UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වැරැදීම් හදා ගත්තොත් ජයග්‍රහණය අපටයි

පසුගිය මැයි මාසයෙන් ආරම්භ වූ සම්බුද්ධත්ව ජයන්ති වසරේ අප මේ ගෙවමින් සිටින්නේ මැද භාගයයි. එවන් උතුම් වසරක දකින්නට ,අසන්නට ලැබෙන්නේ මොනවාද?

අලුයම පිබිදුණු මොහොතේ පටන් සෑම විද්‍යුත් නාළිකාවකින්ම පාහේ අසන්නට , දකින්නට ලැබෙන්නේ දෙසවන් පිනවන , මනැස පිරිසුදු කරන පිරිත් දෙසුම්ය. ඒ හැරෙන්නට දවස පුරා බෞද්ධාගමික වැඩසටහන්වලට සවන්දීමට හා නැරැඹීමටද අපට අවස්ථාව ලැබී ඇත. මෙවැනි පසුබිමක් තිබියදී පවා අපරාධ අඩුවී ඇති බවක් නොපෙනෙයි. නන් දෙසෙන් නොයෙක් ආකාරයේ අපරාධ පිළිබඳ දිනපතා වාර්තා වෙයි. ඒ අනුව කොතැනක හෝ අපට වැරැදී ඇති බව පැහැදිලිය. එම වැරැදි තැන් නිවැරැදි කර ගන්නා තුරු මේ අපරාධ මැඬ පැවැත්වීම පහසු නොවනු ඇත.

අපට වැරැදුණේ කොතැනද? බෞද්ධයන් ලෙස අපට වැරැදුණු ප්‍රධාන තැනක් වන්නේ භික්ෂූ අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පටලවා ගැනීමයි. විශ්ව විද්‍යාලයක ප්‍රධානම අරමුණක් වන රැකියාව සඳහා ලබාදෙන අධ්‍යාපනය පිරිවෙන් සදහාත් ආකර්ෂණය විය. තම ගම් පියසට සේවය කිරීමේ අරමුණ අභඹවමින් භික්ෂූන් වහන්සේද මේ තරගකාරී අධ්‍යාපන රටාවට මැදිවූහ. මෙය සැබැවින්ම කනගාටුදායකයි. පිරිවෙන් සරසවි මට්ටමට උසස් කිරීම කළ යුතුව තිබුණේ පෙර පැවැති ආකාරයට භික්ෂූන් වහන්සේගේ මූලික අරමුණු ඉටුවන අයුරිනි. එහෙත් එවැන්නක් සිදුනොවීම අවාසනාවකි.

භික්ෂූ අධ්‍යාපනයද විෂය මූලික අධ්‍යාපනයක් කරා යොමු විය. ත්‍රිපිටකය, පාලි හා සංස්කෘත ආදි භාෂා ගැන භික්ෂූන් වහන්සේගේ තිබු දැනුම වර්ධනය විය යුතුව තිබුණි. රට දැය සසුන ගැන හැඟීමක් ඇති වන්නේ එවිටයි.

අපේ රටේ ශ්‍රී විභූතිය රැදී තිබුණේ ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි යන සංකල්පය මතයි. පන්සලේ හාමුදුරුවන්, වෙදමහත්තයා, විදුහල්පතිවරයා, නැතිනම් ඉස්කෝලේ මහත්තයා, එමෙන්ම ගම්මුලාදෑනියා වැනි අයට ගමේ උදවිය විශේෂ ගෞරවයෙන් සැලකූහ. මේ අය ගම ගැන හොඳින් දන්නා පිරිසයි. පන්සල ඇසුරෙන් ගුරුහරුකම් ලබාගෙන, එක් එක්කෙනාට දුකේදී පිහිටවෙමින් ජීවත් වූ ගමේ අය අතර තිබුණේ පුදුමාකාර සමඟියකි. මේ තත්ත්වය වෙනස් වීමට හේතු මොනවාද?

