරීම)
උපඝාතක කර්ම (ජීවිතය විනාශ කිරීම)

මේ කර්ම සතරේම ක්‍රියාකාරිත්වය පිළිබඳව එක් නිදසුනක් නම් දේවදත්ත ස්ථවිරයන්ගේ ජීවිත පැවැත්ම දැක්විය හැකිය. ජනක කර්මය කුසල වූ හෙයින් දේවදත්ත තෙරුන් රජ පවුලක උපතට හේතුවිය. උපත්ථම්භක කර්මයේ බලපෑමෙන් සුව පහසු ජීවිතයක්ම පවත්වාගෙන යෑමට කර්ම විපාකය බලවත් වූවත් සංඝ භේද කර්මය හේතුවෙන් උප පීඩක කර්ම විපාක වශයෙන් බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතු විය. අවසානයේ උපඝාතක කර්ම විපාක වශයෙන් අවාසානාවන්ත ඉරණමකට භාජනය විය.

ප්‍රශ්නය

05. භෞතික සහ ආධ්‍යාත්මික ක්ෂේත්‍රයන්හි ක්‍රියාත්මක වන නියාම ධර්ම පහක් බුදු දහමෙහි ඉගැන් වෙයි. ඒ මොනවාද?

පිළිතුර

01 උතු නියාම – අජීව වස්තූන් පිළිබ ඳ භෞතික නියාමයකි
02. බීජ නියාම – ඇට වර්ග හා බීජයන්ගේ ස්වභාවයය
03. කම්ම නියාමය – කර්ම සහ විපාකය පිළිබඳ නියාමය
04 ධම්ම නියාමය – ධර්මතාවයන්හි නියාමය
05 . චිත්ත නියාම – මනසෙහි නියාමය

ප්‍රශ්නය

06. කායික (කයින් කෙරෙන) අකුසල් වලින් අදත්තාදානය (සොරකම) එකකි. නුදුන් දෙයක් සොර සිතින් තමා සන්තකයට ගැනීම අකුසලයකි. මේ සඳහා සාධක කිහිපයක් එක්වීමෙන් සතර අපා දුක් ඇතිවීම අවාසනාවන්ත දිළිඳු ජීවන පැවැත්මක් ඇතිවීම විපාක වශයෙන් ලැබීමට හේතුවන අංග සියල්ලක්ම සම්පූර්ණ විය යුතුය. සම්පූර්ණ අකුසල විපාක සඳහා හේතුවන අංග මොනවාද?

පිළිතුර

අදත්තාදාන අකුසලයක් විපාක සඳහා හේතුව වන අංග පහකි.

01 අන්සතු භාණ්ඩයක්වීම
02අන්සතු බව දැනීම
03 සොරා ගැනීමේ චේතනාව
04සොරා ගැනීමට කරන උපක්‍රමය
05 එයින් පැහැර ගැනීම

ප්‍රශ්නය

07. අකුසල කර්ම වලින් වැළකී කය, වචනය, යන දොරටු දෙක සංවරකර ගැනීම සීලයයයි. සීලයෙහි ප්‍රභේදයන් ගණනාවක් අතුරෙන් ගෘහස්ථ සීලය (ගිහි) පැහැදිලි කරන්න

පිළිතුර

ගෘහස්ථ ජීවිතයෙහිදී ආරක්ෂා කළ හැකි සීල වශයෙන් (සප්ත සීල) ක්‍රම හතක් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙයි. අනගාරික වශයෙන් ද වෙන්කොට ගෘහස්ථ සීලය සමාදන් විය හැක.

එම සීල නම්,

01 පංච සීලය
02 බ්‍රහ්ම චරිය සීලය
03 ෂට්ක සීලය
04 ආජීවටඨමක සීලය
05. අට්ඨංග සීලය
06 නවාංග සීලය
07 දස සිලය

ප්‍රශ්නය

08. සිල්වතෙක්වීම දෙලොව යහපත පිණිස හේතුවන බව පෙළ දහමෙහි සඳහන් වෙයි. සීලයෙහි විපාක වශයෙන් ලැබෙන ඵලයන් පැහැදිලි කරන්න

පිළිතුර

සීලයෙහි (ආනිශංස) ඵලයන් මෙසේය

01. උපභෝග පරිභෝග සම්පත් ලැබීම
02දස දෙස සිල්වතාගේ කීර්තිය පැතිරෙයි
03 අභීතව – නොපැකිළිව විශාරද සහගත විය හැක.
04. (අසම්මළහෝ) නුමුළාව මරණය සිදුවන අතර මරණින් මතු දෙව්ලොව උපතට ද සීලයේ විපාක වශයෙන් හේතු වන්නේය

ප්‍රශ්නය

09. බෞද්ධ භාවනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න

පිළිතුර

රාග, දෝෂ, මෝහ ආදී සිත කිලුටු කරන සිතිවිලි පහළ නොවන සේ සිත එක අරමුණක පිහිටුවා නැවත නැවතත් එම අරමුණට සිත නැංවීම භාවනාවයි. (භවෙ නිති භාවනා )

 

    වප් මස
පුර අටවක පෝය

 වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 08 වනදා සෙනසුරාදා අපරභාග 09.24 ට ලබයි.
9 වනදා ඉරිදා අපරභාග 10.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 09 වනදා ඉරිදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 15 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]