කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේදී ගුණ සමරු පින්කම් මාලාවක්
![](z_p15-Kokmaduwa-01.jpg)
සීලානන්ද හිමි |
![](z_p15-Kokmaduwa-02.jpg)
ආරියංවශ නාහිමි |
![](z_p15-Kokmaduwa-03.jpg)
සරණපාල නාහිමි |
![](z_p15-Kokmaduwa-04.jpg)
සෝමරතන හිමි |
![](z_p15-Kokmaduwa-05.jpg)
අරියකිත්ති නාහිමි |
වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාමය, පලල්ල ශ්‍රී
නිදංගලාරාමය, ලුණුගම්වෙහෙර ශ්‍රී අස්වත්ථාරාමය ආදි විහාරස්ථාන කීපයකම විහාරාධිපතිව
වැඩ වෙසෙමින් ලෝ සසුන් දෙකට උදාර සේවාවක් සිදු කොට අපවත් වී වදාළ. තෙල්ලඹුරේ ශී‍්‍ර
සීලානන්ද මාහිමි, තෙල්ලඹුරේ ශ්‍රී ආරියවංශ නාහිමි, කොක්මාදුව ශ්‍රී සරණපාල නාහිමි,
ගලතරේ ශ්‍රී සෝමරතන මාහිමි, කොක්මාදුව ශ්‍රී අරිය කිත්ති නාහිමි යන ස්වාමීන්
වහන්සේලාගේ හා මිය ගිය දායක දායිකාවන්ගේ ගුණ සමරා පින් අනුමෝදන් කරවීම සඳහා
සංවිධානය කළ පින්කම් මාලාවක් අපේ‍්‍රල් මස 7,8,9,10 යන දිනවල දී කොක්මාදුව ශ්‍රී
පූර්වාරාමයේදී පැවැත්වේ. දිනපතා සවස 06.00 ට බුද්ධ පූජාව සහිත බෝධි පූජා පැවැත්වෙන
අතර, රාත්‍රි 07.00 ට පිළිවෙලින් මාකඳුරේ ධම්ම භාෂිත, පලල්ලේ සරණජෝති, හක්මණ
මධුරධම්ම යන හිමිවරුන්ගේ ධර්ම දේශනා පැවැත්වෙන අතර, 10 වැනි දින දවල් සඟසතු දානමය
පින්කම පැවැත්වේ.
විහාරාධිපති වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර නාහිමියන්ගේ
අනුශාසනා පරිදි විහාරවාසී හිමිවරුන්ගේද දායක දායිකාවන්ගේ ද තරුණ පිරිසගේද ශ්‍රී
සීලානන්ද දහම් පාසලේද සංවිධානයෙන් එම පින්කම් මාලාව පැවැත්වේ. |