භික්ෂූන් වහන්සේ උසස් අධ්‍යාපනය ලැබීම ඉතාම හොඳයි. එහෙත් ගම සමඟ ඇති බැඳීම ගිලිහෙන්නට නොදී ගමේ පිරිස ගැන සොයාබැලීමට අවකාශ සලසා ගත යුතුයි. බාල, තරුණ, මහලු පිරිසට තමන්ගේ කාරුණික ඇසුර ලබාදීම අවශ්‍යයි. එහෙත් ඇතැම් භික්ෂූන් වහන්සේට ගමේ පිරිස් ගැන සොයා බැලීමට අවකාශ නොතිබුණි. මේ නිසා සිදුවූයේ ගමේ දායකයා පන්සලෙන් ඈත් වීමයි. භික්ෂූන් වහන්සේට ලැබිය යුතු ගරුත්වයද නොලැබී යන තත්ත්වයට පත්වීමට මෙයත් එක් හේතුවක් විය .අපට වැරැදුණු ප්‍රධානම කරුණක් මෙන්ම වහ වහාම නිවැරැදි කර ගත යුතු කරුණක් නිසා ඒ ගැන සලකා බලමින් පැවිදි, ගිහි සබඳතාව වඩාත් තහවුරු කළ යුතුය.

දායකයා පන්සලෙන් ඈත්වීම නිසා කරුණාව, දයාව, මෛත්‍රිය සහ අනුකම්පාව වැනි ගුණධර්ම ඔවුන්ගේ සිත්වලින් ඉවතට විසිවී යන්නට ඉඩ ලැබිණි. මේ නිසා තරුණ පිරිස් පහසුවෙන් වැරැදි ක්‍රියාමාර්ගවලට යොමු කරගන්නටද හැකිවිය.

1971 දී කැරැල්ල ඇතිවීමටද බලපෑවේ තරුණ පිරිසේ මේ නොදැනුම්වත්කමයි. වෛරී දේශපාලනය ගමට පැමිණුනි. සමගිය සමාදානය ඈත්වී බෙදීම් ඇති විය. අසල්වාසීන් අතර පමණක් නොව එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර පවා දේශපාලන ගැටුම්, පලිගැනීම් ඉස්මතු විය. පන්සලටත් දේශපාලනය පැමිණුනි. පන්සල සමඟ ගැටුම් ඇති කර ගැනීම් සිදු නොවුණද යටි සිතෙන් පන්සලත් සමඟ ගැටුම් ඇති විය. අවසාන ප්‍රතිඵලය දේශපාලනය නිසා පැවිදි, ගිහි පිරිස් අතරද බෙදීම් ඇතිවීමයි.

දේශපාලන මතය කුමක් වුවද අපගේ සමඟිය සමාදානය, කරුණාව සහ මෛත්‍රිය රැක ගන්නට තිබුණි. එහෙත් දේශපාලන මතය ඒ සියල්ල අභිබවා යෑම සිදුවිය. පක්ෂය, පාට කුමක් වුවද අපේකම, බෞද්ධකම රැක ගත යුතුය යන අදහස මුල් බැස ගෙන තිබුණි නම් මේ ගැටුම් හට නොගන්නට තිබුණි.

ඒ සමඟම රටෙහි ආර්ථිකය විවෘත කිරීම සිදුවිය. විවෘත ආර්ථිකයේ අරමුණ වූයේ කෙසේ හෝ මුදල් සෙවීමයි. අපේ පැරැණි සමාජයෙහි එවැන්නක් නොතිබුණි. මුල් තැන දුන්නේ මුදලට නොව සාරධර්ම හා ගුණධර්ම ආරක්ෂා කර ගැනීමටයි. අපට තිබුණේ අල්පේච්ඡ ජීවිතයකි. අපේ අවශ්‍යතා සීමා වී පැවැතිණි.

