UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් පුර අටවක 2016.10.09

ජීවිතයයි සතුටයි

මානසික අසහනයෙන් ඈත්ව සහනසීලී ජීවිතයක් ගත කළ යුත්තේ කෙසේදැයි බොහෝ දෙනා තුළ ඇතිවන ගැටලුවකි. මනුෂ්‍යයාට ආහාරපාන මෙන්ම සතුට සැනසීම ද අත්‍යවශ්‍යය. කෙතෙක් මිල මුදල් හෝ ධනය තිබුණද සතුට, සැනසීම ඒ මගින් ම පමණක් ඇතිකර ගත හැකි නොවේ. සමාජයේ ජීවත්වන සෑම මනුෂ්‍යයෙකුම සතුටෙන් ජීවත්වීමට උත්සාහ කරන බව දක්නට ලැබේ. ජීවත්වීමට තරම් ප්‍රමාණවත් ධනයක් නොමැතිකම සතුට දුරුවීමට හේතුවක් බව ඇතැම් අයෙකුට කල්පනා කළ හැකි ය. සෑම කෙනෙකුටම ජීවත්වීම සඳහා ධනය අත්‍යවශ්‍යය. එහෙත් ඒ ධනය උපයා ගැනීමේදී තම තමන්ම වෙහෙස මහන්සි දරා සපයා ගත යුතු වේ. අලසකමින්, කුසීතකමින් ජීවත්වන්නාට ධනය උපයා ගත නොහැකි ය.

කුඩා කල අධ්‍යාපනය ලබන දරුවකු පාසල් ගිය පමණින් හෝ උපකාරක පන්තිවලට සහභාගි වූ පමණින් අධ්‍යාපනය ලබා අපේක්ෂා කරන විභාගාදියෙන් සමත්විය නොහැකිය. රැයය, දවාලය, කුසගිනිය, කුස පිරී ඇත ආදී වශයෙන් සිතුවහොත් එදිනෙදා ලද අධ්‍යාපනයෙන් අභ්‍යාසයක් ඇති නොවේ. මූලික අපේක්ෂාව අරමුණ විභාගාදියෙන් සමත්වීමේ දැඩි අධිෂ්ඨානය අධ්‍යාපනය ලබන ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට අත්‍යවශ්‍යය. තමන්ට පුළුවන් යැයි හැඟීම හැම විට සිතෙහි ධාරණය කර ගනිමින් අධ්‍යාපනයෙන් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට උනන්දු විය යුතු ය. වෙහෙස මහන්සිවිය යුතු ය.

සතුටෙන් ජීවිතය ගත කරන්නාගේ ආර්ථික ශක්තිය ද වර්ධනය කර ගත යුතු ය. ආර්ථික ශක්තිය දුර්වල වූ විට තමා තුළ පමණක් නොව තම පවුල තුළ පවා නොයෙක් අවුල් වියවුල් පැන නගී. එයින් ඈත්වීමට ධනය හරි හම්බ කළ යුතු ය. ඊට උත්සාහය, උනන්දුව වීර්යය අත්‍යවශ්‍යය. අලසකම මනුෂ්‍යයා පරිහානියට පත්කරවන්නකි. දියුණුවට පත්වන්නේ අලසයා නොව උනන්දුවන්නාය. එසේ නම් ධනය උපයා ගැනීමේ දී උත්සාහය උනන්දුව අත්‍යවශ්‍යය. එහෙත් එසේ ධනය උපයා ගැනීමේදී වැරැදි ආකාරයෙන් නොව දහඩිය මහන්සියෙන්, කායික මානසික උත්සාහයෙන්ම නිවැරැදිව ධනය උපයාගත යුතු වේ.

