UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙල්වත්ත, දළුවතුමුල්ල ශ්‍රී සරණංකර දහම් පාසල

තෙල්වත්ත, දළුවතුමුල්ල ශ්‍රී සරණංකර දහම් පාසල

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් වසම තුළ පිහිටි හික්කඩුව උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත්වන තෙල්වත්ත දළුවතුමුල්ල බෝධිමළු විහාරස්ථානයේ ධර්ම ශාලාවේ ශ්‍රී සරණංකර දහම් පාසල සුනාමි ව්‍යසනයෙන් පසුව තත් විහාරාධිකාරි නෙළුම්වැවේ සෝරත හිමිපාණන් වහන්සේගේ ප්‍රධානාචාර්යත්වයෙන් 2005 වර්ෂයේ සිට පවත්වාගෙන ගනු ලැබේ.

මෙම බෝධිමළු විහාරාධිපති දැනට හික්කඩුව පතන ධර්මාරාමාධිපති, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික වේරගොඩ කස්සප නාහිමි විහාරස්ථානය ආරම්භ කොට ප්‍රථමවරට ශ්‍රී සරණංකර දහම් පාසල 30 දෙනෙකුගෙන් සමන්විත වූ අතර අද 100 ට වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත ගුරුමහත්ම මහත්මීන් හත් දෙනෙකුගෙන් සමන්විත වී ඇත.

මෙම විහාරස්ථානය හා දහම්පාසල පවත්වාගෙන යන අතරතුර වේරගොඩ කස්සප නාහිමියන්ට හික්කඩුව පතන ධර්මාරාම විහාරස්ථානය නිකාය මගින් ලැබුණු නිසා තම පැවිදි ප්‍රථම ශිෂ්‍යයා වන නෙළුම්වැවේ සෝරත හිමියන්ට දළුවතුමුල්ල බෝධිමළු විහාරයේ කටයුතු කරගෙන යෑමට පවරන ලදී.

එදා සිට අද දක්වා විහාරස්ථානය හා දහම් පාසල ක්‍රම ක්‍රමයෙන් දියුණුකොට රජයේ හා පළාත් පාලන, ප්‍රාදේශීය මන්ත්‍රීතුමන්ලා ද හා ත්‍යාගශීලී පින්වතුන්ගේ ධන පරිත්‍යාග- යෙන් විහාරස්ථානය අද ඉතාම දියුණු තත්ත්වයට පත්කර ඇත.

දැනට විහාරස්ථානය භාරව කටයුතු කරන විහාරාධිකාරී නෙළුම්වැවේ සෝරත හිමිපාණන් වහන්සේ විහාරස්ථානය මෙන්ම ශ්‍රී සරණංකර දහම්පාසල වැඩිදියුණුකර භක්ති ගීත, දහම් පාසල් තරග, නැටුම් ගැයුම් තරග රාශියකින් ජයග්‍රහණය කොට ඇති අතර ප්‍රදේශයේ දානපතීන්ගෙන් ආධාර උපකාර ලබාගෙන හික්කඩුව උතුර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ තරගවලින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කටයුතු කරන බවත් පැවසීය.

දැනට ශ්‍රී සරණංකර දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය නෙළුම්වැවේ සෝරත හිමි දරන අතර උප ප්‍රධානාචාර්ය රානී නානායක්කාර, නයනා දමයන්ති, සුනන්ද කළුගල, ටී.එම්. සංගීත් සංකල්ප, ඉෂාන් රෝහණ ජයසේකර කේ.පී. මන්ෂා මහත්ම මහත්මීහු සේවය කරති.

2015 වර්ෂය සඳහා දැනට දහම් පාසලේ ඉගෙනීම ලබන සිසු දරු දැරියන් සිය දෙනෙකු පමණ පිරිසකට ලක්ෂයක් පමණ වියදම්කොට තෙල්වත්ත දළුවතුමුල්ල ‘ශි‍්‍රයානි’ නිවසේ ඉඩම් හිමි, වැවිලිකරු වෙළෙඳ ව්‍යාපාරික, ඒ.එච්. සෝමපාල ද සිල්වා මහතා විසින් නිල ඇඳුම් රෙදි හා උදෑසන දිවා ආහාරය ලබා දීම ඉකුත් මස 27 වැනි දිනට යෙදුණු පුර පසළොස්වක පොහොය දින කටයුතු සැලසුම් කෙරිණි.

සුනාමියෙන් ව්‍යසනයට පත්වී ඇති මෙම විහාරස්ථානය නවීකරණය කොට අලුත්වැඩියා කර ගැනීමට විහාරාධිකාරී නෙළුම්වැවේ සෝරත හිමිපාණන් බලාපොරොත්තුවෙන බවද පැවසීය.

 

     ‍   බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 04 වැනිදා ඉරිදා අපරභාග 2.38 ට ලබයි. 05 වැනිදා සඳුදා අපරභාග 2.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 12 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]