එහෙත් විවෘත ආර්ථිකයත් සමඟ මුදල් දේවත්වයෙහි ලා සලකන තත්ත්වයට සමාජය වෙනස් විය. මිනිසත්කම පසෙක ලමින් මුදලටම මුල් තැන දුන් අතර සංස්කෘතිය, සාරධර්ම මේ සියල්ල ක්‍රමයෙන් සෝදාපාළුවට ලක්වන්නට විය. යහමින් මුදල් තිබෙන තැනැත්තෝ රූපවාහිනි නාළිකා ඇරැඹූහ. තවත් අයෙක් ගුවන්විදුලි නාළිකා ඇරැඹූහ. මේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නේ මොනවාදැයි සෙවීමට නිසි වැඩපිළිවෙළක් නොවූ අතර ඒවායේ හිමිකරුවන්ට වුවමනා වූයේද මුදල් පමණි. මේ මාධ්‍ය ඔස්සේ ඉතාම හොඳ සමාජයට වැඩදායි වැඩසටහන් විකාශනය වූවා සේම සමාජයට වින කරන වැඩසටහන්ද විකාශය විය. අහිතකර වැඩසටහන් විකාශය වීම වැළැක්වීම සඳහා නිසි පියවරක් ගැනුණේ නැත.

උපකාරක පන්ති, නැත්නම් ටියුෂන් පටන් ගැනීමද සිදුවිය. එහිද කිසිදු ප්‍රමිතියක් නැත. ඕනෑම කෙනකුට ටියුෂන් පන්තියක් දැමීමට හැකියාව ඇත. සාමාන්‍ය පෙළ විභාගය සමත් නැති අයකුට වුවද මේ අනුව සාමාන්‍ය පෙළ විභාගය සඳහා ළමයින්ට ඉගැන්වීමේ ඉඩ ලැබේ. එමෙන්ම ජාත්‍යන්තර පාසල්ද බිහිවිය. සමහර ජාත්‍යන්තර පාසල්වල ප්‍රමිතියක් නැත. ඉංගී‍්‍රසි භාෂාව මූලිකත්වයෙහිලා කටයුතු කිරීම එහි අරමුණයි. මුදලට ඉගැන්වීමයි එහිදී සිදු කෙරෙන්නේ ගුරුවරුන් දෙවිවරුන් හැටියට අපේ සමාජය සැලකුවද . අද ඒ දෙවිවරුන් මුදලාලිවරුන් වී ඇත.

ඇතැම් විද්‍යුත් මාධ්‍ය අසීමිත ආශාවන් කරා ජනතාව යොමු කරයි. පැවිදි, ගිහි දෙපාර්ශවයම සිවුපසය පමණ දැන පරිභෝග කළ යුතු වුවද මාධ්‍ය මඟින් ලබාදෙන වෙළෙඳ ප්‍රචාරණයට රැවටී අපේ බොහෝ දෙනකු දුවන්නන් වාලේ දුවගොස් ඇත. කලක් තිස්සේ රටෙහි මේ විපර්යාසය සිදුවිය. ප්‍රධාන පෙළේ කාර්යාලයකට ගොස් සිංහලෙන් කතා කිරීම පවා මදිකමක් ලෙස අද ඇතැම්හු සලකති. සැබැවින්ම සමහර අවස්ථාවල සිංහල කමට තැනක් නොලැබෙන බවද කිව යුතුයි.

වෙළෙඳපොළ වර්ධනයත් සමඟ සිංහල බෞද්ධකම , සිංහල, කෑම බීම සහ ඇඳුම් පැලඳුම් හෙළයන්ට නුසුදුසුයි යන මානසිකත්වයක් බිහිවිය. මේ තත්ත්වය එතැනින් නතර නොවීය. ජනතාව පොත පතෙන් ඈත් වීමද එහි ප්‍රතිඵලයකි. මේ නිසා සාහිත්‍ය කලාව අන්තයටම පිරිහෙන තත්ත්වයකට පත්විය. පොත පතෙන් ජනතාව ඈත්වීමේ වාසිය අත්වූයේ විදේශීය යුරෝපා රටවලටය.

ජනතාවගේ නුවණ පිරිහෙන්නට වීම වාසියට ගනිමින් ඔවුන්ට මහා ජාතිවාදී කෝලාහල ඇති කිරීමට හැකිවිය.අපේ රටත් ඒ යුද්ධයට මැදිවිය. තිස් වසරක්ම අපට ඒ යුද්ධයෙන් බැටකන්නට සිදුවිය. පසුගිය තිස්වසරක පුවත්පතක, ගුවන්විදුලියේ, රූපවාහිනියේ සිරස්තලය බවට පත්වූයේ බෝම්බ පිපිරීමක් , ගම්මානයකට පැන පහරදී ඝාතනය කිරීමක් වැනි සිදුවීමකි. මරණය සාමාන්‍ය සිදුවීමක් බවට පත්විය. මේ නිසා ඊර්ෂ්‍යාව, වෛරය සහ ක්‍රෝධය වැනි දුර්ගුණ අපේ ජනතාවගේ සිත් තුළට කාවැදුණි. ඕනෑම සුළු දේකටත් ඇනකොටා ගන්නා තත්ත්වයක් ඇති විය. අදත් මේ තත්ත්වය අප අතර තිබේ.

