UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා රජමහා විහාරයේ සතිපිරිත් දේශනාව 24 දා සිට

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ලංකා ගමනය සිහිපත් කරමින් මිහින්තලා රජමහා විහාරයේදී වාර්ෂිකව පැවැත්වෙන සතිපිරිත් දේශනාව මේ මස 24 වනදා මිහින්තලා රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

ඉතිරිය»

බුද්ධ කාලයේ ප්‍රකට ශ්‍රාවක තෙරවරු

බුද්ධකාලීන ශාසනභාරධාරී ශ්‍රාවකශ්‍රාවිකා අපදාන නැතහොත් ජීවන චරිත පිළිබඳ වෘතාන්ත මෙන්ම පූර්වචරිත ඉතා ආකර්ෂණීය වන අතර ඔවුන්ගේ අපරිමිත මෙහෙවර ද වර්ණා විෂයාත්‍රික්‍රාන්ත වේ. අනේකවිධ දෘෂ්ටිවාදයන්ගේ කඩතුරාවෙන් වැසී ගිය භාරතීය ජන සමාජයට නව ධර්මයක් දේශනා කිරීමේ දි බුදුන් වහන්සේ විසින් ප්‍රථමයෙන්ම කරන ලද්දේ ඊට ප්‍රතිබල සම්පන්න ශ්‍රාවක පිරිසක් බිහි කිරීමය. තම ශ්‍රාවකයන් ව්‍යක්ත විනීත ප්‍රතිබල සම්පන්න පිරිසක් වන තුරු පිරිනිවන් පෑමේ අදහසක් තමාට නැති බව වරක් බුදුරදුන් විසින් ප්‍රකාශ කරනු ලැබීම මෙයට කදිම නිදසුනකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසරින් මිදී නිවනින් සැනසේ

විශ්වය , සත්වයා, පැවැත්ම යන ත්‍රිකෝණය කේන්ද්‍ර කරගෙන ඇතිවන තණ්හා ජාලය සත්වයාට අසීමිත දුකක් ගෙන දෙන්නේය. තම ආත්මභාව ආධ්‍යාත්මික ආයතන පිළිබඳව තණ්හාව උපදනා විට අන්තොජටා නම් වන්නේය. බාහිර ආත්ම භාව පිළිබඳ ආයතන තණ්හා උපදනාවිට බහිජටා නම් වන්නේය.

ඉතිරිය»

සම්බුදු පහස ලද මහියංගණ පුදබිම

මහියංගණ දාගැබ මහාවංසය අනුව ක්‍රිස්තු පූර්ව හය වන සියවස තෙක් අතීතයට දිව යයි. මෙම පුදබිම පිළිබඳ ජන ප්‍රවාදයේ එන කතාව මහාවංසයෙහි සඳහන් වෙයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කර එදින සවස්වරුවේ මහවැලි ගංතෙර පිහිටියා වූ මහානාග වනයෙහි රැස්ව සිටි යක්ෂ සමාගම මධ්‍යයෙහි වැඩ සිට පෙළහර පා අන්ධකාරයක් මවා ඔවුන් දමනය කළ ස්ථානයෙහි දැනට ඇති ස්තූපය ගොඩනංවන ලදී. (මහාවංසය පළමුවන පරිච්ඡේදය - ගාථා 1 - 43) “මහියංගණය සිංහල බින්තැන්න යන වචනයෙහි පාලි ස්වරූපයයි.

ඉතිරිය»

අනෝමා නදියෙන් එතෙර වීම සිතුවම - සරත් නන්ද කුමාර

 

   වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 17 වැනිදා ඉරිදා දවල් 12.00 ට ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 09.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 17 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 25 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]