UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර කප් සිටුවීම 3 වන දා

මහනුවර ශ්‍රීදළා මාළිගාව ප්‍රධාන ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි යන සිවි දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය වර්ෂ 2016 අගෝස්තු මස තුන් වෙනිදා බුධ දින පෙරවරු හය පසු වී විනාඩි විසි හතරට උතුර දිශාභිමුඛව සිරිත් පරිදි පේ කොට තබන ලද සණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන සිව් දේවාලයන්හි ප්‍රධානකොට ඇති සියලු විහාර දේවාලයන්හි පූර්වාභිමත්ව ඇසළ කප් සිටුවනු ඇත.ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2560 ශකවර්ෂ 1938 එනම් රාජ්‍ය වර්ෂ 2016 මහනුවර ඇසළ පෙරහර සම්බන්ධව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිකුත්කර ඇති දැන්වීමෙහි මෙසේද සඳහන් වේ.

ඉතිරිය»

මහරගම තරුණ බෞද්ධ සංගමයෙන් දීපව්‍යාප්ත පාසල් රචනා තරඟයක්

මහරගම තරුණ බෞද්ධ සංගමයේ අධ්‍යාපන අතුරු කාරක සභාව මඟින් වාර්ෂිකව සංවිධානය කෙරෙන, ‘දීපව්‍යාප්ත පාසල් ශිෂ්‍ය රචනා තරඟය’ මේ වර්ෂයේ ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර රචනා තරගයට පහත සඳහන් මාතෘකා තුන අතරින්, තමාට අභිමත එක් මාතෘකාවක් යටතේ, රචනා ඉදිරිපත් කළ හැකි ය. 1. අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ ,2. අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමිපාණෝ ,3. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමිපාණෝ. උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා 7 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා වූ ශිෂ්‍ය කාණ්ඩ 3 ක් සඳහා මෙම තරගය විවෘතය.උසස් පෙළ, සිසුන්ගේ රචනයක් වචන 750 කටද, සාමාන්‍ය පෙළ සිසුන්ගේ රචනයක් වචන 500 කටද, හත්වන ශ්‍රේණීය සිට 10 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ රචනයක් වචන 300 කටද, නොවැඩි විය යුතු ය. එකී නියමිත ප්‍රමාණයට වඩා දීර්ඝ රචනා ඉදිරිපත් නොකරන ලෙස තරගකරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

මධ්‍යම ප්‍රතිපදාව

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයෙන් දෙමසකට පසුව ඇසළ පුරපසළොස්වක් පෝදින අහස්කුස තාරකා පිරිවරා පුන්සඳ බබලද්දී බරණැස ඉසිපතන මිගදායේදී කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්වග තාපසයන් වහන්සේලාට දම්සක් පැවතුම් සූත්‍රයෙන් ප්‍රථම ධර්මදේශනාව පැවැත්වූ සේක. ද්වේ මේ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන නසෙවිතබ්බා යොචායං කාමසුඛල්ලිකානුයොගො හීනො, ගම්මො, පොථුජ්ජනිකො, අනරියො, අනත්ථසංහිතො ,යොචායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො ආදි නයින් ආරම්භව ඉතිහිදං ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤොත්වේව නාමං අහොසි. යන වාක්‍යයෙන් අවසන්කොට ඇති දම්සක් පැවතුම් සූත්‍රයේ ප්‍රධාන කරුණු පහක් ඇත.

ඉතිරිය»

භාවනාවට පෙර සූදානම

භාවනා වැඩීමට පෙර තමාට ගැළපෙන කමටහන තෝරා ගැනීම භාවනාවෙන් ප්‍රතිඵල ලැබීමට හේතුවෙයි. ඇතැම් අය විශේෂ ප්‍රතිඵලයක් නැතත් භාවනාව උසස් කුසලයක් නිසා පුහුණුවේ යෙදෙති. ඔවුහු හැමදාම එකම තැනය. ඉදිරියට යෑමක් නැත. තමාට ගැළපෙන කමටහන පුහුණුවට යොදාගත හොත් භාවනාවේ යෙදීම කැමැත්තෙන් ඕනෑකමින් කරගෙන යා හැක. භාවනා වැඩීමට ගුරු උපදෙස් අවශ්‍ය බව පිළිගත් කරුණකි. එහෙත් ගුරුතුමා ඔබට කියාදෙන්නේ එතුමාට ගැළපෙන ක්‍රමයයි. ඒ භාවනා ක්‍රමයෙන් එතුමන් සාර්ථක ප්‍රතිඵල ලැබුවත් ඔබටත් ඒ භාවනාව එලෙසින්ම සාර්ථක වේ යැයි කිවහැකිද? මේ කතාව තහවුරු කිරීමට උපකාරිවන කතාපුවතක් මෑතදී සිදුවු සිදුවීම් තුළින් ඉදිරිපත් කළ හැකිවේ.

ඉතිරිය»

වසරකට පෙර අපවත්වී වදාළ හිස්සැල්ලේ සුදන්තා සිල්මෑණියන් වහන්සේ

එදා නොදියුණුූ තත්ත්වයක, ජනශූන්‍යතාව තිබූ අවධියක අනුරාධපුරයට පැමිණ දායිකාවන් පිරිසකගේ උදව් උපකාර ඇතිව සසුන් කෙත සරු කිරීමට අප්‍රමාණ වීර්යකින් කටයුතු කළේ අනුරාධපුර , ගුවන්තොටුපල පාරේ, විහාරමහාදේවි ආරාමාධිපතිනි, අපවත් වී වදාළ “විනයකීර්ති ශ්‍රී ශාසන ප්‍රදීපාභිමාණී” සුදන්තා සිල් මෑණියන් වහන්සේය. බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු අළුත්කූරු කෝරලයේ දාසියපත්තුවේ හිස්සැල්ල නම් ගම්පියසේ විසූ කරුණානායක පතිරුන්නැහැලාගේ ජේමිස් සිඤ්ඤෝ ගම්මුලාදෑනිතුමාට සහ විජයලත් පතිරන්නැහැලාගේ රෙසෝනෝනා ගුරු මාතාවට දාව උපන් දරුවන් හය දෙනාගෙන් හයවැනියා වෙමින් 1927.01.01 දින උපන් දියණියට සෝමාවතී කරුණානායක යන නම තබන ලදී.

ඉතිරිය»

සිතුවම - සත්සර ඉලංගසිංහ

 

  ඇසළ අව අටවක පෝය

  ඇසළ අව අටවක පෝය ජූලි 26 වනදා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
27 වන දා බදාදා අපරභාග අපරභාග 3.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 26 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]