තමන්ගේ අය වැය ගැන සැලකිල්ල නැතිව යෑමද සිදුවිය. කෙසේ හෝ මුදල් උපයා ගැනීම අවශ්‍ය නිසා දාමරිකයන් හා මැරකල්ලි බිහිවීම සිදුවිය.

මේ තත්ත්වය දුරැලීමට නම් විදේශයන්ට ගැති වහල් මානසිකත්වයද නැති කළ යුතුයි. විශේෂයෙන්ම අපේ කමට ගරු කිරීම හුරු කිරීම අවශ්‍යයි. ඒ සඳහා කරුණාව, මෛත්‍රිය සහ සමඟිය වැනි ගුණාංග වර්ධනය කරගත යුතුයි. එම ගුණාංග මතුකර ගත හැකිවන්නේ බෞද්ධකමට හා හැදියාවට ප්‍රමුඛතාව දීමෙනි.

එසේම මාධ්‍ය මඟින්ද මේ සදහා විශාල කර්තව්‍යයක් ඉටු කළ යුතුවේ. අද මාධ්‍යයේ ප්‍රධානම කාර්යයක් බවට පත්ව ඇත්තේ අපරාධ සහ ඝාතන ආදිය රසවත් ලෙස මතුකර ඉදිරිපත් කිරීමයි. පුවත්පතේ අලෙවිය සඳහා එසේ කළද, අවම වශයෙන් අපරාධකරුවන්ට ලබාදෙන දඬුවම් ගැන හෝ පැහැදිලිව විග්‍රහ කළ යුතුයි. අවම තරමෙන් වරදට බියක් හෝ එමඟින් ඇතිවනු ඇත.

ැතැම් විහාරස්ථානවලින් ඉටු කැරෙන්නට වුවමනා වගකීම් හා යුතුකම් ද ගිලිහී ගොස් ඇත.

විභාග සමත්වීමෙන් පමණක් සෑහීමට පත්වන සංස්කෘතියකට අද අපේ ඇතැම් විහාරස්ථානයන්හි භික්ෂූන් වහන්සේ පත්ව සිටීම මහ කනගාටුදායකය. විභාගයක් සමත් වීමෙන් පමණක් තමන්ගේද රටෙහිද ගුණධර්ම වර්ධනය සිදුනොවේ. ගුණධර්ම අදහන සමාජයක් සකස් කර ගැනීම සිදුවිය යුතුය.

විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනයට පැවිදි , ගිහි, දෙපිරිසම යොමු කළ යුතු වුවද පැවිදි පක්ෂයෙන් ඉටුවන්නට සුදුසු යුතුකම් හා වගකීම් ගැනද මනා අවබෝධයක් ලබා දීම සිදුවිය යුතුය.

විහාරස්ථානයේ මූලික කාර්යය විය යුත්තේ ජනතාව සුමඟට යොමු කිරීමයි. මේ සඳහා හොඳම ස්ථානයක් වන්නේ දහම් පාසලයි. දහම් පාසලට දරුවකු යවා ගන්නට නොහැකි වවන තරමට අද වන විට දරුවන් ඉරිදා දිනවලදීත් ටියුෂන් පන්තිවලට යවනු ලබයි. ඉරිදා උදය වරුවේ අපේ දූ දරුවන්ට දහම් පාසල් යෑමට අවස්ථාව සලසා දීමට අප සියලු දෙනා එක්වම පියවර ගැනීම අවශ්‍යය. අපේ සංස්කෘතිය යුරෝපා සංස්කෘතියට සමාන කළ නොහැකිය. එබැවින් අපට උරුම හැදියාව පවත්වාගැනීමට සඳහා දරුවන්ට කුඩා කල සිටම දහම් අධ්‍යාපනය ලබා දිය යුතුවේ.