සොරකමෙන්, වංචාවෙන්, අධර්මයෙන් ධනය උපයන්නාට සැනසීමක් නම් නොවේ. අධර්මයෙන් උපයාගත් ධනයෙන් ලබන සතුට ඉතා තාවකාලිකය. අධර්මයෙන් උපයාගත් ධනය නිසාම සතුට වෙනුවට හැම විට අසතුටෙන්, සැකයෙන් හා බියෙන් කාලය ගත කරන්නට වේ. තිබූ සතුටත් නැති කර ගන්නේ අධර්මයෙන් උපයන ධනය නිසාය. ධනය උපයන තැනැත්තා තමාට මෙය ප්‍රමාණවත් යැයි එක් සීමාවකට පැමිණිය යුතු ය. දැහැමි ධනය උපදවා ගැනීමට බුදුදහමෙන් කිසිදු බාධාවක් නොවේ. එහෙත් ධනය ලැබෙන ප්‍රමාණයට අනුව තමන්ට එය ප්‍රමාණවත් යැයි තීරණයට එළඹ වාසය කිරීම අධාර්මික ධනය ඉපැයීමෙන් වැළකීමට හේතුවෙයි. එය සතුටට ද ප්‍රධාන හේතුවක් වෙයි.

වෙහෙස මහන්සියෙන් සපයා ගත් ධනය සකසුරුවම්කමින් ප්‍රයෝජනයට හෙවත් පරිභෝගයට ගත යුතු ය. තමන්ට හෝ අන්‍යයන්ට ප්‍රයෝජනයකින් තොරව ධනය එක් රැස් කළ පමණින් සතුටක් ඇති නොවේ. ප්‍රවේශමෙන් ධනය පරිහරණය කරන්නේ නම් එයද සතුට ළඟා වන තවත් කරුණක් ලෙස පෙන්වා දිය හැකිවේ. ලැබෙන ලැබෙන දේ වැය කිරීම සතුටට හේතුවක් නොවේ. ලැබෙන ධනයෙන් මතු දියුණුවද සලසා ගත යුතු ය. තමන්ට යම් කරදරයක් විපතක් සිදු වූ විට ප්‍රයෝජනය ගැනීමටද ධනය ආරක්ෂාකාරීව තැන්පත් කර ගත යුතුව තිබේ. එමෙන්ම සරල දිවි පෙවෙතකට හුරුවෙමින් ලැබෙන ධනය ප්‍රවේසමෙන් පරිහරණය හා මතු දියුණුවද සලසා ගනිමින් ණය බරින්ද වැළකිය යුතු ය.

දැහැමිව ධනය උපයාගනිමින් බාහිර සමාජයට ද කරදර හිරිහැර නොපමුණුවා අව්‍යාජව කෙනෙකුට ජීවත්විය හැකි නම් මනුෂ්‍ය ජීවිතය තුළින් මහත් සතුටක් උදාකරගත හැකි ය. උදාහරණයක් ලෙස දිනකට රුපියල් දහසක් තම ආදායම යැයි දන්නා තැනැත්තෙකු එය රුපියල් දස දහසක ආදායමක් යැයි සමාජය නොමඟ යැවිය යුතු නොවේ. මනුෂ්‍යයාට සතුටෙන් ජීවත් වීම සඳහා අව්‍යාජ බව අවශ්‍ය වන්නේ එබැවිනි.

අනුවණ තැනැත්තා කවර හෝ අයථා ක්‍රමයකින් වුවද ධනය එක් රැස් කිරීමට පෙළඹෙයි. එහෙත් එසේ අයථා ලෙස ධනය උපයන්නා කවර මොහොතක කුමන ලෙසකින් හෝ නීතියේ රැහැනට ලක්වේදැයි නොසිතා කටයුතු කිරීමෙන් ඇතැම් විට ජීවිත කාලය පුරා සතුට වෙනුවට අසතුටෙන් කාලය ගත කිරීමට සිදුවන බව කල්පනා කළ යුතු ය.

ඉහත දක්වනලද පරිදි සතුට ධනයටම පමණක් ළඟා කරගත නොහැකි බව පසක් වනු ඇත. සතුටෙන් ජීවිතය ගත කිරීමට නම් දැහැමි පැවැත්ම අත්‍යවශ්‍යමය. සතුට, සැනසීම උදාකරගත හැකි අයුරෙන් අර්ථාන්විත ජීවිතයක් ගත කර දෙලොව සතුට සැනසීම උදාකර ගනිමු.

 

    වප් මස
පුර අටවක පෝය

 වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 08 වනදා සෙනසුරාදා අපරභාග 09.24 ට ලබයි.
9 වනදා ඉරිදා අපරභාග 10.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 09 වනදා ඉරිදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 15 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]