UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු ගුණ භාවනාව

බුදු ගුණ භාවනාව

විජ්ජාචරණ සම්පන්න ගුණය - 22

සැප්තැම්බර් 05වනදා පත්‍රය හා සම්බන්ධයි

21.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ, පංසුපිසාචික පේ‍්‍රත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරදත්තු පජීවි පේ‍්‍රත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

23. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ වන්නාසක පේ‍්‍රත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

24. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කුතාපාස පේ‍්‍රත අපාය දැන වදාළ බැවින් ,විජ්ජාචරණ සම්පන්න නම් වනසේක.

25.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශූතකාදක පේ‍්‍රත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වනසේක.

26. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අග්ගිජාලමුක පේ‍්‍රත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

27. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුචිමුඛ නම් පේ‍්‍රත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

28. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තන්හාට්ටික පේ‍්‍රත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

29. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුනිජ්ජාමක පේ‍්‍රත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පබ්බතංග පේ‍්‍රත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්තංග පේ‍්‍රත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අජගරංග පේ‍්‍රත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වේමානික පේ‍්‍රත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහිද්දික පේ‍්‍රත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

35. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝලස ආකාර පේ‍්‍රත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

36. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තිරිසන් අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

37. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අපාදක තිරිසන් අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

38. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ද්විපාදක තිරිසන් අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

39. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චතුප්පාදක තිරිසන් අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

40.ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බහුප්පාදක තිරිසන් අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

41. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඇසට නොපෙනෙන තිරිසන් අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

42. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඇසට පෙනෙන තිරිසන් අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

43. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසුර අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

44. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පේ‍්‍රත අසුර අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

45. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නරක තිරිසන් පේ‍්‍රත අසුරයන සතර අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

46. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අප්පිච්ච කථා ඥානයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

47. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංතුෂ්ටි කථා පිළිබඳ ඥානයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

48. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරිවේක කථා පිළිබඳ ඥානයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

49. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසංසග්ග කථා පිළිබඳ ඥානයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

50. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විරියා රම්භ කථා පිළිබඳ ඥානයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

51. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීල කථා පිළිබඳ ඥානයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

52. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමාධි කථා පිළිබඳ ඥානයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

53. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පඤ්ඤා කථා පිළිබඳ ඥානයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

54. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විමුක්ති කථා පිළිබඳ ඥානයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

55. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විමුක්ති ඤාණදස්සන කථා පිළිබඳ ඥානයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

මේ ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතයද පූජා කරමි. පූජා වේවා!


විජ්ජාචරණ සම්පන්න ගුණය - 23

සාධු! සාධු! සාධු!

භාවනා පූර්ව කෘත්‍යය

සෝභගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝභගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝභගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

2.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුපතිට්ඨිත පාද ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

3. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශ්‍රී පාදයෙහි චක්‍ර ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආයතපන්හි පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

5.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දිගංගුලි පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

6.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මුදු අත්පා පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

7.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජාල හස්ත පාද පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

8.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උස්සංක පාද පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

9..ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒණිජංග පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

10.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සිටගෙන අනින් දනමඩල පිරිමැදීමේ පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

11.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කෝසේරහිත පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

12.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ස්වර්ණ වර්ණ පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

13.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුබුමච්ඡවී පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

14.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකේක ලෝම පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

15.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උද්දග්ග ලෝම පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

16.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස,ඔබ වහන්සේ බ්‍රහ්මුජ්ජුගත්ත පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

17.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්තුස්ස පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

18.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීහපුබ්බද්දධකාය පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

19.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චිතන්නරංසි පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නි‍්‍රගෝධ පරිමණ්ඩල පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමවත්තක්කන්ද පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රසග්ගිසග්ගි පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

23.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීහහනු පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

24.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චත්තාලිසදන්ත පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

25.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමදන්ත පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

26.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවිරලදන්ත පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

27.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුසුකදාඨ පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

28.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පහුතජ්ව්හා පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

මතු සම්බන්ධයි

 

     ‍   බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 04 වැනිදා ඉරිදා අපරභාග 2.38 ට ලබයි. 05 වැනිදා සඳුදා අපරභාග 2.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 12 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]