UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි පුර පසළොස්වක – 2015.08.29

සුහදතාවයේ වර්ධනය

ඓතිහාසික සෙංකඩගලපුර ශ්‍රී දළදා මන්දිරයෙහි වැඩවසන ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජෝපහාර ලෙසත්, ශ්‍රී විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි යන සිව්වරම් දෙවිවරු සඳහා උපහාර ලෙසත් ඓතිහාසික ඇසළ මහා පූජෝත්සවයෙහි අවසන් රන්දෝලි මහ පෙරහර මෙම පුරපසළොස්වක පෝදා පැවැත්වෙයි.

ලෝකවාසී බෞද්ධයන් පමණක් නොව විවිධ රටවල විවිධ ජාතීන්ගේ ද සිත් ඇද බැඳගන්නා එම පෙරහර ඓතිහාසිකය. ආගමික වශයෙන් පමණක් නොව සංස්කෘතික පූජෝත්සවයක් ලෙස ද මෙරට පෙරහර ඉතිහාසයෙහි ඓතිහාසික පෙරහර ද මහනුවර ඇසළ මහ පෙරහර පූජෝත්සවයයි. එමඟින් අපේ රටේ ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවය මැනවින් විදහා දැක්වෙන අතරම අතීත සම්ප්‍රදායන් ආරක්ෂා කැරෙන ඓතිහාසික පූජෝත්සවයයි.

ඇසළ පුරපසළොස්වක පොහොයදා පොහොය විනය කර්ම සිදුකර ඇසළ අව පෑළවියදා පෙර වස් සමාදන්ව නිකිණි පුර පසළොස්වක පොහොයදාට මසක් සපිරේ. ඒ උපසම්පදා ස්වාමීන් වහන්සේ පෞරාණික චාරිත්‍රයක් මෙන්ම බුද්ධ ප්‍රඥප්තියක්ද ඉටු කළ පෙරවස් එළඹීමයි.

කවර හෝ හේතුවකින් එසේ පෙරවස් එළඹීමට නොහැකිවූ උපසම්පදා භික්ෂූන් වහන්සේට මෙම නිකිණි පුර පසළොස්වක පොහොය දා පොහොය විනය කර්මය සිදුකර නිකිණි අවපෑළවිය දා ද වස් එළඹිය හැකිය. එසේ වස් එළඹීම පසු වස් එළඹීමය. පසුවස් එළඹුණු භික්ෂූන් වහන්සේට කඨින චීවරයක් පිළිගත හැකි නොවේ.

වස් කාලය යනු පුණ්‍ය කාලයක් යැයි අපි මෙයට පෙර ද සඳහන් කළෙමු. අනෙකුත් සෑම කාලයකටම, දිනයකටම වඩා පුණ්‍ය කර්මයන්හි නියැළීමට ඇප කැපවී පේවී සිටින කාලය වස් කාලයයි. වස් කාලය උදාවනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටින බෞද්ධ ජනතාව තමතමන් යන එන විහාරස්ථානවලට දිනපතා හෝ සතිපතා ගොස් සංවිධානාත්මකව පින්කම්හි නිරතවනු ලැබේ. ඉඩ ලද සෑම මොහොතකම පින්කම්හි නිරත විය හැකි වුවද විශේෂයෙන් වස්කාලය තුළදී බොහෝ බෞද්ධයන් ඊට පෙළඹෙනුයේ නිරායාසයෙනි. ඒ වස්කාලය තුළ දී පින්කම්හි ගිහි පැවිදි දෙපක්ෂයම නිරතවීමෙන් ගමත් පන්සලත් අතර ආගමික සබඳතාවය, සුහදතාවය වර්ධනය කරන කාලයකි.

වස් ආරාධනාව සිදු කරන දායක පක්ෂයෙහි වස් කාලය පුරා විශේෂ අරමුණක්ද පවතී. එනම් වස් තුන් මස අවසන්හි උදාවන චීවර මාසයේදී විශේෂ පින්කම වන කඨින මහ පින්කම සිදු කිරීමය. වස්සච්ඡේදනය නොවන භික්ෂූන් වහන්සේ උදෙසා කඨින චීවර පූජාවක් සිදු කළ හැකි වන හෙයින් ඔත්පළවීමක් හො නොවැළැක්විය හැකි හේතුවක් නොවුවහොත් උපසපන් භික්ෂූන් වහන්සේ සිය වස් කාලය තුළ මනා අවබෝධයකින් පසුවනු ලැබේ. ඒ හේතුව නිසාම දායක පක්ෂයෙහි අපේක්ෂාවද ඉටුවනු ලැබේ.

බොහෝ පින්කම්වල ආනිශංස මෙලොවදීම ලබන අවස්ථා කොතෙකුත් ඇත. සමාජයට සේවය සැලසීමද පින්කමකි. එය පින්කමක් වන අයුරෙන් සිදු කළ යුතු ය. සමාජ සේවය වුවද ඉතා සුළුවෙන් ඇරඹිය හැකි මෙහෙවරකි. පොහොයදාට ගමේ මල් ඒකරාශීකර පන්සලට එන සැදැහැවතුනට පරිත්‍යාග කළ හැකි මල් දන්සැලක් පවත්වන්නේ යැයි සිතමු. එය පින්කමකට දායකවීම පමණක් නොව එවැන්නක් හුරු පුරුදුවීමෙන් සමාජයට මෙහෙව-රක්ද සිදුවේ. දකින බලන අයගේ ප්‍රසාදයට යොමු වේ. බොහෝවිට යහපත් ක්‍රියාවන්හි නිරත වන්නා ලජ්ජා, භය නිසාම අයහපතෙන් දුරු වේ.එමෙන්ම සමාජයේ පි‍්‍රයශීලී තැනැත්තකු බවට පත්වෙයි. එබඳු තැනැත්තා ගෞරවයට ද බඳුන් වේ. සමාජයෙන් එබඳු දෑ අපේක්ෂා නොකළ ද නිරන්තරයෙන් සමාජයේ පැසසුමට ලක්වේ.

වෙසෙසින් අපේ දරුවෝ දහම් පාසල් අධ්‍යාපනය ලබති. ඒ අතර බොහෝ දරුවන් එය දහම් පාසල් පොතට පමණක් සීමා නොකර දහම් පාසල කේන්ද්‍රකර ගනිමින් ආගමික වශයෙන් විවිධ මෙහෙවර සිදු කරති. කුඩා කල පටන් දරුවන් ඒ සඳහා යොමු කරවීම මඟින් රටේ අනාගතයට යහපත් දරු පරපුරක අවශ්‍යතාවය ද එමඟින් ඉටුවේ. එබැවින් ගුණයහපත් සමාජයක් තැනීමෙහි මූලික වගකීමක්ද දහම් පාසල සතුවේ.

 

     ‍නිකිණි පසළොස්වක පෝය

නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]