UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර පසළොස්වක 2015.02.03

මා හැඟි යුතුකම

ගෞතම බුදුපියාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුළ සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේලා දෙනම වෙත අග්‍රශ්‍රාවක තනතුරු පිරිනමන ලද ඓතිහාසික දිනය සිහිපත් කැරෙන දිනය නවම් පුර පසළොස්වක දවසය.

ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ගුණ තම තමන්ගේ හදවත් තුළ තැන්පත් කර ගනිමින් ඒ අපරිමිත බුදුගුණ මොහොතක් පාසා සිහිපත් කළ හැකි ජීවිතයක් උදාකර ගැනීම අපේක්ෂාව විය යුතු ය. තථාගත බුදුපියාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ ප්‍රධාන තෙරුවන් ගුණ සිහි කළ තරමට ජීවිතයට එයම අස්වැසිල්ලක් මහා සැනසිල්ලක් හිමිවන බව බෞද්ධයා වෙත අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

බෞද්ධයා යනු මෙලොවට බිහිවීමට පෙර සිටම තෙරුවනෙහි ආශීර්වාදය ලබන්නෙකි. මව්කුස වෙසෙන සමයේ සිට නැතහොත්, ස්වකීය මව් කුස තුළ දරුවකු පිළිසිඳ ගත් බව දැනගත් දා පටන් විහාරස්ථානය වෙත ගොස් තෙරුවන් නැමැද මහ බෝ වන්දනා කර නිතර නිතර ප්‍රාර්ථනා කරනු ලබන්නේ කිසිදු කරදරයකින්, බාධාවකින් තොරව කුස තුළ සිටින දරුවා නිරුපද්‍රිතව මෙලොවට බිහි කිරීමට තෙරුවනෙහි ආශීර්වාදය ප්‍රාර්ථනා කරනුයේ ද සෙනෙහෙබර මව්පිය දෙපළ විසිනි.

බෞද්ධයා පරම්පරාවෙන් පරම්පරාවට එසේ උරුම කර ගත් සද්ගුණ දහම් අනුව ක්‍රියා කරමින් තමන් පමණක් නොව මෙලොවට බිහිවීමට සිටින දරුවා වෙත එම දරුවා මෙලොවට බිහිවීමට පෙර සිට ආශීර්වාද සිදු කරනුයේ වෙනත් පිහිටක්, පිළිසරණක් පතනවාට වඩා තුනුරුවනෙහි ආශීර්වාදය, ආරක්ෂාව නිරතුරුවම අපේක්ෂා කළ හෙයිනි.

දරුවා මෙලොවට බිහිවූවාට පසුව පවා පළමුව විහාරස්ථානයට රැගෙන ගොස් බෝ සෙවනෙහි සුවය ගෙන දෙන්නට අද පවා බොහෝ දෙමාපියන් කටයුතු කරනුයේ දරුවා අනාගතයේ දී ගුණ යහපත් දරුවකු ලෙස ද දකිනු ලැබීමේ අපේක්ෂාවෙනි.

කුඩා කල ගෙවා ඇති දැඩි වන දරුවා නිසි විය පැමිණි කල ලබන අධ්‍යාපනයට යොමු වී යහපත් මව්පිය අපේක්ෂාවන් සාර්ථක කිරීමට දරුවාද උනන්දු විය යුතු ය. මෙලොව වෙසෙන සෑම මවකට මෙන්ම පියෙකුටද මෙලොව වටිනාම සම්පත දරු සම්පතය. දරුවන් හදන වඩන, ඇති දැඩි කරන සෑම අම්මා කෙනෙක් මෙන්ම සෑම පියෙක්ම දරුවා තුළින්ද යම් අපේක්ෂාවක් ඇති කර ගනී. එම අපේක්ෂාව සාර්ථක කිරීමට කටයුතු යෙදීම දරුවා සතු වන වගකීමය.

මව්පියවරුන්ගේ යහපත් අපේක්ෂා දරුවන් විසින් භංගත්වයට පත් කිරීමට හෝ පත්වීමට කටයුතු කරන්නේ නම් එබඳු කටයුතු පිළිබඳව බොහෝ මව්පියවරු අසතුටු වෙති. මව්පියවරුන්ගේ යහපත් අපේක්ෂා මුදුන් පත් කර ගැනීමට දරුවන් ක්‍රියාකරන විට එබඳු දරුවන් වෙත මව්පියන්ගේ ආශීර්වාදයද නිරන්තරයෙන් හිමි වේ.

දරුවා ගතින් මෙන්ම සිතින් ද වැඩී ගුණ යහපත් දරුවකු වී මවට, පියාට, ගරු කිරීම, පිදීම කළ යුතුමය. තමා මෙලොවට බිහිකළ මවටත්, තමා හදා වඩා ඇති දැඩි කිරීමට උදව් කළ පියාටත් නොසලකා වෙනත් සැලකිය යුත්තෙක් නොවන බව අමතක කළ යුතු නොවේ. කලාතුරකින් හෝ ඇතැමි දරුවෙක් හැදී වැඩී සමාජයට පිවිසි කල්හි ස්වකීය මව්පිය දෙපළට ඉටු කළ යුතු යුතුකම් අමතක කරනු ලැබේ. එබඳු මොහොතක දයාබර මව්පිය දෙපළ මහා කනගාටුවකට, වේදනාවකට පත්වීමද නොවැළක්විය හැක්කකි. එබැවින් ගුණවත් දරුවා කිසිවිට සිය මව, පියා රැක බලා ගැනීමට අමතක නොකරයි.

මවට පියාට සැලකීම සිදු කළ යුත්තේ ඒ මව්පිය දෙපළ මෙලොව ජීවත්ව සිටියදීමය. එසේ සැලකීම අතපසු කිරීමෙන් එවැනි දරුවකුට මව්පියවරුන්ගෙන් නිසි ආශීර්වාදයවත්, හිමි නොවනු ඇත. මවගේ පියාගේ හෝ වසරකට වරක් උදාවන ජන්ම දිනයේ දී හෝ වෙනත් සිහි කටයුතු දිනකදී පමණක් නොව මව, පියා වෙනුවෙන් ජීවිතාන්තය දක්වාම සැලකීම ඇප උපස්ථාන කිරීම, සංග්‍රහ කිරීම සොයා බැලීම දරුවා සතු වගකීම වේ.

ඇතැම් විට කලාතුරකින් හෝ ඇතැම් දරුවකුට තම මව්පිය අගය, ගුණය වැටහෙනුයේ තමන්ද මව්පිය පදවිය ලද දාටය. නැතහොත් ඒ මව්පියවරු මෙලොවින් සමුගත් දාටය. එබැවින් මවගෙන්, පියාගෙන් කිසිවක් නොලැබුවත් මනුෂ්‍යයකු ලෙස මෙලොව බිහිවීමෙන් පසු අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ආරක්ෂා කර ගැනීමට මව්පිය දෙපළ කළ කැප කිරීම පමණක් සිතා බැලුවද මව්පියවරුන් වෙත සැලකීමට එයම පමණක් වුවද ප්‍රමාණවත් වන බව සිහිකළ යුතු ය. එවන් සද්ක්‍රියාවන් ගැන නිරන්තරයෙන් අවධානයෙන් පසුවිය යුත්තේ දරුවන්මය.

 

නවම් පසළොස්වක පෝය

නවම් පසළොස්වක පෝය පෙබරවාරි මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.32 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්වභාග 4.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]