අප වෛද්‍යවරයකු බිහි කිරීමට උත්සාහ කරන්නේ ඇයි? ඉංජිනේරුවෙකු බිහි කිරීමට උත්සාහ දරන්නේ ඇයි? ඊට අදාළ වන හේතු කාරණා ගැන අපි හොඳින් දනිමු. එහෙත් අප භික්ෂූන් වහන්සේ නමක බිහි කරන්නේ ඇයි? දොස්තරවරයකු, ඉන්ජිනේරුවරයකු බිහිකිරීමට හේතු පැහැදිලිව දැන ගත්තත් භික්ෂූන් වහන්සේ නමක බිහිකළ යුත්තේ ඇයිද යන්න ගැන බොහෝ දෙනා නොදැනීම කනගාටුවට කරුණයි. ශාසනය රැක ගැනීමටත්, ඒ තුළින් රටේ හැදියාව නැංවීමටත් පුරෝගාමී වන්නේ භික්ෂුන් වහන්සේයි. එබැවින් අප ඒ කාරණාවත් සිතට ගත යුතුය.

අපගේ මුතුන් මිත්තන් එළවළු, පළතුරු වගා කළේ රසායනික තෙල් බෙහෙත් යොදා නොවේ. රටේ දේශගුණයට පසට ගැළැපෙන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔවුනට ඒ සඳහා තිබුණි. ඒ ආදි සියල්ල බැහැර කොට බටහිර ආකල්ප අනවශ්‍ය ලෙස කාවද්දා ගැනීම අපේ පරිහානියට හේතුවයි.

අප අවශ්‍ය දේ පමණක් ළංකර ගැනීම ප්‍රමාණවත්ය. නව තාක්‍ෂණය උපයෝගී කරගෙන අපගේ අනාගතය හැඩ ගස්වා ගැනීම වැදගත් වන නමුදු තෝරා බේරා ගැනීමකින් තොරව සියලු දේම කර පින්නා ගැනීම නිසා අපේකම සංස්කෘතිය සියල්ල පිරිහීමට පත්වේ. රටේ ජනතාව රෝගීන් වීමද මේ තෝරා බේරාගැනීමක් නැතිකමේ ප්‍රතිඵලයකි. කායික මෙන්ම මානසික නිරෝගීකමද රැක ගැනීමට නම් අවශ්‍ය දේ මොනවාද අනවශ්‍ය දේ මොනවාද යන්න වටහා ගැනීමේ ශක්තිය අපට තිබිය යුතුයි.

අපේ රටේ වත්මන් නායකත්වය ජාතික ඇඳුමට ගරු කිරීම අගය කළ යුතුයි.ආගම, දහමට ගරු කිරීම මුල සිට ඇරැඹීමට අප කටයුතු නොකළහොත් අපේ විනාශය අපම ළඟා කර ගන්නා බව සිහි තබා ගත යුතුයි. අපේ වැරැදුණු තැන් හදාගැනීම පන්සලෙන්ම ආරම්භ කිරීම වටී.

මේ අතර අපේ ඇතැම් විහාරස්ථානවලින් ඉටු කැරෙන්නට වුවමනා වගකීම් හා යුතුකම් ද ගිලිහී ගොස් ඇත. විභාග සමත්වීමෙන් පමණක් සෑහීමට පත්වන සංස්කෘතියකට අද අපේ ඇතැම් විහාරස්ථානයන්හි භික්ෂූන් වහන්සේ පත්ව සිටීම සැබැවින්ම කනගාටුදායකය. විභාගයක් සමත් වීමෙන් පමණක් තමන්ගේද රටෙහිද ගුණධර්ම වර්ධනය සිදුනොවේ. ගුණධර්ම අදහන සමාජයක් සකස් කර ගැනීම සිදුවිය යුතුය.විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනයට පැවිදි , ගිහි, දෙපිරිසම යොමු කළ යුතු වුවද පැවිදි පක්ෂයෙන් ඉටුවන්නට සුදුසු යුතුකම් හා වගකීම් ගැනද මනා අවබෝධයක් ලබා දීම සිදුවිය යුතුය.

