UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා මාළිගාවේ 2015 වසරේ වස් ආරාධනාව තේවාව භාර මල්වතු මහාවිහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත සිදු කෙරිණි. 1965 වසරේ සිට මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අවසර ලැබීම මත දළදා මාළිගාවේ වස් ආරාධනාව සහිත කඨින පූජා මහෝත්සවයේ ප්‍රධාන දායකත්වය කටුකැලේ ලේඩ්බ්ලේක් ආරාමාධිපති ශ්‍රද්ධා ප්‍රසාදිනි ධම්මචාරි කොත්මලේ සුධර්මා සිල් මෑණියන් වහන්සේ 50 වෙනි වතාවටත් මහා සංඝරත්නය හමුවේ වස් ආරාධනය පිළිගන්වන ලදී. වෙළෙඳ ව්‍යාපාරික සංජීව වික්‍රමසිංහ මහතා එම මැතිණිය ඇතුළු දායක පිරිස මෙවර දායකත්වය දරති. ඡායාරූප - සුනිල් ගුණවර්ධන, කුණ්ඩසාලේ සමූහ.

මහනුවර ඇසළ මහා පෙරහර 29 වැනිදා

මහනුවර ඇසළ මහ පෙරහරේ අවසන් රාත්‍රි මහා පෙරහර හා දියකැපුම් පෙරහර අගෝස්තු 29 වැනිදා නිකිණි පුර පසළොස්වක පෝදා පැවැත්වේ. 29 වැනිදා 7.59 ට රාත්‍රී උතුරු දිශාභිමුඛව පෙරහර ශ්‍රී දළදා මාළිගාව අසලින් පිටත්ව දළදා වීදිය යටිනුවර වීදිය, කන්දේ වීදිය,ඩී.එස්.සේනානායක වීදිය, ඔස්සේ ගමන්කර රජවීදිය දිගේ ඉහළටවිත් ගෙවදී.

ඉතිරිය»

 

     ‍නිකිණි පසළොස්වක පෝය

නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]