UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

හිඟුරක්ගොඩ, කවඩුල්ල, අංක ච්,111/1 හි පදිංචි චෙනුලි සදිත්වා (අවු. 01) දියණිය දරුණු ශ්‍රවණාබාධිත තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඇය සුවපත් කර ගැනීම සඳහා ශල්‍ය කර්මයක් කළ යුතු බව දන්වා සිටියි. එම ශල්‍ය කර්මයට විශාල මුදලක් වැයවන බැවින් ඇයගේ මාපියෝ ඔබගේ ආධාරය බලාපොරොත්තු වෙයි. වැඩි විස්තර දුරකතන 0776060811 අංකයෙන් දැනගත හැකිය. ශල්‍ය කර්මය සඳහා ආධාර හිඟුරක්ගොඩ මහජන බැංකුවේ ගිණුම් අංක 006- 2001 – 9 – 0076189 දරන ගිණුමට බැර කළ හැක.
 


මහනුවර මැණික්හින්න වලල අංක 24/1 වාවින්න ලිපිනයේ පදිංචි මොනිකා ලියන්ජලී ඉලංගසිංහ (24) කොඳු ඇට පෙලේ ඇද වන රෝගයෙන් පෙළෙන අතර ඇයට ශල්‍යකර්මයක් කළ යුතු බව විශේෂඥවරුන් විසින් නිර්දේශ කර ඇත. ඉන්දියාවේ ඇපලෝ රෝහලේ සිදු කළ යුතු මෙම ශල්‍ය කර්මය හැකි ඉක්මණින් සිදු කිරීම කළ යුතු වන අතර ඒ සඳහා විශාල මුදලක් වැයවන බව දන්වයි. එම මුදල සොයා ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා ආධාර කළ හැකි පරිත්‍යාගශීලින් වේ නම් ආධාර (මව බී.ඒ. කුසුමාවතී) සම්පත් බැංකුවට මැණික්හින්න ශාඛාවේ විවෘත කර ඇති 118454687265 යන ගිණුමට බැර කරන ලෙස ඉල්ලා සිටියි. වැඩි විස්තර 0777530770 හෝ 0817402492 යන දුරකතන අංකවලින් විමසිය හැක.

 


වකුගඩුවක් බද්ධ කිරීමට නියමිතව ඇති ගුරු මහත්මියකට “ඕ පොසිටිව් “ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලියෙකු වේනම් දුරකතන අංක 0786140093,0112859149 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


පොකුනුවිට, වැලිකල වැලිමැදේවත්ත හි පදිංචි ටී.එම්. ශි‍්‍රයාන් ක්‍රිෂාන්ත (35) දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට ශල්‍යකර්මයක් කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි. ඔහුට ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් දුරකතන 0779410389 දන්වන ලෙස ඉල්ලීමක් කරයි. ඖෂධ සඳහා විශාල මුදලක් වැයවන බැවින් මුදලින් ආධාර කරන පින්වතුන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හොරණ ශාඛාවේ ගිණුම් අංක 027109003664 මුදල් බැර කරන ලෙසද ඉල්ලා සිටියි.


අංක 347, තලාතුඩුව පාර, කොග්ගල පදිංචි (52) පී.එච්.චන්ද්‍රලාල් දෙදරු පියෙකි. දියණියන් දෙදෙනා අධ්‍යාපනය හදාරති. මොහුට ස්ථිර රැකියාවක් නොමැති අතර වකුගඩු ආබාධයකින් ඉතා අසාධ්‍ය තත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබයි. ඔහුට ර්‍ණ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදීමට කැමති පරිත්‍යාගශීලියෙකු වේ නම් 0718251632 0776333395 දුරකථනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

වෛද්‍ය ප්‍රතිකාර හා පරීක්ෂණ සඳහා විශාල මුදලක් වැයවන බැවින් පරිත්‍යාගයක් කිරීමට කැමති අයට ලංකා බැකුවේ , කොග්ගල ශාඛාවේ පී.එච්. චන්ද්‍රලාල් නමින් ඇති අංක 1611517 ඉතිරිකිරීම් ගිණුමට මුදල් බැර කරන ලෙස ඉල්ලා සිටියි.


මහරගම පදිංචි ඩබ්ලිව්. ඒ. පියසිරි මහතා දරුණු වකුගඩු රෝගයට ගොදුරුව සිටියි. සතියට දෙවතාවක් ලේ පිරිසිදු කිරීමක් සිදුකරන අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය සී.ඒ. හේරත් මහතා නිර්දේශ කර ඇත්තේ ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු සිටී නම් දුරකථන අංක 0712220178 හෝ 0112846213 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

 


කඩවත, 3 වන පටුමග, සිම්පෝනියාවත්ත පාර අංක 11/5 හි පදිංචි කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ඊ,එච්. පයාගලගේ (අවු. 21) සිසුවිය දරුණූ වකුගඩු ආබාධයකින් පෙළෙයි. ඇයගේ ජීවිතය බේරා ගැනීමට “බී නෙගටිව්” ‘ඕ නෙගටිව්,” “බී” පොසිටිව් හෝ “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. මෙම වර්ගයේ වකුගඩුවක් ලබා දිය හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 0775417441 (ශ්‍රීමතී – මව) 0112926758 (නිවස) වෙත දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


කොළඹ මහ නගර සභාවට අමිල සේවයක් ඉටුකළ කේ. ඩබ්ලිව්. කේ. පේ‍්‍රමදාස මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර, ඉක්මණින් වකුගඩුවක් බද්ධකළ යුතුව ඇතැයි වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. ඔහුට ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළහැකි අයෙකු වේනම් දුරකතන 0777514631 ට දන්වන ලෙස ඉල්ලීමක් කැරේ.


යක්කල, කිඹුල්ගොඩ ,අංක 135/39 හි පදිංචි (52) ඩල්සි පෙරේරා මව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන හෙයින් ඇයට වකුගඩුවක් බද්ධ කළ යුතු බව වකුගඩු රෝග සම්බන්ධ වෛද්‍ය ඒ.එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. ඇයට “ර්‍ණ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 0715708186 දන්වන ලෙස ඉල්ලා සිටියි.


උකුවෙල (දකුණ) ගුරවෙල, අංක 23/ච් දරන නිවසෙහි පදිංචි බී.ජී. ඉන්ද්‍රානි කාන්ති යන අයට බී.පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ වෛද්‍ය ඒ.එ.ර්. වසි (ඛ) මහතාගේ නිර්දේශයයි. පරිත්‍යාගශීලින් වේනම් දුරකතන – 072- 6093587 ,072- 3274368 වැඩි විස්තර දැනගත හැක.

 

නවම් පසළොස්වක පෝය

නවම් පසළොස්වක පෝය පෙබරවාරි මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.32 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්වභාග 4.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]