විහාරස්ථානයේ මූලික කාර්යය විය යුත්තේ ජනතාව සුමඟට යොමු කිරීමයි. මේ සඳහා හොඳම ස්ථානයක් වන්නේ දහම් පාසලයි. දහම් පාසලට දරුවකු යවා ගන්නට නොහැකි වන තරමට අද වන විට දරුවන් ඉරිදා දිනවලදීත් ටියුෂන් පන්තිවලට යවනු ලබයි. ඉරිදා උදය වරුවේ අපේ දූ දරුවන්ට දහම් පාසල් යෑමට අවස්ථාව සලසා දීමට අප සියලු දෙනා එක්ව පියවර ගැනීම අවශ්‍යය. අපේ සංස්කෘතිය යුරෝපා සංස්කෘතියට සමාන කළ නොහැකිය. එබැවින් අපට උරුම හැදියාව පවත්වාගැනීම සඳහා දරුවන්ට කුඩා කල සිටම දහම් අධ්‍යාපනය ලබා දිය යුතුවේ.

අප වෛද්‍යවරයකු බිහි කිරීමට උත්සාහ කරන්නේ ඇයි? ඉංජිනේරුවෙකු බිහි කිරීමට උත්සාහ දරන්නේ ඇයි? ඊට අදාළ වන හේතු කාරණා ගැන අපි හොඳින් දනිමු. එහෙත් අප භික්ෂූන් වහන්සේ නමක බිහි කරන්නේ ඇයි? දොස්තරවරයකු, ඉන්ජිනේරුවරයකු බිහිකිරීමට හේතු පැහැදිලිව දැන ගත්තත් භික්ෂූන් වහන්සේ නමක බිහිකළ යුත්තේ ඇයිද යන්න ගැන බොහෝ දෙනා නොදැනීම කනගාටුවට කරුණයි. ශාසනය රැක ගැනීමටත්, ඒ තුළින් රටේ හැදියාව නැංවීමටත් පුරෝගාමී වන්නේ භික්ෂුන් වහන්සේයි. එබැවින් අප ඒ කාරණාවත් සිතට ගත යුතුය.අපගේ මුතුන් මිත්තන් එළවළු, පළතුරු වගා කළේ රසායනික තෙල් බෙහෙත් යොදා නොවේ. රටේ දේශගුණයට පසට ගැළැපෙන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔවුනට ඒ සඳහා තිබුණි. ඒ ආදි සියල්ල බැහැර කොට බටහිර ආකල්ප අනවශ්‍ය ලෙස කාවද්දා ගැනීම අපේ පරිහානියට හේතුවයි.

අප අවශ්‍ය දේ පමණක් ළංකර ගැනීම ප්‍රමාණවත්ය. නව තාක්‍ෂණය උපයෝගී කරගෙන අපගේ අනාගතය හැඩ ගස්වා ගැනීම වැදගත් වන නමුදු තෝරා බේරා ගැනීමකින් තොරව සියලු දේම කර පින්නා ගැනීම නිසා අපේකම සංස්කෘතිය සියල්ල පිරිහීමට පත්වේ. රටේ ජනතාව රෝගීන් වීමද මේ තෝරා බේරාගැනීමක් නැතිකමේ ප්‍රතිඵලයකි. කායික මෙන්ම මානසික නිරෝගීකමද රැක ගැනීමට නම් අවශ්‍ය දේ මොනවාද අනවශ්‍ය දේ මොනවාද යන්න වටහා ගැනීමේ ශක්තිය අපට තිබිය යුතුයි.

අපේ රටේ වත්මන් නායකත්වය ජාතික ඇඳුමට ගරු කිරීම අගය කළ යුතුයි.ආගම, දහමට ගරු කිරීම මුල සිට ඇරැඹීමට අප කටයුතු නොකළහොත් අපේ විනාශය අපම ළඟා කර ගන්නා බව සිහි තබා ගත යුතුයි. අපේ වැරැදුණු තැන් හදාගැනීම පන්සලෙන්ම ආරම්භ කිරීම වටී.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 09 වනදා සිකුරාදා අපර භාග 06.26 ට ලබයි.
10 වනදා සෙනසුරාදා අපරභාග 08.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 18 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]